දේපල අයිතිවාසිකම් හා ගිවිසුම්කර අයිතිවාසිකම්

දේපල අයිතිවාසිකම් යනු අනෙකුත් තැනැත්තන්ට එරෙහිව බලාත්මක කළහැකි දේවල් පිලිබඳ වන අයිතිවාසිකම්ය. මීට වෙනස්ව ගිවිසුම්කර අයිතිවාසිකම් කිසියම් නිශ්චිත තැනැත්තකුට එරෙහිව පමණක් බලාත්මක කළහැක. කෙසේවෙතත් දේපල අයිතිවාසිකම් ගිවිසුමක් මඟින්ද පැනනැගිය හැක. මේ අනුව මෙම අයිතිවාසිකම් ක‍්‍රම දෙක අතර අතිච්ඡාදනයක්ද පවතී. උදාහරණයක් ලෙස ඉඩමක් විකිණීමේදී එකිනෙකට සමාන්තරව ගමන් කරන නෛතික සම්බන්ධතාවයන් දෙකක් පවතී. ගිවිසුම සම්බන්ධයෙන් අලාභයන්ට නඩු පැවරීම කළහැකි පුද්ගලික අයිතිවාසිකම් හා දෙයකට එරෙහිව කි‍්‍රයාවේ යෙදවිය හැකි හිමිකාරත්ව අයිතිවාසිකම මෙම නෛතික සම්බන්ධතාවයන්ය.