රුහුණේ සිට මායා රටට පිවිසීමට තනනු ලැබූ ප්‍රධාන දොරටුවක් ලෙස දෙහදු කඩුල්ල (හෝ කඩදොර) හැඳින්වේ.

දෙහදු කඩුල්ල

අතීත කොත්මලේ රටක් ලෙස වෙන්ව තිබූ ප්‍රදේඔයකි. කොත්මලේට පිවිසුම් මාර්ග 4කි. ඒ කඩදොර, වටදොර, නියම්ගම්දොර හා ගල් දොර වශයෙනි. කඩදොර යනුවෙන් ද හඳුන්වන දෙහදු කඩුල්ල එක් පිවිසුමකි.[1] ගල් කුට්ටි හා සක්ක ගල් භාවිතයෙන් මෙම පිවිසුම සකසා ඇත. මෙය රුහුණ හා මායා රට අතර වන පිවිසුමක් නිසා මෙහිදී රටවල් දෙක අතර බදු අය කිරීම් ද සිදුව ඇත. පෞරාණික කොත්මලේ රුහුණු රටට අයත් ව තිබිණි.

ජනප්‍රවාද සංස්කරණය

ගැමුණු කුමරු රුහුණේ සිට පැමිණ සිය මගුල් කඩුව මෙම ස්ථානයේ සැඟවූ බව ජනප්‍රවාදගතව පවතී.

මූලාශ්‍ර සංස්කරණය

  1. http://amazinglanka.com/wp/kotmale-kadadara-dehadu-kadulla/ කොත්මලේ කඩදොර (දෙහදු කඩුල්ල)
"https://si.wikipedia.org/w/index.php?title=දෙහදු_කඩුල්ල&oldid=424447" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි