ගොලියත්

(දාවිත් සහ ගොලියත් වෙතින් යළි-යොමු කරන ලදි)

ගාත් (පිලිස්තියාවේ නගර රාජ්‍යයන් පහෙන් එකක් ) හී ගොලියත් ලෙසින්ද හැඳින්වෙන ගොලියත් (හෙබ්‍රෙව්: גָּלְיָת, සම්මතය Golyat ටයිබේරියානු Golyāṯ; අරාබි: جالوت , Ǧālūt (කුරානීය පදය), جليات Ǧulyāt (ක්‍රිස්තියානි පදය)) හෙබ්‍රෙව් බයිබලයෙහි (ක්‍රිස්තියානි පුරාණ ගිවිසුමෙහි) චරිතයකි. යෝධ පිලිස්තීය යුද්ධ භටයෙක් ලෙසින් විස්තර කෙරෙන ඔහු, ඊශ්‍රායෙලයෙහි ඉදිරි රජ වීමට සිටි, තරුණ දාවිත් සමග පැවැති සටන නිසා ජනප්‍රිය චරිතයකි. ඔවුන් අතර පැවති සටන හෙබ්‍රෙව් බයිබලයෙහි/පුරාණ ගිවිසුමෙහි විස්තර කෙරෙන අතර වඩාත් කෙටියෙන් ශුද්ධවූ කුරානයෙහි විස්තර කෙරෙයි.

දාවිත් සහ ගොලියත්, ඔස්මා ශින්ඩ්ලර් ගේ වර්ණ ශිලා මුද්‍රිතයක් (1888 පමණ)
"https://si.wikipedia.org/w/index.php?title=ගොලියත්&oldid=163796" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි