දි ආට් ඔෆ් වෝ (මකියාවෙල්ලි)

ආට් ඔෆ් වෝ (ඉතාලියානු: ඩෙල්ආර්තෙ ඩෙල්ලා ගුවෙර්රා) යනු, ඉතාලියානු පුනරුද දේශපාලන දාර්ශනික සහ ඉතිහාසඥ නික්කලෝ මකියාවෙල්ලි විසින් ලියැවුනු නිබන්ධයකි. ආට් ඔෆ් වෝ හි ආකෘතිය සොක්‍රටීය සංවාදයක ස්වරූපයක් ගනියි. ආරම්භයේදීම, ෆැබ්‍රීසියෝ කොලොන්න සාමිවරයා (සමහරවිටෙක මකියාවෙල්ලිගේ කථක) විසින් ප්‍රකාශ කර ඇති පරිදී, මෙම කෘතියෙහි අභිමතාර්ථය වන්නේ, "විර්තූ (ගුණධර්ම) වලට ගරුකිරීමට හා ඒවා ඉටුකර ගැනීමට, දරිද්‍රතාවයට අවඥා නොකිරීමට, හමුදාමය විනයෙහි පන්නයන් හා ඇණවුම් වෙත ගෞරවාන්විතව සැලකීම, එකිනෙකාට ප්‍රේම කිරීමට, පිල් නොමැතිව ජීවත්වීමට හා, පෞද්ගලිකත්වය අඩුවෙන්ද පොදු යහපත වැඩියෙන්ද සැලකීමට පුරවැසියන් හට බලකිරීමට වෙති." මෙම කරුණු ස්පුඨ කිරීමට, ඔහුගේ පෙරවදනෙහිදී මකියාවෙල්ලි සඳහන් කරනුයේ, හමුදාව යනු, මෙම කෘතියෙහි අන්තර්ගතය ආරක්ෂා කරන පලාස්සො (ඉතාලියානු වර්ගයේ ගොඩනැගිල්ලක්) ගොඩනැගිල්ලක පියස්ස වැනිය යනුවෙනි.

1573දී පීටර් වයිට්බෝර්න් විසින් සිදුකෙරුණු දි ආට් ඔෆ් වෝ හී පරිවර්තනය

ෆ්ලොරන්ස්හී නිල ඉතිහාසඥයා ලෙසින් 1520 දී පත් කොට සුළු සිවිල් රාජකාරි පැවරුණද, මකියාවෙල්ලිගේ ජීවිතකාලය තුලදී මුද්‍රණය කෙරුණු එකම ඓතිහාසිත හෝ දේශපාලනමය කෘතිය වන්නේ, 1519 සහ 1520 අතරතුරදී ලියැවී ඊළඟ වසරෙහිදී ප්‍රකාශයට පත් කෙරුණු මෙම කෘතිය පමණක් වෙයි.