දේශ මාමකත්වය සහ ක්‍රීඩා.


දේශානුරාගය සහ ක්‍රීඩාව එකිනෙක වෙලී පවතී. එසේ පවතින්නේ ක්‍රීඩාව ජාතීන් අතර සංකේතාත්මක තරඟයක් සඳහා අවස්ථාවක් සපයන බැවිනි. ක්‍රීඩා තරඟ බොහෝ විට ජාතීන් අතර ගැටුම් අර්බුද පිළිබිඹු කරයි. එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අතින්ද ක්‍රීඩාව කිසියම් මෙහෙයක් ඉටු කරයි. ක්‍රීඩාවට දේශපාලනය ඇතුලු වීම සමහරු දකින්නේ ක්‍රීඩාවේ මූලික ආචාර ධර්ම බිඳ දැමීමක් ලෙසිනි. එහෙත් මෙම තත්වය ක්‍රීඩා ඉතිහාසය පුරා සැබවින්ම පවතී.

ජාතික කණ්ඩායම් අතර පැවැත්වෙන බොහෝ ක්‍රීඩාවන් අභිමානය නැංවීමේ පරමාර්ථ දිරිමත් කරයි. ක්‍රීඩාව තුලින් ජාතික ඒකාග්‍රතාවය පිළිබඳ හැඟීමක් ඇති කිරිම පහත් ජාති මාමකත්වයේ ප්‍රාථමික අවස්ථාවන් වලින් එකකි.

ක්‍රීඩාවන් කීපයක් ජාතික අභිමානය සංකේතවත් කරන කාරණයක් වී තිබේ. ද ඈෂස් (The Ashes), එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර දේශාභිමානය පිළිබඳ හේතුවක් වී තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවේදීද ඉන්දියාව සහ පකිස්තානය අතර තරඟයක් පවතින කාලයට දෙරට අතර සන්සුන් තත්වයක් දක්නට ලැබෙන්නේ මෙම ජාති මමත්වය හේතුවෙනි.

ඔලිම්පික් ක්‍රීඩා ජාති මමත්වය ප්‍රදර්ශනය කිරීමේ තරඟ සඳහා ප්‍රධාන වේදිකාවකි. 19 වෙනි ශත වර්ෂය අවසාන භාගයේ සිදු වූ එහි ආරම්භයේ සිට දේශපාලනික අර්බුද වල ස්වරූපය එහි ඉතිහාසයෙන් පිළිබිඹු වෙයි. එක්සත් ජනපදය සහ එහි දේශපාලනික සහචර රටවල් විසින් 1980 දී ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා වර්ජනය කිරීමත්, සෝවියට් දේශය විසින් 1984 ගිම්හාන ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමත් සීතල යුද්ධයේ කොටසක් විය.

වර්ණභේදවාදය නිල ප්‍රතිපත්තියක් ලෙස දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වන අවස්ථාවේ බොහෝ ක්‍රීඩකයින් හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් එම රටේ පැවැත්වෙන ක්‍රීඩා තරඟ වලට සහභාගී නොවී සිටීමේ ක්‍රියා පිලිවෙලක් පවත්වා ගෙන ගියහ. මෙය පසු කලෙක එම රටේ ඇති වුනු වර්ණභේදවාදී ප්‍රතිපත්ති ඉවත් කිරීමට සාර්ථක දායක්වයක් සැපයීමක් වුනා යයි ඇතැමෙකු සිතූ අතර, තවත් අයට පෙනුනේ එය ඊට වඩා කල් පවතින අනර්ථකාරී ප්‍රතිඵල උදා කරන්නක් ලෙසිනි. බොහෝ අප්‍රිකානු රටවල් 1976 දී මොන්ට්‍රියල් ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා වර්ජනය කිරීමට හේතු වූයේ එවකට නවසීලන්ත අගමැති සියලුම කලු ජාතකයින්ට දකුණු අපිකාවේ සංචාරය කිරීමට අවසර දීමයි. මෙම ප්‍රශ්නය 1981 ස්ප්‍රිංබොක් සංචාරය කාලයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය.

අයර්ලන්ත ඉතිහාසය තුල ගේලික් (Gaelic) ක්‍රීඩා දිගටම කෙරී ගෙන ගියේ ජාති මාමක හැඟීම් පෙරදැරි කර ගෙනයි. උදාහරණයක් වශයෙන් කිසියම් පුද්ගලයෙකු විසින් බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති පාපන්දු, ක්‍රිකට්, රග්බි නැතහොත් වෙනත් ක්‍රීඩාවන් කරනු ලබන බව දුටුවහොත් ඔහුට ගේලික් ක්‍රීඩාවන් වන ගේලික් පාපන්දු, Hurling, නැතහොත් වෙනත් ක්‍රීඩාවන් කිරිම තහනම් කළ හැකිව තිබුනි.

ජාතිවාදී ඉතාලි ෆැසිස්ට් වාදීන් පාපන්දු සහ රග්බි ක්‍රීඩා වලට විකල්පයක් වශයෙන් වොලාටා (Volata) නම් ඔවුන්ගේම ක්‍රීඩාවක් නිර්මාණය කරන ලදි. මෙය ජනප්‍රිය බ්‍රිතාන්‍ය ක්‍රීඩාවන් සඳහා ආදේශකයක් විය. මේවා ඔවුන්ගේ පුරාණ ක්‍රීඩාවන් වන හර්පස්තම් සහ කැල්සියෝ ෆියරෙන්තිනෝ වැනි ක්‍රීඩාවල උරුමය සොයා යාමක් වැනිය. කෙසේ වුවද වොලාටා ක්‍රීඩාව වැඩිකල් පැවතුනේ නැත.

ඇත්ලටික් බිල්බැඕ නම් ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ බැස්ක් ක්‍රීඩකයින් පමණක් තෝරා ගැනීමේ ප්‍රතිපත්තිය බැස්ක් ජාතිවාදය සමග තදින් සම්බන්ධ වී තිබුනි.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Nationalism_and_sport