- භාරතයේ පැරණිම ගායන ශෛලියකි.
- ග්වාලියර්හි රාජා මාන් සිං විසින් මෙම ගායන ශෛලිය ප්‍රචලිත කර ඇත.
- ආගමික මුහුණුවරක් හා ගාම්භීර රසයකින් යුක්ත වන ගායන ශෛලියකි.
- විලම්බ ලයෙන් ගයනු ලැබේ
- ගී පද වලට මුල් තැන දෙන අතර රාගයක් ඇසුරු කරගෙන නිර්මාණය කරනු ලබයි.
- රාගයේ ශුද්ධ බාවර රකිනු ලබයි.
- චෞ තාලය බාවිතා කර ඇති අතර රුද්‍ර,බ්‍රහ්ම ආදී තාලද භාවිතා කරනු ලබයි.
- පක්වාජය තාල වාදනය සදහා ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබයි.තවද මෘදංගයද යොදා ගනී.
- මධ්‍යලාප,තානාලංකාර භාවිතා නොකරන අතර ගීතය දෙතුණ තෙගුණ සිව් ගුණ සය ගුණ ආදී වශයෙන් ගයනු ලබයි.නමුදු තාලය වෙනස් නොකරයි.(සමගුණයි.)
- තිහායි යොදා ගයනු ලැබේ.
- නෝම් තොම් ආලාපයකින් අරඹයි.
- හින්දි උර්දු පංජාබ ආදී භාෂා වලින් අචනා වී ඇත.
- ධ්‍රැපද් ගායන ශෛලිය ගයන්නන් “කගාවන්ත“ නමින් හදුන්වයි
- ඔවුන මනා තාල ඥානයක්,ස්වර ඥානයක්,ඛණ්ඨ ධ්වනියක් යුක්ත අය වෙති.
- මෙම ගායන ශෛලිය වාණි හෙවත් කුල 4කට බෙදේ. එනම්
- ගෞඩි වාණි
- නෞභාර වාණි
-ඩාගුර් වාණි
-ඛණ්ඩාර් වාණි නම් කුලයන් ය.
- අක්බාර් රාජ සබාවේ තාන්සේන් මෙම කලාව ප්‍රචලිත කර ඇත.
- නායක් ගොපාල්,භෞචි භෞරා,හරිදාස් ස්වාමි ,වශීර් ඛාන් දක්ෂ ගායකයෝ වෙති.