ධම්මදින්නා මහරහත් තෙරණිය

ධම්මදින්නා උපන්නේ මගධයේ ධනවත් පවුලක ය. ඇය විවාහ වී සිටියේ විශාක නම් ධනවත් සිටුවරයෙක් සමඟ ය. ඔහු බිම්බිසාර රජුගේ මිතුරෙකි.

ධම්මදින්නා මහරහත් තෙරණිය
උපත
මගධය
රැකියාවභික්ෂුණි
තනතුරධර්ම කථික භික්ෂුණීන් අතර අග්‍රස්ථානය

විශාකද බුදුරදුන්ගේ අනුගාමිකයෙකු වූ අතර දිනක් බුදු බණ අසා අනාගාමී විය. එබැවින් ධම්මදින්නා ද බුදූන් අනුගමනය කළ අතර ඇය භික්ෂුණියක් බවට පත් වී ඉක්මනින්ම අර්හත් විය . එතුමිය ඒ කාලයේ බුදුන්ට සමාන ලෙසම මිනිසුන්ට ධර්මය ඉගැන්වීම සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ධියට පත් වූවාය. මේ හේතුව නිසාම බුදුන් වහන්සේ ධර්‍මය ඉගැන්වීමෙහි ප්‍රමුඛයා ලෙස ධම්මදින්නට ගෞරව කළහ .