දේපළ වෙළඳාම්, (ඉංග්‍රීසි:  real property, real estate) මෙය එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, ඩුබායි, කැනඩාව වැනි බොහෝ රටවල නෛතිකව භාවිතා වන යෙදුමකි. මේ යටතේ බොහෝ නෛතිකමය අණ පනත් ක්‍රියාත්මක වීම ඊට හේතුවයි.

ප්‍රධාන වශයෙන් භූමිය , එහි ඇති ගොඩනැගිලි හෙවත් මිනිස් ඉදිකිරීම් , වගාවන් , ඛනිජ සම්පත් හෝ ජලය වැනි ස්වාභාවික සම්පත් , නිශ්චල සම්පත් ආදිය මේ යටතට අයත්වේ.සාමාන්‍යයෙන් ගොඩනැගිලි සහ නිවාස මේ යටතේ සකච්ඡා කෙරේ. දේපළ වෙළඳාම සැළකීමෙදී, ගොඩනැගිලි සහ නිවාස විකිණීම, කුලී පදනමට ලබාදිම, මිලට ගැනීම හැදින්විය හැක.

ව්‍යාපාරික අංශය සංස්කරණය

පෞද්ගලික දේපළ අයිතිය ප්‍රසාරණය වීමත් සමඟ දේපල වෙළඳාම් අංශය සීඝ්‍ර දියුණුවක් අත්පත් කරගෙන තිබේ. දේපල වෙළඳාම් අංශය කරා යොමුවීමට සුවිශේෂී ආයෝජනයක් කිරීමට සිදුවන අතර එක් එක් දේපළ හා ඉඩම් සම්බන්ධයෙන් ඒවාට ආවේණික වූ ලක්ෂණ සමුදායක් තිබීම නිසා මෙම වෙළඳාම් අංශය සුවිශේෂි කඩයිම් රාශියකට අවතීර්ණ වී ඇත.


- ඇඟයීම - වෘත්තීය තක්සේරු සේවාව

- තැරැව්කාරත්වය - ගැණුම්කරු හා විකුණුම්කරු අතර අතරමැදියකු හා විකුණුම්කරු අතර අතරමැදියකු ලෙස මැදිහත් වීම

- ප්‍රවර්ධනය - ඉඩම් සංවර්ධනය හා එයට වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලිය.

- දේපල කළමණාකාරීත්වය - අයිතිකරුවන් වෙනුවෙන් අදාල ‍දේපල කළමණාකරණය කිරීම.

- දේපල හා ඉඩම් අළෙවිකරණය - අයිතිකරුවන් වෙනුවෙන් අදාළ දේපළ කළමණාකරණය කිරීම.

- ආයෝජනය - අදාල ආයෝජන ඉඩප්‍රස්තා කළමණාකරණය.

- නැවත පදිංචිය හෝ විස්ථාපනය - මෙරටේ හෝ පිටරටක ව්‍යාපාරය ප්‍රතිෂ්ථාපනගත කිරීම


සාංගමික දේපල වෙළඳාම්කරණය සංස්කරණය

මෙහිදි ක්‍රියාවලිය සංස්ථාපිත සමාගමක් මඟින් සිදුකරනු ලබයි. කේවළ ආයෝජනයක් මෙන් නොව මෙය වෙනස් ය.


ඉහත සෑම අංශයකටම බෙදී යන්නා වූ දේපළ වෙළඳාම්කරණය, ජනපදික වශයෙන්, කාර්මික වශයෙන් හා වාණිජමය දේපළ මත සසඳා බැලිය හැකිය. අඩුවැඩි ලෙස ඉදිකිරීම් ව්‍යවසායකත්වය ඵලදායී වශයෙන් මෙම අංශ වෙත සබඳතා දක්වයි. මීට අමතරව අන්තර්ජාල දේපළ වෙළඳාම්කරණය ද ආයෝජන ප්‍රජාවට ඉමහත් රුකුළක් දක්වයි.


දේපළ වෙළඳාම් - වෙළඳපල අගය සංස්කරණය

දී ඉකොනොමිස්ට්" සඟරාවට අනුව සංවර්ධිත ආර්ථිකයන්" හි 2002 අග භාගය වන විට වත්කම් ප්‍රමාණය පහත පරිදි වෙයි.

  • පදිංචිකරුවන්ගේ හිමිකාරිත්වය - ඇ.එ.ජ. ඩොලර් ට්‍රිලියන 48
  • වාණිජ හිමිකාරිත්වය - ඇ.එ.ජ. ඩොලර් ට්‍රිලියන 14
  • සංගත - ඇ.එ.ජ. ඩොලර් ට්‍රිලියන 20
  • රාජ්‍ය බැඳුම්කර - ඇ.එ.ජ ඩොලර් 20
  • සාංගමික බැඳුම්කර - ඇ.එ.ජ. ඩොලර් 13


එකතුව ඇ.එ.ජ ට්‍රිලියන 115 කි


දේපළ වෙළඳාම්කරණයේ උකස්කරයන්ගේ පසුබිම සංස්කරණය

දේපල වෙළඳාම්කරණයට අදාල නෛතික ක්‍රියාදාමයේ අඩු ලුහුඩුකම ඵලදායී ආයෝජනයක් සඳහා ප්‍රධාන බාධකයක් බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙයි. ලෝකයේ සෑම රටකම ජාතික ආදායමට මෙකී අංශයෙන් පුළුල් දායකත්වයක් සපයයි.

දේපළ හා ඉඩම් අත්පත් කර ගැනීම හා විකිණීමට බොහෝ සංවර්ධිත රටවල් පිළිපදින ක්‍රියාපටිපාටිය වනුයේ උකස්කර බැඳුම්කරයි. මෙහිදී ණයගැතියා ණය ගෙවීම පැහැර හැරියහොත් අදාල මුල්‍ය සමාගම මඟින් උකසින් බැඳි ඇති ඉඩම හෝ ගොඩනැගිල්ල තමා යටතට පවරා ගැනීම සිදු කරනු ලබයි. එහෙයින් බොහෝ බැංකු මෙම ක්‍රියාවලියට වැඩි කැමැත්තක් දක්වනු ලබයි.


සටහන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දේපළ_වෙළඳාම්&oldid=607552" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි