දෙ-සිදුරු පිරියෙසුම
නූතන භෞතික විදුවෙහි දෙ-සිදුරු පිරියෙසුම[n] හෙවත් ද්විත්ව සිදුරු පර්යේෂණය (ඉංග්‍රීසි: The Double-Slit Experiment) යනු සිංහලෙන් ද්විත්ව සිදුරු පරීක්ෂණය (දෙ-සිදුරු පිරික්සුම) ලෙස දු හැඳින්වෙන, අලුවට[1] හා පදාර්ථයට හා කුලවත් වැ[2] අරුත් දැක්වුණු රැළි (තරංග) හා අංශු හා යන දෙකෙහි මැ ගතිසිරිත් පෑ හැකි බව පෙන්වන්නෙකි. එ මතු නො වැ, එය ක්වොන්ටම් යාන්ත්‍රික සංසිද්ධිවලැ මූලික සම්භාවිතා සොබාව පෙනවයි. දිසි අලුයෙහි රැළි හැසිරුම විදහා පෑමක් ලෙස තොමොස් යං විසින් 1801 දී මේ අතේ පිරියෙසුමක් මුල් වරට කැරුණේ යි.[3] එ කලැ සිතුවේ අලුව, රැළි හෝ අංශු හෝ වලින් යුත් බවයි. වසර සියයකට පමණ පසු නූතන භෞතික විදුවේ අරැඹුමත් සමඟ, අලුවට ඇත්තෙන් මැ රැළි හා අංශු හා යන දෙකෙහි මැ හැසිරුම් ගතිසිරිත් පෑ හැකි බව වැටැහුණි. 1927 දී ඩේවිස්සන් හා ජර්මර් හා විදුරොන් ද සමාන හැසිරීමෙක් පානා බව පෙන්වූ අතර පසු වැ එය පරමාණු හා අණු හා දක්වා දිගැදුණි.[4][5]'තොමසු යංගේ අලුව පිළිබැඳි පිරියෙසුම' ක්වොන්ටම් යාන්ත්‍රණයේ හා තරංග-අංශු ද්විත්වතා සංකල්පයේ හා දිවැඩුමට බොහෝ කලකට පෙරැ කුලවත් භෞතික විදුවේ කොටසක් වියැ. එය 'ක්‍රිස්ටියන් හියුජන්ස්ගේ අලුව පිළිබැඳි තරංග ප්‍රවාදය නිවැරදි බව් පානා බව හේ ඇදැහූ අතර, ඔහුගේ පිරියෙසුම ඇතැම් විටැ යංගේ පිරියෙසුම[6] හෝ යංගේ සිදුරු හෝ ලෙස හැඳින්වේ. [7]
දළ විසිඳුම
සංස්කරණයඅලුව දැඩි වැ සැමැනි හෝ කුලවත් හෝ අංශු වලින් යුතු වේ නම්, මේ අංශු සිදුරක් හරහා සරල රේඛීය වැ විදැ අනෙක් පසැ ඇති තිරයකට වැදීමට සැලැසුව, සිදුරෙහි පමණට හා හැඩයට හා අනුරූප රටාවක් දැක්ම ඇවෙක්සේ[n]. කෙසේ වතදු, මේ "තනි සිදුරු පිරියෙසුම" සැබැවින් මැ සිදු කරත, තිරයේ ඇති වන රටාව පැතිරැගිය අලුයෙක් සහිත අවබිඳුම් [8] රටාවකි. සිදුර කුඩා වන තරමට පැතිරීමේ කොනුව වැඩේ. පිළිබිඹුවේ ඉහළ කඩැ දැක්වෙනුයේ සිදුරක් රතු ලේසර මඟින් උදුළවත සෑදෙන රටාවේ මැදි කඩ වන අතර, යමකු සැලැකිල්ලෙන් බැලුව, දුඹුල් පැති පටි දෙකක් වෙයි. වැඩිතර දිවැඩු[n] උවාරණයකින් තවත් පටි දැකියැ හැකි වෙයි. අවබිඳුම මගින් රටාව පැහැදිලි කැරෙනුයේ සිදුරෙන් ආ අලු රැළිවලැ අතුරු-වැදීමෙහි[?][9] පලයක් ලෙසයි.
විවරු
සංස්කරණයකෝපන්හේගනයේ විවරුව
සංස්කරණයක්වොන්ටම් යාන්ත්‍රණ පිටියෙහි ඇතැම් පුරෝගාමීන් විසින් ඉදිරිපත් කැරුණු කෝපන්හේගනයේ විවරුව, ගණිතමය සුතුරුවලින් හා පරමාණුක පරිමාණයෙන් සිදුවන දෑ ගැනැ යම් දැනුමක් ලබාගැන්ම හැකිකරවන භෞතික උවාරණ ද පිළිකුරු[n] ද වලින් හා ඔබට යන ඕනෑම දැයක් ඉදිරිපත් කිරීම නුසුදුසු බව පවසයි. ඇතැම් පිරියෙසුම්වලැ පල ඉතා නිවැරැදි වැ පෙරින්-කීමට පිරියෙසුවනට හැකි කරවන එක් ගණිතමය නිර්මිතයක්[?] (mathematical constructs) ඇතැම් විටැ සම්භාවිතා රැල්ලක් ලෙස හැඳින්වේ. එහි ගණිතමය සරූපයෙන් එය භෞතික රැල්ලකැ විතරට සමාන වන නමුදු එහි "ශ්‍රීර්ෂ" හා "නිම්න" (crests & troughs) සාර්ව ලෝකයේ සැමැනි මිනිස් අත්දැකුම්වලැ නිරික්සියැ හැකි යම් යම් සංසිද්ධීන් (නිදසුන්: අනාවරක තිරයකැ යම් තැනකැ දී ඇති වන එළි පුළිඟුවක්) ඇතිවීමේ සම්භාවිතා මට්ටම් පෙන්වයි.
සම්භාවිතා "රළ" "ඉඩ හරහා යන්නේ" යැ යි කිවැ හැක්කේ එහි ගණිතමය නිරිවුමෙන් පිරිගිණියැ[n]හැකි සම්භාවිතා අගයන් කාලය මත රඳා පවතිනා බැවිනි. ෆෝටෝනයෙක් වැනි අංශුවක් එය විහිදුණු මොහොත හා හඳුනාගැනුණු මොහොත හා අතරතුරැ ඇති තැන ගැනැ බෙණියැ නොහැක්කේ කිසියම් විටෙකැ යම් තැනෙකැ ඇතැයි කීමට නම් එය හඳුනාගත යුතු බැවිනි. අවසනැ අතුරු-වැදුම් රටාවක් ඇතිවීම සඳහා ඇවැසි වනුයේ අංශු විහිදැවීමත්, තිරයක් වීමත් හා අංශුවට විහිදනයේ සිටැ හඳුනාගැන්මේ තිරය වෙත යාමට අවම විසින් වෙනස් මං දෙකක් වීමත් යැ. අංශුව විහිදුණු මොහොත හා එය හඳුනාගැන්මේ තිරයට පැමිණීම හා අතරැ පිරියෙසුම් මගින් කිසිවක් නිරික්සෙන්නේ නොවේ. ඊළඟට, අලු රළකට (කුලවත් භෞතික විදුවේ තේරුම් ගෙනැ ඇති පරිදි) දෙ මඟ මැ ගත හැකි සා පළලක් ඇතැ යි සේ සලකා කිරණ නුවැකුමක් [10] කෙරෙනුයේ නම්, බොහෝ අංශු උවාරණය හරහා යාමත් සමඟ ඇවෙක්සු[n] අතුරු-වැදුම් රටාව කෙමෙන් "පැහැතැවැරෙත"[n] එම කිරණ නුවැකුම අනාවරක තිරයේ 'මැක්සිමා' හා 'මිනිමා' හා වලැ පෙනුම නිවැරදි වැ පෙරින්-කියනු ඇති.
