දෙවන උඩරට යුද්ධය
දෙවැනි උඩරට යුද්ධය ආසන්න සමයේ ඉන්දියන් උප මහාද්වීපයේ ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම වාගේ බ්‍රිතාන්‍ය පාලනයට නතු වූ බව පෙනුණි. උඩරට රාජ්‍යය අභ්‍යන්තර කඳුකරය ට සීමා වී පැවතුනේය.
පළමු උඩරට යුද්ධය අවසානයේ හා දෙවැන්න අතර වූ අවුරුදු 10 ක කාලය තුළ සිදු වීම් කෙසේද කියතොත් දෙවැනි යුද්ධයේ ස්වරූපය පළමුවැන්නට වඩා සෑහෙන වෙනසක් ගත්තේය. 1805 දී බ්‍රිතාන්‍යයට උඩරට සතුරු රදළවරු රාශියක් සමග මත ගැටුම් ඇති කර ගැනීමට සිදු වූ නමුදු 1815 එම රදළවරුම උඩරටට පැමිණෙන ලෙස බ්‍රිතාන්‍යයින්ට ඇරයුම් කොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහ කිරීමට උදව් ද කළහ.
එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර මේට්ලන්ඩ් මහා පරිමාණ වශයෙන් නීතිමය හා සාමාජයීය වශයෙන් ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දෙන ලද්දේ බ්‍රිතාන්‍ය බලය ආරක්ෂා කිරීමට හා වැඩි කිරීම උදෙසාය. දූෂණ තුරන් කිරීම සඳහා සිවිල් සේවය ප්‍රතිසංවිධානය කිරීමද, කුල නීතිය පදනම් කර ගත් ලාංකික මහාධිකරණයක් ආරම්භ කිරීම ද ඊට ඇතුළත් විය. ලන්දේසි පල්ලිවලට තිබුණු වරප්‍රසාද නැති වූ අතර කතෝලික ප්‍රජාවට ඡන්ද බලය හිමි විය. මේට්ලන්ඩ් බෞද්ධ අධිකාරී බලයට රහසින් පීඩා කළ අතර යුරෝපීයයන්ට අක්කර 4000 ක බිම් කොටස් දෙන බව පැවසීමෙන් ඔවුන් දිවයිනට අද්දවා ගැනීම අපේක්ෂා කළේය. ඔහුගෙන් පසු පැමිණි රොබට් බ්‍රවුන්රිග් ද මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගියේය.
1807 දී සාදා නිම කරන ලද නුවර වැවෙහි අලංකාරය හැරෙන්නට එම ව්‍යාපෘතිය ජනතා ප්‍රසාදයට ලක් නොවීය. ඊට හේතු වූයේ එයින් ප්‍රායෝගික වශයෙන් සේවයක් සිදු නොවීමයි. සාම්ප්‍රදායික වශයෙන් එවැනි විශාල වාරි කර්මාන්ත තැනවීමේ ප්‍රධාන අරමුණ වූයේ කුඹුරුවලට ජලය සැපයීම වුවත් මැද සෙංකඩගල කුඹුරු තිබුනේ නැත. 1810 දී රජු විසින් පිළිමතලාවේ දරමින් සිටි ප්‍රධාන ඇමති ධූරයෙන් ඉවත් කරන ලදී. ඊළඟ වසරේ පිළිමතලාවේ කැරළි ගැසුවේය. නුවර ප්‍රධානීන් බියටපත්කරමින් ඔහු මරණයට පත් කරනු ලැබුවේය. රජු තවදුරටත් බලවත් බෞද්ධ සංස්ථා සතු ධනය හා ඉඩම් බලහත්කාරයෙන් ලබා ගෙන අන් සතු කළේය. මේ කාලය මුළුල්ලේ බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙකු වූ ජෝන් ඩොයිලි සිංහල රදළවරු කීප දෙනෙකු සමග සම්බන්ධතා පවත්වා ගෙන ගියේය. ඔව්හු නායක රජ පෙළපතකට වඩා බ්‍රිතාන්‍ය පාලනය වඩා හොඳ යයි සිතූහ.