ද්‍රව ස්ඵටික සංදර්ශක රූපවාහිනී

ද්‍රව ස්ඵටික සංදර්ශක රූපවාහිනී

ද්‍රව ස්ඵටික සංදර්හක රූපවාහිනී (LCD TV) යනු LCD තාක්ෂණය යොදාගන්නා දෘෂ්ටි ප්‍රතිදානය (රූප නිර්මාණය කරන) රූපවාහිනී වේ. ශක්ති පරිභෝජනය අඩුකිරීම, ප්‍රමාණය හා ගැඹුර අඩුකිරීම වැනි කාරණ නිසා TFT තාක්ෂණය මෙටය යොදාගනනී. මෙම LCD තිර (screens) කොම්පියුටර් මොනිටර වලට ද ‍භාවිතා කරයි.

සාම්ප්‍රදායික රූප සංදර්ශක වලට සාපේක්ෂව කලින් පරපුරට අයත් LCD රූපවාහිනී වල අවාසි තිබිණ. වේගයෙන්-චලනය වන ක්‍රියාදාම දර්ශන දෝෂ සහිත වූ අතර එම සංදර්ශකය කල නිසා පැහැදිලි දර්ශන නැරඹීමට නම් සංදර්ශකය ඉදිරියෙන්ම සිටිය යුතු විය. මෑත වසර වල වර්ධනයන් මේ බොහෝ ප්‍රශ්න විසදා ඇති අතර LCD රූපවාහිනී හා ප්ලාස්මා සංදර්ශක කැතෝඩ් කිරණ සංදර්ශක රූපවාහිනී හා ප්ලාස්මා සංදර්ශක කැතෝඩ් තිරණ සංදර්ශක රූපවාහිනී වලට වඩා ‍ලොව පුරා ජනප්‍රිය වී ඇත. ශක්ති භාවිතයේ කාර්යක්ෂමතාව වැඩි වීම නිසා සාම්ප්‍රදායික CRT මොනිටර වලට තිබූ වෙළඳ පොලෙන් විශාල කොටසක් 2000 වසර මුල්භාගයේදී සමතල-රාමු (Flat - panels) වලට අල්ලා ගැනීමට හැකිය. අඛණ්ඩ LCD TV තාක්ෂණ වර්ධනයන් නිසා එයට ප්‍රතිවාදී තරඟකරුවන් වන ප්ලාස්මා සමතල-රාමු හා පිටුපසින්-ප්‍රක්ෂේප රූපවාහිනී (DLP හා LCD තාක්ෂණයේ වර්ග දෙකක් වන LCD හා LCOS) සමඟ හොඳින් තරඟ කිරීමට හැකිවිය.

LCD හි අඛණ්ඩව වෙළඳ පල රැදී සිටි කාලය තුල එය වඩා සුදුසුවන්නේ අංශක 40 හෝ ඊට වඩා අඩු කුඩා ප්‍රමාණයේ සමතල-රාමු රූපවාහින වලට බව විශාල ලෙස විශ්වාස කෙරේ. ප්ලාස්මා තාක්ෂණය ක්‍රියාකාරීත්වයෙන් හා මිලෙන් ඉදිරියෙන් සිටි නිසා එම ප්‍රමාණයට වඩා තිර වලින් LCD තාක්ෂණයට ප්ලාස්මා තාක්ෂණයට අභියෝග කල නොහැකි විය. කෙසේවුවත් දැන් LCD තාක්ෂණයට ප්ලාස්මා තාක්ෂණයට සමාන ක්‍රියාකාරීත්වයක නිරූපණය කල හැක.

මෙය හත්වන - පරපුරේ ප්‍රධාන නිෂ්පාදකයන් වන සැම්සුන්ග්, සෝනි, එල්ජී, ෆිලිප්ස් LCD හා ෂාප් සමාගමේ නිවේදන වලින් පිළිඹිඹු වේ.

2004 ඔක්තෝම්බර් හිදී 40" හා 45" රූපවාහිනී විශාල වශයෙන් භාවිතයේ තිබු අත ෂාප් 65" තිරයක් සාර්ථක ලෙස නිවේදනය කලේය. 2005 මාර්තු මාසයේදී සැම්සුන්ග් ආයතනය 82" LCD තිරය සාර්ථක ලෙස නිවේදනය කලේය. 2006 අගෝස්තු මාසයේදී එල්.ජී පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් ආයතනය 100" LCD රූපවාහිනී නිවේදනය කලේය. 2007 ජනවාරි මාසයේදී, ෂාප් 106 LCD තිරය AQ005 වර්ග නාමය යටතේ ප්‍රදර්ශනය කලේය.

නිෂ්පාදකයන් ඩොලර් බිලියනක ගණනක මුදල් සම්භාරයක් LCD නිෂ්පාදන සඳහා අයෝජනය කිරීමට සැලසුම් කර ඇත. රූපවාහිනි ප්‍රධාන වෙළඳපළක් බවට පත්වීමට ඉඩ ඇත. (LCD වලට අනිකුත් වෙළඳපල වන්නේ කොම්පියුටර් මොනිටරය)

LCD තාක්ෂණයේ වර්ධනයත් තාක්ෂණික පරතරය අඩුකිරීමට විදුලි පරිභෝජනයේ අඩුවකට, වැඩි විභේදනයකට (HDTV වටල අත්‍යාවශ්‍යය) හා මිල අඩුකිරීමට හේතු වී ඇත. මෙය ප්ලාස්මා සංදර්ශක රූපවාහිනී යන්ත්‍ර වෙළඳපල සමඟ ඇති තරඟකාරීත්වය අඩු කිරීමට මෙය ඉවහල් ‍වී තිබේ. 2006 අගභාගයේදී වි‍ශ්ලේෂකයන් කියා සිටියේ කලින් වසර වල 40" හා ඊට වැඩි ප්ලාස්ම තිර වලට වෙළඳපලේ තිබු ආධිපත්‍යය LCD තිර මඟින්