දොන් සප්ත පෙරුමාල් ධර්මසේන

පානදුරේ තොටුමුණ පළාතේ වාද්දුවස්කඩුදෙබද්දේ පොතුපිටියේ විසුවා වූ රදළ පෙළපතක් වූ ධර්මසේන පෙළපතේ පෙරිය ධර්මසේන මුදියන්සේගේ (යකුන්දූවේ ධර්මසේන හිටිරාළලාගේ දොන් ගිමාර පෙරේරාගේ ) එක්පුත්‍රයෙකු ලෙස සඳහන් වන්නේ මොහු පිළිබඳවයි. අනෙක් පුතුන් පිළිබඳ තොරතුරු නැත්තේය. ලන්දේසි හමුදාවේ සේවය කළ අතරම මොහුට අතපත්තුවේ ආරච්චිල තානාන්තරයක් ද ලැබී ඇත්තේය. වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර ග්‍රන්ථයේ සඳහන් වන්නේ "රණාභි රණශූර" දොන් පෙරිය සප්ත පෙරුමාල් වශයෙනි. රෝමානු කතෝලික දහම අතහැර රෙපරමාදු දහම වැළඳගෙන තිබෙන ඔහු පොතුපිටියේ රෙපරමාදු දේවස්ථානය නිර්මාණය කරවන ලදී.(මෙම දේවස්ථානය 1860 දි පමණ බෞද්ධ පුනර්ජීවන සමයේ දී කඩා විනාශ කරවන විටත් වසර එකසිය පණහක් පමණ ආයුශ වින්දනය කර තිබිණ. එහි පැවතියා වූ රෙපරමාදු පාසැල වෙනුවට පසුව එම භූමියේ ගම්වාසීන් එක්ව පොතුපිටියේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාව සාදා තිබේ.එය වර්ථනාමයේ පොතුපිටියේ මහා විද්‍යාලයයි.) වර්ථනාමයේ බොදු විහාරයක් වන වස්කඩුවේ ධර්මරාජ විහාරය පවතින ස්ථානයේ පිහිටියා වූ රෙපරමාදු දේවස්ථානය ඉදිකරවූයේද මෙතුමා විසින. දේවස්ථානය මෑතක් වන තුරුම විහාරයේ ධර්මශාලාව ලෙසින් පැවති අතර වර්ථමානයේ අභාවයට පත්ව තිබේ.ක්‍රිස්තු වර්ශ 1725වසරේ ඉපිද 1770වසරේ දී ස්වර්ගස්ථවිය.නාරි සංදේශය ආදී බොහෝ කෘති වල වර්ණනාවට බඳුන් වන දොන් රිචඩ් ධර්මසේන මුදලි තුමාගේ පියාණන්‍ ය.වස්කඩු පොතුපිටිය දුම්‍රිය නැවතුම්පොළ ගැටුම ඇතිවූ සමයේදී වස්කඩු පාර්ශවය විසින් ධර්මසේන මැම්බර් මහතා පොතුපිටිය පාර්ශවයට පක්ෂව කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳ උරණ වී මෙතුමාගේ ඇතුලු වසර සියගනනක් ඉපැරණි ධර්මසේන පවුලේ සුසාන භූමිය කඩා විනාශ කර දමා තිබේ.