ඩි බ්‍රෝග්ලි-බෝම් ප්‍රවාදය
සංස්කරණයඩි බ්‍රොග්ලි-බෝම් ප්‍රවාදය ක්වොන්ටම් යාන්ත්‍රණය පිළිබැඳි සම්මත තේරුම් ගැන්මට විකල්පයක් ලෙස පවසනුයේ අංශු වලට ද සෑම විට මැ නිශ්චිත තැනක් ඇති බවත්, ඒවායේ පිරිවෙයන් රැළි ශ්‍රිතයෙන් නිර්වචනය වන බවත් යැ. එ බැවින් දෙ-සිදුරු පිරියෙසුමේ දී තනි අංශුවක් එක් විශේෂිත සිදුරක් හරහා යන අතර, එයට බලපානා ඊනියා "නියොමු රළ" (so-called "pilot wave") සිදුරු දෙකම හරහා යනු ඇති. දෙ-සිදුරු ඩි බ්‍රොග්ලි-බෝම් ගමන් පෙත් දෙක මුලින් මැ ගණිනු ලැබුවේ ක්‍රිස් ඩිව්ඩ්නි විසිනි. ඒ ක්‍රිස් ෆිලිප්පිදීස් හා බැසිල් හීලි හා සමඟ ලන්ඩනයේ බර්ක්බෙක් විදුහලේ සේවය කරන අතරතුර යි.[11] ඩි බ්‍රොග්ලි-බෝම් ප්‍රවාදය සම්මත ක්වොන්ටම් යාන්ත්‍රණය හා සම සංඛ්‍යානමය ප්‍රතිඵල දනවන නමුදු එහි බොහෝ සංකල්පීය දුකරතා ඉවත් කරයි.[12]
විදුලකරේ විවරුව
සංස්කරණයදකුතුරු නලින් ද සිල්වා හා ඔහු සිසු සුරාජ් චන්දන හා විසින් කැළැණි (විදුලකර) සරසවියේ සිදු කළ න්‍යායික හා පිරියෙසුම් කටයුතු වලැ පල විසින් විදුලකර විවරුව හෙවත් විද්‍යාලංකාර විවරණය ඉදිරිපත් කැරුණි. මෙ මඟින් අංශුවලැ රැළි සොබාව නිගනිමින්[n] තිරයට ළඟාවීමට පෙරැ අංශුව එක් විටැ දී මැ සිදුරු දෙකෙහි මැ පෙනී සිටුනා බව කියැවේ.[13]
මේ විවරුව, යං පිරියෙසුමේ දී අංශු එක් සිදුරෙකින් පමණක් යන්නේ නමුදු සිදුරු දෙකෙන් මැ (එක් විටැ) නොයන්නේ යැ යි පෑළදිගු භෞතික විදුදතුවන් අද දක්වා අදහන දැයට පටහැනි යැ. 'තනි සිදුරක් හරහා යන අංශුවලට' තිරය මතැ ඇතිවන උදුළ හා අඳුරු හා fringe රටාව පැහැදිලි කළ නො හැකි නිසා ඔවුන් රැළි සොබාවක් ප්‍රවාදගත කළ ද යං පිරියෙසුමේ දී දෙ-සිදුර හරහා තනි විදුරොනක් හැරිය, රැළි සොබාවට නො එකඟ වැ තිරය මත තනි තිතක් වෙයි. අරිස්තාතල්[n] ද්විකෝටික නයට හුරු වැ අංශුවක් 'මෙහි වේ' හෝ 'මෙහි නො වේ' හෝ වේ. එනම් දෙකම එක් විටැ නොවේ. එ බැවින් බටහිරි භෞතික විදුදතුවනට මෙසේ (සිදුරු දෙකෙන් මැ එක් විටැ) යාමේ හැකියාව සලකා බැලියැ නොහැකි. නමුත් පෙරදිගු චතුස්කෝටික නයට හුරු වැ මෙය පැහැදිලි කළ හැකි.
මෙහි දී ක්වොන්ටම් අංශුවලැ රැළි ගුණ නොමැති බව සනාථ කරනුව කදම්භයක් හා දෙ-සිදුරු උවාරණයක් හා ගනිමින් පිරියෙසුමක් නිමැවුණි. මෙහි දී ශුන්‍ය සම්භාවිතාවක් ඇති තැන් ඔස්සේ ඇලුමිනියම් පත් තැබුණේ ඇලුමිනියම් හරහා අලුව නොයන හෙයිනි. නමුත් තිරය මත රටා ඇතිවීම එ ලෙස මැ සිදු වූයේ රැළි ගුණ නොමැති බවට වූ හැඟුම සනාථ කරමිනි. 1996 දී මොන්රෝ හා ඔහු සගයන් හා විසින් බෙරිලියම් කැටායනයේ බැමුම් තතු දෙකක් (spin states of Beryllium cation) එක් විටැ පවතින්නේ යැ යි පෙන්වා දී ඇති. එ තැන් සිටැ වෙනත් අය විසින් තතුවලැ අධිස්ථාපනවීම් (superposition of states) වලැ පැවැත්ම සනාථ කරනුව සමාන පිරියෙසුම් සිදු කැරැ ඇති.
