දුනු තරාදි
දුනු තරාදි යනු සරල වශයෙන් එක් පසකින් අචල ලෙස සවි කොට ඇති හා අනෙක් පසින් වස්තුවක් එල්ලීමට කොක්කක් සහිත දුන්නකි. එය ක්‍රියාකරන මූල ධර්මය හුක්ගේ නියමය අනුව පහදාදිය හැක. එම නියමය පවසන්නේ දුන්නක් විස්තීරණය කිරීමට අවශ්‍ය වන බලය එහි නිශ්චල අවස්ථාවෙහි සිට දුන්න විස්තීරණය වන දුරට සමානුපාතික වන බවය. එබැවින් දුනු තරාදියක් මත පරිමාණ සලකුණු සම අන්තරයන් සහිත වෙති.
එය භාවිතා කරන ස්ථානයෙහිදී නිවැරදි මිනුම් ලබා ගැනීම සඳහා දුනු තරාදියක් ක්‍රමාංකනය කල හැකි වුවද, බොහෝ දුනු තරාදි වල මුහුණතේ "වෙළෙඳාම සඳහා භාවිතය නීත්‍යානුකූල නොවේ" හෝ එයට කිට්ටු සමානකමක් දරන වදන් පෙළක් සඳහන් කර ඇත්තේ, තරාදිය සලකුණු කිරීම සඳහා භාවිතා කරන සිද්ධාන්තයේ සන්නිකර්ෂණ ස්වරූපය නිසාය. මෙයට අමතරව, නැවත නැවත භාවියේදී තරාදියේ දුන්න ස්ථීර ලෙසින් ඇදීමට ලක් විය හැක.
දුනු තරාදි දෙකක්, එකකට යටින් තවෙකක් ලෙසින් ශ්‍රේණිගතව පිහිටන ලෙසින් එල්ලා තැබුවොත්, පහළ තරාදිය වෙතින් එල්ලා ඇති වස්තුවේ බර, එක් එක් දුනු තරාදිය විසින් කියවනු ලැබේ. ඉහළ ඇති තරාදිය විසින් ස්වල්පයක් වැඩි බරක් කියවනු ලබන අතර එසේ වන්නේ පහළ තරාදියේ බර විසින් එය ඇදීමකට ලක් වන නිසාය.
දුනු තරාදි විවිධ ප්‍රමාණ වලින් වෙළෙඳපොලෙහි දක්නට ඇත. සාමාන්‍යයෙන් ගත් කල, නිවුටන මනින කුඩා තරාදි සතුව ඇත්තේ නිවුටන දහයේ ඒවා, සියයේ ඒවා හෝ දාහේ ඒවා මනින ඒවායේ දුන්න තරම් දැඩි නොවන (කුඩා දුනු නියතය සහිත වූවක්) දුන්නකි.
භාවිතා
සංස්කරණයභෞතික විද්‍යාවෙහි සහ අධ්‍යාපනයෙහිදී මූලික ත්වරණමානයක් ලෙසින් දුනු තරාදිය භාවිතා කල හැකි වුවද, එහි ප්‍රධාන භාවිතාවන් වන්නේ කර්මාන්ත ක්ෂේත්‍රෙයහිදී වන අතර විශේෂයෙන්ම ට්‍රක් රථ, ගබඩා සයිලෝ, සහ වාහක පටියක රැගෙන යන ද්‍රව්‍යය ආශ්‍රිත විශාල (බැර) භාරයන්හී බර මැනීම සඳහාය. සරල බව, මිල අඩු බව, හා හැඩිදැඩි බව සඳහා අනෙකුත් වර්ගයන්හී තරාදි වලින් ලබා දෙන නිරවද්‍යතාවය කැපකල හැකි තැන් වලදී දුනු තරාදි භාවිතා වෙයි.
දුනු තරාදියක් විසින් වස්තුවක බර මනින්නේ විස්තීරණය කෙරුණු දුන්නක බලය මගින් ගුරුත්වයේ බලය හා විරුද්ධ වීමෙනි. දුනු තරාදි විසින් නිවුටන වලින් මෙන්ම ග්‍රෑම් වලින්ද බර මනිනු ලැබේ
ඉතිහාසය
සංස්කරණයබ්රිතාන්යයේ පළමු දුනු තරාදිය 1770දී පමණ තැනුනේ බටහිර බ්‍රොමිච් අසල බිල්ස්ටන් හී රිචඩ් සෝල්ටර් විසිනි.