දීර්ඝ සුඛාවතීව්‍යූහ සූත්‍රය

දීර්ඝ සුඛාවතීව්‍යූහ සූත්‍රය (හෙවත් අනන්ත ජීව සූත්‍රය) යනු අමිතාභ බුදුන් වහන්සේ බුද්ධ ක්ෂේත්‍රය විස්තර කෙරෙන ඉන්දියානු මහායාන සූත්‍ර ද්විත්වය අතුරින් එකකි. කෙටි සුඛාවතීව්‍යූහ සූත්‍රය සහ මෙම සූත්‍රය චීනය සහ ජපානය කෙරෙහි ඉමහත් බලපෑමක් ඇතිකළ අතර, ජෝදො-ෂූ සහ ජෝදො ෂින්ෂූ නිකායයන් මේ අතර වැදගත් වේ.

භාවනානුයෝගී අමිතාභ බුද්ධ ප්‍රතිමාවක්. බොරෝබුදුර්, ජාවා, ඉන්දුනීසියාව

කෙටි සුඛාවතීව්‍යූහ සූත්‍රයේ සහ දීර්ඝ සුඛාවතීව්‍යූහ සූත්‍රයේ මුල් සංස්කෘත ප්‍රභේදය ලුයිස් ගෝමස් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කොට ද ලෑන්ඩ් ඔෆ් බ්ලිස් හි ඇතුළත් කොට ඇත.