නිව්යෝක් නගරයේ වාසය කරන සැම්සන් සහ ඔහුගේ මිතුරන් සැම්සන්ගේ පුතු වන රයන් සොයා ගැනීම සදහා වනාන්තරය වෙත ගමන් කරති கஜாரை வெறுக்கிறேன் காட்டெருமை தொடர்கள் ஃபாக்ஸ் அனிமேஷன் தி வைல்ட் 2.

අධ්‍යක්ෂණය ස්ටීව් “ස්පැස්” විලියම්ස්
නිෂ්පාදනය ක්ලින්ට් ගෝල්ඩ්මන්
රචනය එඩ් ඩෙක්ටර් සහ ජෝන් J ස්ට්‍රව්ස්, මාක් ගිබ්සන් සහ ෆිලිප් හැල්ප්‍රින්
චර්ත නිරූපණය
කීෆර් සදර්ලන්ඩ්
ජිම් බෙලුෂි
ග්‍රේග් සිප්ස්
එඩී ඉසාඩ්
ජේනීන් ගැරොෆැලෝ
රිචඩ් කින්ග්
විලියම් ෂැට්නර්
පැට්රික් වෝබර්ටන්
බොබ් ජෝල්ස්
ක්‍රිස් එඩ්ගර්ලි
ඩොන් චෙරී
බෙදාහැරීම වෝල්ට් ඩිස්නි චිත්‍රපට සමාගම, බොන විස්ටා චිත්‍රපට සමාගම
නිකුත් කල දිනය 2006 අප්‍රේල් 14 (ඇමරිකා එක්සත් ජනපදය)
දිවෙන කාලය විනාඩි 94 කි.
භාෂාව ඉංග්‍රීසි
වියදම ඩොලර් මිලියන 80

ද වයිල්ඩ් චිත්‍රපටය ස්ටීව් “ස්පැස්” විලියම්ස් විසින් අධ්‍යක්ෂණය කරන ලද, ක්ලින්ට් ගෝල්ඩ්මන් විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් වන අතර 2006 අප්‍රේල් 14 වන දින එක්සත් ජනපදයේදී වොල්ට් ඩිස්නි සමාගම විසින් එලි දක්වන ලදී. මෙයින් සහය නිෂ්පාදනය සදහා ජෝන් බර්ටන් සහ C.O.R.E. Feature Animation ආයතනය මගින් සිදු කරන ලදී.

කථා සාරාංශය සංස්කරණය

නිවුයෝර්ක් සත්ව උද්‍යානයේ තාරකාව වන සැම්සන් නම් සිංහයා turtle shelling තරඟයක් අතරතුර ඔහුගේ පුතු වු රයන්ගේ ක්‍රියාවක් හේතුවෙන් ලැජ්ජාවට පත් වන අතර ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර ආරවුලක් හටගනී. රයන් පැන යන අතර බලාපොරොත්තු නොවන පරිදි ඔහු නැවක් මගින් මුහුද හරහා ගෙන යනු ලැබේ. සැම්සන් ඔහුගේ මිතුරන් වු බෙනී (ලේනෙකි), බ්‍රිජට් (ජිරාෆයෙකි), ලැරි (සර්පයෙකි) සහ නයිජර් (කොලාවලසෙකි) යන අයගේ ආධාරය ඇතිව රයන් සොයා ගෙන ඔහු නැවත සත්වෝද්‍යානයට ගෙන ඒම සදහා පිටත් වෙයි. ඔවුන්ගේ උත්සාහය අතරතුර ඔවුන්ට විලෝපීන් ලෙස ශ්‍රේණිගත වීමට උත්සාහ කරන කැලෑ සතුන් පිරිසක් හා ගැටීමට සිදුවේ. ඔවුන්ගේ අරමුණ වන්නේ සිංහයෙකු ආහාරයට ගැනීම ඉතා රෞද්‍ර චාරිත්‍රයක් ඉටුකර විලෝපීන් ලෙස ශ්‍රේණිගත වීමයි. කෙසේ නමුත් මෙම කැලැ සතුන් කණ්ඩයෙහි නායකයා ඔහුගේ පිරිසට අයුතු ලෙස සැලකීම නිසා නායකත්වයෙන් ඉවත් කෙරෙන අතර පරාජයට පත් කරන ලදී. සැම්සන්ට රයන් මුණ ගැසෙන අතර ඔවුහු ආරක්ෂිතව නැවත සත්ත්ව උද්‍යානය වෙත පැමිණිමට සමත් වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=ද_වයිල්ඩ්&oldid=542471" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි