අරටුවෙන් දැව නිපදවීමේ ක්‍රියාවලිය යනු පතනශීල වනාන්තරවල ශාකවලින් උපරිම ලෙස දැව ලැබීම කළමනාකරණය කිරීමයි. මෙම නිෂ්පාදන ක්‍රියාවලිය රේඛීය නොවන්නකි. එයට හේතුව සෙසු සාධකවල බලපෑමයි. එම සාධක ලෙස වෙළඳපොළෙහි විකිණිය හැකි සහ විකිණිය නොහැකි භාණ්ඩ, මූල්‍යමය වාසි , කළමනාකරණ ප්‍රතිපත්ති සහ පාරිසරික සාධක දැක්විය හැකිය.

වනාන්තරවලින් විකිණිය හැකි සහ විකිණිය නොහැකි නිෂ්පාදන ලබාගත හැක‍. විකිණිය හැකි නිෂ්පාදන යනු වෙළඳපොළ මිලක් පවතින නිෂ්පාදනයි. ප්‍රධාන වශයෙන් වෙළඳපොළ මිලක් පවතින විකිණිය හැකි නිෂ්පාදන දැවය. ප්ලයිවුඩ් ආකාරයේ දැව සඳහා අඩියකට ඩොලර් සියගණනක සිට ඩොලර් දහස් ගණනක් දක්වා වේ. අනෙක් විකිණිය හැකි නිෂ්පාදන අතරට පිදුරු, හතු, පලතුරු, දඩයමින් ලැබෙන ද්‍රව්‍යය අයත්ය. ජලයේ ගුණාත්මක බව, වාතයේ ගුණාත්මක බව, ස්වාභාවික සෞන්දර්යය සහ කාබන් තිර කිරීම වනාන්තරවල මිල කළ නොහැකි නිපැයුම් වේ.

අරටුව සහිත ශාක ඇති වනාන්තරවල ජෛව විවිධත්වය ඉහළ අතර ඒවා කළමනාකරණයේදී අභියෝගවලට සහ වාසිදායක තත්වවලට මුහුණ දීමට සිදු වේ. වනාන්තර කළමනාකරණය කරන්නන් තිරසාරවන කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කර ඇත‍. මෙහිදී රුක් රෝපණ ක්‍රම භාවිතයෙන් අස්වනු නෙළීම, වනාන්තර පුණර්ජනනය, කෘමි පාලනය , රෝග පාලනය, පොහොර දැමීම, පළිබෝධ පාලනය ආදී ක්‍රියා යොදා ගනී. පොහොර දැමීම මගින් ශාක වර්ධනය නංවන අතර ශාකයේ දැව ප්‍රමාණය වැඩි කරයි‍. මීට අමතරව වන ඝනත්වය ඉහළයන විට වන ජීවී සංඛ්‍යාව ඉහළ යයි. ආක්‍රමණික විශේෂ පාලනය මගින් ප්‍රදේශයේ සැකසුම හා පවතින සංයුතිය පවත්වා ගත හැක.

නමුත් කළමනාකරණ ක්‍රම පරිසර පද්ධතියට හානි කිරීමට ඉඩ ඇත. උදාහරණ ලෙස දැව කපන යන්ත්‍ර පසට, මූල පද්ධතියට හානි කරයි. එවිට ශාක වර්ධනය අඩාල වී මේරීමට ගතවන කාලය දීර්ඝ කරයි. එනිසා අවශ්‍ය කාලයට කැපීමට නොහැක. මීට අමතරව යන්ත්‍ර වනාන්තරවල යටි වගාවට හානි කරයි. වනජීවී ප්‍රජාවගේ වාසස්ථාන හා ප්‍රජනනයට බාධා පමුණුවයි.




References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Hardwood_timber_production

"https://si.wikipedia.org/w/index.php?title=දැඩිදැව_නිපදවීම&oldid=470308" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි