දෙල්දූව
කළුතර දිස්ත්‍රික්කයේ කළුතර ප්‍රාදේශීය සභා භූමියට අයත් වාද්දුව ප්‍රදේශයේ දෙල්දූව ග්‍රාමය පිහිටා තිබේ.ගාලුපාරේ වාඩියමංකඩ මංසන්ධියෙන් හැරී බණ්ඩාරගම දෙසට පැමිණෙන කළ දෙල්දූව ග්‍රාමයට පිවිසිය හැක. දෙල්දූව මහා විද්‍යාලය එම පළාතේ දරුවන්ගේ සිප් සතර කියාදෙන එකම පාඨශාලාවයි. දෙල්දූව පන්සල නොහොත් ගණේවත්ත පුරාණ විහාරය දෙල්දූව නාමය ප්‍රචලිත කරවීම සඳහා හේතු සාදක වී තිබේ.
ඉතිහාසය
සංස්කරණයදෙල්දූව යන නාමය නිර්මාණය වූවේ ලංදේසි සමයේදීය. එනම් පොතුපිටියේ විසුවා වූ ගම්පති පවුලකට ලංදේසි පවරා දුන්නා වූ භූමියක රට දෙල් වගාව ජනප්‍රිය කළේය. එම රටදෙල් වත්තට ලඟා වීම ඉතාම කටුක වූවේ භූමිය වට ඇළවල් රාශියක් පැවති නිසාවෙනි. එබැවින් එසමයේ මෙම පෙදෙස හඳුන්වා ඇත්තේ දූව යනුවෙනි. රට දෙල්ගස් දූව පසුව දෙල්දූව යනුවෙන් ව්‍යවහාර කරවා තිබේ.
දෙල්දූව නාමය නිර්මාණය වූ සමයේදීම නිර්මාණය වූ අනෙක් නාමයවූවේ ගණේවත්ත නාමයයි. ගණේවත්ත නාමය නිර්මාණය වී තිබෙන්නේ දහඅට වන සියවස අගබාගයේදීය.ගණින්නාන්සේ ලා විසූ වත්ත ගණේවත්ත වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. වර්තමාන පොතුපිටිය වාලුකාරාම විහාර භූමිය නිර්මාණය කළා වූ ගණින්නාන්සේ වූවේ මොල්ලිගොඩ නන්දසිරි ගණින්නාන්සේ ය. එතුමා මල්වතු විහාරයේ පැවිදිව සිට උපසම්පදාව නොලැබීම නිසා යළිත් උපන්ගම්බලා පැමිණියේ දහාටවන සියවස මැද භාගයේදීය. මල්වතු විහාරේ බොහෝ කලක් පැවිදිව සිටි උන්වහන්සේට වඩා බාල අය පවා උපසම්පදා කළද කරාව කුලයේ අයෙකු වූ බැවින් මෙතුමාට උපසපුව ලැබුණේ නැත. ගණින්නාන්සේ ලෙසින්ම මොල්ලිගොඩ ග්‍රාමයට පැමිණ පසුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි වූ නන්දසිරි ගණින්නාන්සේ කුලබේදය නොසලකා බොහෝ පිරිසක් පැවිදි බිමට ඇතුලත් කළේය. ඒ අතර සිටියා වූ සලාගම කුලයේ කුරුඳුකාර ගණින්නාන්සේලා දහනමක් දෙල්දූවේ ආරාමයක් තනාගෙන පදිංචි විය.එම ආරාම භූමිය ගණින්නාන්සේ ලා විසූ වත්ත යනුවෙන් ව්‍යවහාර ය ඇරඹී පසුව ගණේවත්ත යනුවෙන් හහඳුන්වා තිබේ. ගණේවත්ත විහාරය එලෙසින් ඇරඹුණු විහාරය වේ.පසුව ගණේවත්ත විහාරය දහ නවවන සියවස මුල්භාගයේදී ස්ථිර ලෙස මුල්ගල්තබා කුඩා විහාරයක් වශයෙන් අරඹන ලදී.
මූලාශ්‍ර
සංස්කරණයකළුතර ගම්බිම් විත්ති/ පොතුපිටිය රජමහ වෙහෙර 1998 බද්දේගම සුමන හිමි/වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර 1875 වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි