දෙවන ලෝක යුද්ධයෙන් පසු

දෙවන ලෝක යුද්‍ධයෙහි නිමාව සිට දළ වශයෙන් 1960 දශකයෙහි අගබාගය හා 1970 දශ‍කයේ මුල් භාගය වන කාලය තුල ඇමෙරිකානු ඉතිහාසයේ ඉතාමත්ම ජනප්‍රිය කෘතින්ගේ එලිදැක්වීම සිදුවිය. අවසන් යථාර්තවාදි නුතන අදහස් දරන්නන් සහ හණමිටි සමාජය අප%ිය කළ තරැණු ප්‍රේමාන්විතයින් මේ කාලය තුල පෙරමුණ ගත් අතර, ඔවුන්ගේ කාර්යයට දෙවන ලෝක යුද්ධයට ඇරමරිකාව හවුල් කිරිමට විත්ත්කරැවන් වුවන්ගේ බලපෑම ද නොමැද විය.

ජේ.ඩී සැලින්ගර් හේ Nine Stories හා The Catcher හා the Rye වැනි කෘතින් ගේ සිට ශිල්පාය ප්ළාත්ගේ The Bell Jor වැනි කෘතින් දක්වා වු නිර්මාණ, ඇමෙරිකාවේ උමතුව ජාතියේ සාහිත්‍යමය ප්‍රමුඛස්ථානයට ගෙන ඒමට හවුල්විය. වෙනත් රටවලින් ඇමෙරිකාවට පදිංචියට පැමිණි එලදිමිර් නෝබෝකොන් වැනි කතුවරැන් Lolita වැනි කෘතින් මගින් මෙම මාතෘකාව ඉදිරියට ගෙන ගිය අතර, එම කාලය තුලදිම ඉහත දැක්වු තරැණ ප්‍රේමාන්විතයින් ඔවුන්ගේ Lost පුර්වජයන්ගෙන් සංවිධානාත්මක පියවරක් ඉවතට තැබීය.

නිව්යෝර්ක් නුවර හා කොලොම්බියා සරසවිය ආශ්‍රිතව ගොඩනැගී යම් කාලයකට පසු සැන් ‍ෆ්‍රෙන්සිස්කෝ නුවර නිල වශයෙන් පිහිටවනු ලැබු බුද්ධිමතුන්ගේ කව මගින් බිහිවු Beat Generation හි කවි හා ප්‍රබන්ධ කරලියට පැමිණියහ. Beat යන පදය 'ජෑස්' සංගීතයේ ප්‍රතිවරැද්ධ සංස්කෘතික රිද්මයටත්, යුද්ධයෙන් පසුවත් පැවති වෙනස්වීම් වලට ඇති අකමැත්ත කෙරෙහි වු කැරලිකාර ස්වභාවයත්, මත්ද්‍රව්‍ය, මත්පැන් දර්ශනවාසය හා සෙන් බෞද්ධාගම ප්‍රමුඛ ආගම් වලින් ලැබුනු නව ආත්මීය අත්දැකීමුත් සහ සියල්ලම හැදින්විමට සාමුහිකව භාවිත කරන ලදී. ඇලන් ජින්ස්බර්ග් විසින් ඔහුගේ Howl නම් කවිය මගින් මෙම යාන්ත්‍රණයට අවශ්‍ය තාලය සපයන ලදි. මාගේ පරම්පරාවේ සුවිශේෂම බුද්ධිමතුන් උමතුව මගින් විනාශ වනු මම දුටිමි... ලෙස ආරම්භ වු මෙම කවිය වෝල්ට් විට්මෑන්ගේ කෘතින්ට සමානකමක් දැක්විය. මේ කාලය තුලදීම ඇලන් ජින්ස්බර්ගේ මිත්‍රයෙකු වු ජැක් කොරොවුවැක් (1922-1969) ගේ ජනප්‍රියම නවකථාව වන The Road මගින් Beats ලෙස හැදින්වුවන්ගේ විනෝදකාමී, බාහිර බලපෑම් රහිත, ස්ථර පදිංචියක් පවා නැති ජීවින විග්‍රහ කරන ලදි. දෙවන ලෝක යුද්ධයට පසු සමය යුද්ධ නවකථා සම්බන්ධව නම් ඇමෙරිකාව තුල විශාල සංගීත්‍යමය පිබිදිමක් ඇති වු සමයක් විය. නෝමන් මේලර් ගේ The Naked and the dead (1948) ‍ෙජා්සප් හෙලර්ගගේ Catch -22 (1961) සහ කර්ථ වොන්නෙගට් ජුනියර්ගේ Slaughter House- Five (1969) වැනි කෘතින් මේ කාලය තුලදී ඉතාමත් ජනප්‍රිය වු කෘතින් අතුරින් කිහිපයකි. බාබරා ගාර්කන් විසින් රචිත Mac Bird කෘතිය යුද්ධයෙන් නිරර්ථක භාවය විදහාපාන තවත් කෘතියක් විය.

සංසන්දනාත්මකව බැලු කල, ජෝන් අප්බයික් ඇමෙරිකානු ජීවිතයේ ගැමි ජීවිතය අලංකාරව විස්තර කිරිමක් ලෙස සැලකිය හැකි කෘතින් නිහඩ එහෙත් පෙරලිකාර රචනා ශෛලියකින් ඉදිරිපත් කලේය. ඇමෙරිකානු මධ්‍යම පන්තියෙහි කුඩා තොරතුරැ පවා චරිතයට නැගීම නිසා 1960 දි රචිත Robbit Run නමැති කෘතිය නවමු අත්දැකිවමක් විය. මෙම නවකථාව වර්ථමාන කාලය එහි කථා විස්තරයට යොදාගත් පළමු නවකතා කිහිපය අතරින් එකක් ලෙස ද සැලකේ.

ෆ්ලැන්නරි ඕ'කොනර් (උපත මාර්තු 25, 1925 ජෝර්ජියාව විපත අගෝස්තු 3 1964 ජෝර්ජියාව) විසින්ද මාර්ක් ට්වේන් වැනි ඇමෙරිකානු සංහිත්‍රයේ ප්‍රමුඛ කතුවරැන්ට ඉතා සමීප මාතෘකාවක් වු දකුණු පලාත සහ මාතෘකාව පිරික්සීමට ළක්කොට සංවර්ධනය කරන ලදි. (Wise Blood 1952, The Violeut Bear it Away 1960, Everything that Rises Must Converge - ඇගේ ප්‍රසිද්ධම කෙටිකථාව හා අතිශය වැදගත් එකතු