දානි යනු දානිගල යක් පරපුරෙන් පැවත එන හිරණ්‍ය රජුගේ සෙනවියෙකි. ඔහු යක්ඛ ගෝත්‍රයේ බැවින් ඔහුගේ නාමය "දානියක්" විය. ජනප්‍රවාද අනුව හිරණ්‍ය රජු තනි ඇසකින් බලා උතුරේ (යුරොපයේ) හිම කිරීමෙන් පසු යුරෝපා බිමේ ස්ටෙප්ස් තණ බිම් මතට මිනිසුන් සංක්‍රමණය වූ අතර දානියක් යුරොපයට පැමිණ එහි රමණීය (රුමේනියා) පුරය ඉදිකළ බව කියවේ. රුමේනියාවේ ජනකතාවලට අනුව හීරා සහ ඩැනියුක් එක්ව එහි මිනිසුන්ට හිරිහැරයක් වූ මකරුන් පරදා රුමේනියාවේ වීරයන් බවට පත් විය. යුරෝපයේ මහා නදිය වූ ඩැනියුබ් නදිය මොහු සිහිවීමට නම් කල බව කියවේ. ඩැනියුක් යනු පූර්ව ක්‍රිස්තියානි යුගයේ යුරෝපයේ ජන දෙවියෙකු ලෙසින් වන්දනාවට පාත්‍ර විය.

"https://si.wikipedia.org/w/index.php?title=දානියක්&oldid=652624" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි