එක්සත් ජනපදයේ, දේශමාමක දිනය සහ මෙහෙයයන් හා සිහිකිරීම සඳහා ජාතික දිනය (පෙරදී, 2012 සැප්තැම්බර් 10 දින වන තුරු දේශමාමක දිනය)[1] සැම වසරකදීම සැප්තැම්බර් 11 දිනදී පවත්වනු ලබන්නේ, සැප්තැම්බර් 11, 2001 ත්‍රස්තවාදී ප්‍රහාර වලින් මිය ගිය 2,977 දෙනා සිහිකිරීමට එම දිනය නියම කර ඇති නිසාය. මුලදී, මෙම දිනය හැඳින්වුනේ, 2001 සැප්තැම්බර් 11 දින ත්‍රස්තවාදී ප්‍රහාර වලින් අන්තරාපාත්‍රවූවන් වෙනුවෙන් යාච්ඤා කිරීම සහ සිහිකිරීම වෙනුවෙන් දිනය ලෙසය. නව නාමය යෝජනා වූ විට, මැසචූසට්ස් ජනපදය වෙතින් විරෝධතා එල්ලවූයේ, ඔවුන් ඒ වන විටත්, දේශමාමකයන්ගේ දිනයක් පවත්වමින් සිටි නිසාය.

ජනාධිපති බරාක් ඔබාමා, පළමු ආර්යාව මිෂෙල් ඔබාමා සහ ධවල මන්දිර කාර්ය මණ්ඩලය, 2009 සැප්තැම්බර් 11 දිනදී මොහොතක නිහැඬියාවක් රකින අයුරු.
ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් සහ උප ජනාධිපති ඩික් චෙනී, 2004, සැප්තැම්බර් 11දිනදී, ධවල මන්දිර කාර්ය මණ්ඩලය සහ 9/11 අන්තරාපාත්‍රයන්ගේ පවුල් හා සමගින් දකුණු දිග තණ මළුව මත සිට ස්වල්ප වේලාවක නිහැඬිතාවයක් රකින අයුරු.

එ.ජ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් 2001 ඔක්තොම්බර් 25 දිනදී ඒකාබද්ධ යෝජනාව 71 සම්මත කරන ලද්දේ 407–0 ඡන්දයකිනි. එයින් ඉල්ලා සිටියේ, ජනාධිපතිවරයා විසින්, සැම වසරකදීම සැප්තැම්බර් 11 දින, "දේශමාමක දිනය" ලෙසින් නියම කරන ලෙසයි. ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් විසින් මෙම යෝනාව නීතියක් බවට අත්සන් තැබුවේ, 2001 දෙසැම්බර් 18 දිනදීය ( මහජන නීතිය 107-89 ලෙසින්[2]). එය සිහිකිරීමේ අභිමතානුසාරි දිනයකි. යෝජනාව විසින් නිර්මාණය කෙරුනු අධිකාරිය, 2002, සැප්තැම්බර් 4 දිනදී භාවිතා කල ජනාධිපති බුෂ් විසින් 2002, සැප්තැම්බර් 11 දින දේශමාමක දිනය ලෙසින් ප්‍රකාශයට පත් කරන ලදි.

මෙම දිනයේදී, පුද්ගලික ඇමරිකානු නිවෙස් වලදීද, ධවල මන්දිරයෙහිදීද, සියළු ස්වදේශීය හා විදේශීය එ.ජ. රජයේ ගොඩනැගිලි සහ ආයතනයන්හීද ඇමරිකානු ධජය අඩ-කුඹ කොට ලෙලවන ලෙසින්, ජනාධිපතිතුමන් විසින් ඉල්ලා සිටිනු ලැබේ. 2001, සැප්තැම්බර් 11 දිනදී ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි උතුරු කුළුණ වෙත පළමු අහස් යානය ගැටුනු වේලාව වන, පෙ.ව.8:46 (නැගෙනහිර දිවාකාල වේලාව) න් ඇරඹී, මොහොතක නිහැඬියාවක් රකින මෙන්ද ජනාධිපතිවරයා ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියි. සේවා අවස්ථා සඳහා හැකියාවන් තිබේදැයි ජාතික සහ ප්‍රජා සේවය සඳහා සහයෝගීතාවය තුල සොයා බලා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන මෙන් ඇමරිකානුවන් උනන්දු කිරීමද ඔහු එදින සිදු කරයි.[1]

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දේශමාමක_දිනය&oldid=276924" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි