දියයට පුරාවිද්‍යාව

දියයට පුරා විද්‍යාව යනු ලවණ සහිත ජලයේ ‍නැවුම් ජලයේ හෝ ජලය සහිත ප්‍රදේශයන් යට වැළලුණු මනුෂ්‍ය ජීවිතයන්හි භෞතික අවශේෂයන් නිරාවරණය කිරීමේ විෂයයි. එය සමුද්‍ර පුරාවිද්‍යාවේ කොටසක් ලෙස බොහෝ විට සැලකේ. ජලය යට පවතින ස්ථාන වලට ළඟා වීමට ඇති අපහසුව නිසා දියයට පුරාවිද්‍යාත්මක කාර්යයන් වර්ධනය වුයේ නාවිකයන් විසින් තනන ලද කුසලතා හා ආයුධ භාවිතයෙනි. එම හේතුවෙන් දියයට පුරාවිද්‍යාව පරිපුර්ණ පුරා විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයක් බවට පත් වීම සඳහා ඉමහත් වෙහෙසක් දැරිය යුතු විය.

දියයට මිනුම් සටහන් කිරීම

දියයට පවතින පුරාවිද්‍යාත්මක ස්ථාන ලෙස නැව් හෝ ගුවන්යානා කොටස්, පාලම් හා වරාය වැනි දියමත තැනුනු ව්‍යුහ හෝ වරෙක ජනාවාසයන් ලෙස පැවතුනු ප්‍රදේශ මුහුදු මට්ටම ඉහළ යාම නිසා ජලයෙන් යට වු ස්ථාන වැනි දේ ගත හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=දියයට_පුරාවිද්‍යාව&oldid=557985" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි