දිය සායම් භාවිතයේ ඉතිහාසය
සිතුවම් කිරීම සඳහා දිය සායම් යොදාගැනීම අලූත් සොයාගැනීමක් නොවේ. එය පැලියෝලිතික යුරෝපයේ ගුහා චිත‍්‍ර දක්වා දිවයන්නකි. ඊජිප්තු යුගයේදී මෙන්ම යුරෝපියානු මධ්‍යතන යුගයේදීද එය යොදාගනු ලැබ ඇති අතර සිතුවම් කිරීමේ මාධ්‍යක් ලෙස එහි අඛණ්ඩ ඉතිහාසය අරම්භ වන්නේ පුනරුදයෙනි. ජර්මානු චිත‍්‍ර ශිල්පියකු වූ ඇල්බෲෂ් ඩුරේ(ර්) (1471-1528) උද්භිද විද්‍යාත්මක ශාක සහ වනසතුන් රැසක්ම දියසායමෙන් ඇඳිනු ලැබූ අතර ඒවා එම මාධ්‍යයේ මුල්කාලීන ප‍්‍රකාශන ලෙසින් සලකනු ලැබේ. ජර්මනියේ බිහිවූ ප‍්‍රම්ඛතම දිය සායම් චිත‍්‍ර ගුරුකුලයක් හෑන්ස් බොල් (1532-1593) විසින් මෙයෙවනු ලැබිණී.
බැරක් ඊසල් සිත්තරුන්ද දිය සායම් සිය කටු සටහන්, පිටපත් කිරීම්, විකට චිත‍්‍රයන් ආදිය සඳහා යොදාගෙන ඇත. මුල් කාලීන දිය සායම් සිත්තරුන් අතරින් වෑන් ඩයික්, ක්ලෝඞ් ලොරේන්, ජියෝවානි බෙනඩිටෝ කැස්ටීගිලියොන් වැනි සිත්තරු ඉදිරියෙන්ම වෙති. කෙසේවෙතත් දිය සායම් සිතුවම් කලාවේ පැරණිතම සහ වඩාත් වැදගත් සම්ප‍්‍රදාය වන්නේ උද්භිද විද්‍යාත්මක හා වනසත්ව සිතුවම්ය. පුනරුද යුගයේදී උද්භිද විද්‍යාත්මක සිතුවම් ජනපි‍්‍රය වූ අතර ඒවා නිර්මාණය කළ අය වඩාත් නිවැරදි සහ පරිපූර්ණ සිත්තරු වූහ. අදද දිය සායම් එහි පවතින ඊටම සුවිශේෂී වූ සාරාංශ කිරීමේ හැකියාව, පැහැදිලිභාවය සහ පූර්ණ වර්ණ පරමාදර්ශී බව හේතුකොටගෙන විද්‍යාත්මක හා කෞතුකාගාර ප‍්‍රකාශනයන්හි උදාහරණයන් ඇඳීම සඳහා යොදාගනු ලැබේ. 19 ව සියවසේදී වනසතුන් ඇඳීම එහි හිණිපෙත්තට ළගාවූ අතර එහිදී ජෝන් ජේම්ස් ඔඩුබන් වැනි සිත්තරු ඉදිරියෙන්ම වූහ. වර්තමානයේදීද බොහෝ ස්වභාවික ක්ෂේත‍්‍ර මාර්ගෝපදේශයන්හි දියසායම් සිතුවම් දැකගත හැක.
References
සංස්කරණයhttp://en.wikipedia.org/wiki/Watercolor#History