දෙවන එලිසබෙත් රැජිණ - එක්සත් රාජධානිය

දෙවන එළිසබෙත් රැජිණ වූ කලී නිදහස් ජනපද දහසකද, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලද පාලිකාවයි. ඇය වාසය කරනුයේ එක්සත් රාජධානිය තුළයි. ඇය සතුව තිබූ පැරණි රාජධානිය ඇයගේ මුතුන් මිත්තන් විසින් පාලනය කරන ලද, දේශයන් වලින්ද සමන්විත විය. ඇගේ පියාවූ හය වන ජෝර්ජ් රජු 1952 පෙබරවාරි මස මියයාමෙන් පසු ඇය සිහසුනට පත්වුවාය.

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ
මහා බ්‍රිතාන්‍යයේ මහ රැජිණ
උපත1926 අප්‍රේල් 21
කලත්‍රයා(යන්)පිලිප්කුමරු (එඩ්න්බර හි සිටුවර)
දෙමව්පියන්
  • VI ජෝර්ජ් රජු (පියා)
  • එළිසබෙත් බෝව්ස් ලයන් (මව)

එක්සත් රාජධානියට අමතරව ඇය කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජැ‍මෙයිකාව, බර්බඩෝසය, ග්‍රෙනාඩාව, පැපුවා නිව්ගිනියාව, සොලමන් දූපත්, තුවාලූ, ශාන්ත ලුසියා, ශාන්ත වින්ස්ටන් සහ ‍ග්‍රෙනඩ්න්ස්, ඇන්විගුවා සහ බාබුවා, බෙලිසය සහ ශාන්ත කෙට්ස් සහ හෙවිස් යන රටවලද රැජිණ ලෙස කටයුතු කරයි. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ එතුමිය විසිනි.

මෙම රටවල් 16 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජධානි ලෙස හඳුන්වයි. ඔවුන් සමඟ සම්බන්ධ වූ අනෙකුත් රාජ්‍යවල ජනගහනය මිලියන 129 ඉක්මවයි.

න්‍යායාත්මකව ඇයගේ බලය අති විශාලය. නමුත් ප්‍රායෝගිකව ඇය දේශපාලනමය කටයුතු සඳහා මැදිහත් වන්නේ කලාතුරකිනි. එක්සත් රාජධානිය තුළදී නම් ඇය තම රජයේ අමාත්‍යවරුන් සමඟ විවිධ සම්බන්ධතා මඟින් රටෙහි අභ්‍යන්තර කටයුතු වලට දායක වෙයි. II වන එළිසබෙත් රැජිණ වෙනත් තනතුරු රැසක් ද දරනු ලබන්නීය. ඒවා නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා, එංගලන්ත දේවස්ථානවල ප්‍රධානියා, නොමැන්ඩ් හි සිටුවර, මෑන්හි ප්‍රධානියා, ‍ ෆිජිහි ප්‍රධානියා යන ඒවාය.

ඇයගේ සුවිශාල රාජ්‍යයේ විශාල වෙනස්කම් අද වනවිට සිදුවෙමින් පවතී. එනම් බොහෝ රාජ්‍යයන් අද බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් අත්මිදී ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ දරති.

1947 එළිසබෙත් රැජිණ පිලිප් කුමරු සමඟ විවාහ වුවාය. ඔහු උපත ලැබුවේ ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ කුමරු ලෙස වුවද, ජාති ප්‍රවේශනයෙන් පසු ඔහු පිලිප් මවුන්ට්බැටන් සහ එඩින්බරහි සිටුවර යන නම් වලින් හඳුන්වනු ලැබීය. වර්තමානය වනවිට මෙම දෙපළට දාව දරුවන් හතර දෙනකු සහ මුණුපුරන් අටදෙනකු ඇත. අටවැන්නාවූ විස්කවුන්ට් සෙවර්න් උපත ලැබුවේ 2007 දෙසැම්බර් 17, එඩ්වඩ් කුමරු සහ සොපී කුමරියට දාවය.