දිනක්ෂි ප්‍රියසාද්


දිනක්ෂි ප්‍රියසාද් (උපත 1990 මාර්තු 18) ඇය ශ්‍රී ලංකික නිළියක සහ රූපවාහිනී නිවේදිකාවකද වේ.ඇයගේ සිනමා ජීවිතය ආරම්භ වන්නේ වයස අවුරුදු දෙකේදී ඇයගේ පියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සමගය

දිනක්ෂි ප්‍රියසාද
උපත
බමින්න හැන්නැදිගෙ දිනක්ෂි ප්‍රියසාද්

18 මාර්තු 1990 (1990-03-18) (වයස 34)
කොළඹ, ශ්‍රී ලංකාව
ජාතිකත්වයSri Lanka
රැකියාවනිරූපිකාවක, රූපවහිණී නිවේදිකාවක,
සක්‍රීය වසර2000–වර්තමානය තෙක්
දෙමව්පියන්
  • දිනෙෂ් ප්‍රියසාද් (පියා)
  • ශිරානි ප්‍රියසාද් (මව)
ඥාතීන්ශෙශාද්‍රි ප්‍රියසාද් (සහොදරිය)
ෂනුද්‍රි ප්‍රියසාද්(සහොදරිය)

මුල් කාලය, පසුබිම හා අධ්‍යාපනය සංස්කරණය

ඇය උපත ලැබූවේ කොළඹ, ශ්‍රී ලංකාවේය.ඇය දුවලා තුන්දෙනෙකුන් යුත් පවුලේ වැඩිමහල් දියනියයි.දිනක්ෂිගේ පියා දිනෙෂ් ප්‍රියසාද් වන අතර මව ශිරානි ප්‍රියසාද්වේ.ඇයගේ පියා වන දිනෙෂ්[1] ශ්‍රී ලංකා සිනමා කර්මාන්තයේ පුරෝගාමී චරිතයක් ලෙස සලකනු ලබන කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වේ.ඇයගේ පියගේ වඩාත් ප්‍රසිද්ධ ව්‍යාපෘතිය වන්නේ 1995 වර්ෂයේ නිෂ්පාදනය වූ දෙමෝදර පාලම ක්‍රියාදාම චිත්‍රපටයයි.එයි ප්‍රධාන නළුවා බවට පත්වූයේ ගාමිණී ෆොන්සේකා මහතාය.[2]ඇයගේ මූලික අධ්‍යාපනය සදහා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, බම්බලපිටිය වෙත යොමුවිය.පසුව ඇය උසස් ඇධ්‍යාපනය සදහා Royal Institute ආයතන්යෙන් ගණිත අංශයෙන් අධ්‍යාපනය හැදෑරීය.[3]

මූලාශ්‍ර සංස්කරණය

  1. "Artist details www.films.lk".
  2. "Demodara Palama' in memory of Gamini retrieved Sunday, 10 October 2007".
  3. "A new step into the teledrama industry, The nation paper Monday, November 29, 2010".
"https://si.wikipedia.org/w/index.php?title=දිනක්ෂි_ප්‍රියසාද්&oldid=482659" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි