දිගු කාලීන මතක ධාරිතාවය
ධාරිතාව
මොළය නියුරෝන අතර අමතර සන්ධි ගොඩ නඟා ගැනීමෙන් දිගු කාලීන තොරතුරු ගබඩා කර ගනියි. මොළයේ ආසන්න ලෙස සන්ධි 105 පවතින නිසා කෙනෙකුට මතක ධාරිතාව ටෙරා බයිට් 100 ලෙස විවාද කළ හැකිය. තවද සන්ධියකට බයිට් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කළ හැකි නම් ධාරිතාව තවත් වැඩි වේ. නමුත් මිනිසාට මොනම අයුරකින්වත් මේ තරම් තොරතුරු ගබඩා කළ නොහැකිය. 1980 මැද කාලයේ කරන ලද පර්යේෂණවලට අනුව මිනිසාගේ දිගු කාලීන මතකයේ තොරතුරු ගබඩා කළ හැක්කේ තත්පරයකට බයිට් 1-2 අතර ප්‍රමාණයක් බව සොයාගන්නා ලදී. එනම් අවුරුදු 70 ක් වන ජීවිත කාලය තුළ මොළයේ ගබඩා කළ හැක්කේ මෙගා බයිට් 125ක තොරතුරු පමණි.
කාලය
Bahrick ගේ අධ්‍යයන කටයුතුවලට අනුව දිගු කාලීන මතකයේ ඇති ඇතැම් තොරතුරු ජීවිත කාලයටම මතක තබා ගත හැකි බව අනුමාන කරන ලදී. නමුත් ඇතැම් හේතු සාධක මගින් එම මතකයන් අඩු කිරීම හෝ සම්පූර්ණයෙන් නැති කිරීම කළ හැකිය. ළමා කාලයේ අමතක වීම දිගු කාලීන මතක කාලයට බලපාන එක් හේතු සාධකයකි. එනම් අවුරුදු 3,4 පෙර තම ජීවිතයේ තොරතුරු නැවත සිහි ගැන්විය හැකි පුද්ගලයින් සිටින්නේ අතලොස්සක් පමණි.
තොරතුරු සැකසීම සහ දත්ත ගත කිරීම
බැඩ්ලිගේ පර්යේෂණ අනුව දිගු කාලීන මතකය තොරතුරු ගබඩා කිරීම සඳහා පිළිවෙලට සකසා ගනියි.
නින්ද
මනා සංවිධානාත්මක දිගු කාලීන මතකයක් සඳහා නින්ද වැදගත් සාධකයක් ලෙස ඇතැම් සිද්ධාන්ත මඟින් පෙන්වාදී ඇත.
Tarnow’s ගේ සිද්ධාන්තයන්ට අනුව දිගු කාලීන මතකයන් ගබඩා කර ඇත්තේ සිහින ආකාරයන් ලෙසය. Penfield සහ Rasmussen’s ගේ හඳුනාගැනීම් අනුව මොළයේ විද්‍යුත් උද්දීපනයන් මඟින් සිහිනවලට සමාන අත්දැකීම් ඇති වන බව පෙන්වා දී ඇත.මෙහිදී මිනිසෙකු නොනිදා සිටින කාලය තුළ විධායක කාර්යයන් මඟින් දිගු කාලීන මතකය යථාර්ථය හා ගැළපේ ද යන්න සොයා බලයි.
සටහන්
සංස්කරණයLong_term_memory |