දේශගුණික විපර්යාසය - කාබන්ඩයොක්සයිඩ් බලපෑම

දේශගුණික විපර්යාසය - කාබන්ඩයොක්සයිඩ් බලපෑම


• ඉහත දැක්වෙන්නේ අවුරැදු මිලියන 500 සිට ඇති CO2 විපර්්‍යාසයයි.

නවතම පරීක්ෂණ අනුව ගෝලීය ‍උෂ්ණත්වය (Global warming) වැඩිවීමට ප්‍රධාන හේතු වී ඇත්තේ හරිතාගාර වායු (greenhouse gases) නිසාය. හරිතාගාර වායු මගින් පෘථිවියේ ඉතිහාසය පිළිබද මනා දැනුමක් ලබා ගත හැක. මේ කරැණු මගින් දැක්වෙන්නේ ඉහල ප්‍රතිශතයක ඇති හරිතාගාර වායු නිසා ගෝලීය උෂ්ණත්වය කෙමින් කෙමින් ඉහළ යන බවයි.

අවුරැදු මිලියන 600 පෙර සිට CO2 ප්‍රතිශතය වෙනස්වීම දැකියහැක. මෙයට ‍ෙහතු වී ඇත්තේ භූ විද්‍යා වෙනස් වීම සහ ජීව විද්‍යා සොයාගැනිම් නිසාය. විසර් (Veizer) යන විද්‍යාඥයා පවසන පරිදි අවු. මිලියන 10 පමණ පෙර සිට හරිතාගාර වෙනස්වීම් සිදු වී නැත්තේ පෘථිවි මත ඇති තැටි (Plates) ක්‍රියාවලිය නිසාය. තවද CO2 සහ කාලගුණ සහසම්බන්ධතා අතර කාලගුණික සංවේදීතාව (Climate sensitivity) දැකිය හැක.

මෑත කාලයේ CO2 වෙනස්වීම ගෝලීය උෂ්ණතක්වය වෙනස් වීමේ ප්‍රධාන කරැණක් ලෙස පැහැදිලි වේ. IPCC (Intergovernmental Panel on Climate Change) පවසන අකාරයට 2005 වර්ෂයේ CO2 ප්‍රතිශතය 379 ppm3 වේ. නමුත් කාර්මීකරණයට පෙර එය 280 ppm3 වුනි. තාපගති විද්‍යාව (Thermodynamics ) අනුව වායුවේ ගතික සමතුලිතතාව (dynamic equilibrium) නිසා CO2 විශාල වශයෙන් මුහුදේ බලපෑම මතද වාතයට එකතු වේ. මෙම මුලධර්මය විෂ්ලේෂණය කර හැක්කේ උණුවන වතුර මත ඇති වායු බුබුළු ලෙස උදාහරණයක් ලෙස ගත් විටය.