විදුලකර විවරුවෙන් ක්වොන්ටම් භෞතික විදුවේ ඇති ෂෘඩිංගර්ගේ බළලා, "which way" පිරියෙසුමේ ප්‍රතිඵල හා වීලරගේ "delayed Choice Experiment" හා වැනි අනෙකුදු පරස්පරතා ද විසැඳේ. දිගු කලක් තිස්සේ භෞතික විදුදතුවනට ඉඳුරා මැ කුලවත් හැඟුම් වන අංශු හා රැළි ගුණ යොදා ගනිමින් ක්වොන්ටම් භෞතික විදුව තේරුම් ගැන්මට බල කැරුණ ද දකුතුරු ද සිල්වා මේවා ඉවත් කරමින් ක්වොන්ටම් භෞතිකයට වඩාත් හුරු සොබාවක් හඳුන්වා දෙමින් ක්වොන්ටම් සොබාව පිළිබැඳි දැනුමේ සුසමාදර්ශී වෙනසක් සිදු කැරැ ඇති.[14]
යොමු හා සටහන්
සංස්කරණය- ^ අලු - ආලෝකය (ශ්‍රී සුමංගල සිංහල ශබ්දකෝෂය), ‘අලු’ යනු ආලෝකාර්ථ1 යැ. ‘අලු’ යනු තනි වැ යෙදෙන විටැ බෙහෙවින් විබත් ගනුයේ අලුව –– අලුයෙන් –– අලුවට –– අලුයෙහි –– යන විසින් (සසදා විවරණය v- wikibooks)
- ^ කුලවත් - classical (සම්භාව්‍ය) , කුලවත් වැ - classically, Classical - belonging to a higher class, නිදසුන්: කුලවත් ලිවිසැරිය - classical literature
- ^ The Bakerian lecture. Experiments and calculation relative to physical optics
- ^ Physicists Smash Record For Wave-Particle Duality
- ^ Matter-wave interference with particles selected from a molecular library with masses exceeding 10000 amu
- ^ History of the Principle of Interference of Light
- ^ The last man who knew everything
- ^ අවබිඳියි - diffract (verb), අවබිඳුම - diffraction (විවර්තනය), diffraction - from dis- ‘away, from’ + frangere ‘to break’ | අව - ඈත, ව්‍යාප්ත (ශ්‍රී සුමංගල සිංහල ශබ්දකෝෂය) සැ.යු: වෙනත් අරුත් ද ඇත | තවද පිළිනමයි - reflect (verb) අවනැම්ම - deflection (එඩිය සඟරාව), deflection - from Latin deflectere, from de- ‘away from’ + flectere ‘to bend’, පිළිබිඳුම - refraction (එඩිය සඟරාව) වේ
- ^ අතුරු-වැදුම(?) - interferance, interferance - from entre- ‘between’ + ferir (from Latin ferire ‘to strike’), අතුරු-වදියි (?) - interfere (verb)
- ^ අනු + අකයි (ලකුණු කරයි) > අනුවකයි > (පෙර සර ලොපයෙන්) නුවකයි - trace (verb), නුවැකිය - trace (noun) (එඩිය සඟරාව), නුවැකුම - tracing
- ^ Quantum interference and the quantum potential
- ^ Bohmian Mechanics
- ^ Quantum Physics in a different ontology - Nalin de Silva
- ^ Wave-particle duality of nature challenged at Kelaniya University - Janaka Wansapura, Ph.D.
[n]. පිරියෙසියි - පර්යේෂණ කරයි; අදිවඩයි > දිවඩයි - සංවර්ධනය කරයි; පිළිකුරයි - react (verb), පිළිකුර - reaction, පිළිකිරියාව - reactivity, පිළිකරනය - reactor; විසිඳියි - analyse (verb); නිරුවයි - නිරූපණය කරයි, නිරිවුම - නිරූපණය; අවෙ(ව)ක්සයි - අපේක්ෂා කරයි; පැහැතවරයි - paint (verb); විවරුව - විවරණය; නිගනියි - ප්‍රතික්ෂේප කරයි [1]; Aristātalācārya ()