ද්‍රව්‍ය විද්‍යාවේ උප - ක්ෂේත්‍ර

නැනෝතාක්ෂණය, ක්වොන්ටම් සසීමනය (confinement) බලපෑම්, ගිබ්ස් - තොම්සන් බලපෑම් හෝ නැනෝ පරිමාණයේ ද්‍රව්‍යය ගුණ විස්තර කරන බලපෑම් පිළිබඳ අධ්‍යයනය ද්‍රව විද්‍යාව නම්වේ. එය වඩා ප්‍රචලිත වන්නේ නැනෝමීටරයේ සිට සිය ගණනක් නැනෝමීටර පරිමාණයට අඩු ද්‍රව්‍යය වල ව්‍යුහයේ ගුණ හා අණුකව සකස්කළ ද්‍රව්‍යයවල නිර්මාණය හා හැදැරීම නිසාය.

Simulation of the outside of the Space Shuttle as it heats up to over 1,500 °C (2,730 °F) during re-entry into the Earth's atmosphere

සූක්ෂම තාක්ෂණය - සූක්ෂම විදුලි යාන්ත්‍රික පද්ධති වැනි සූක්ෂම මාත්‍රික (micrometric) මානවල හා සූක්ෂම පිරිසැකසුම (microfabrication) ව්‍යුහවල, අන්තර් ක්‍රියාවන්ට ඉඩ දෙමින් සිදුවන ක්‍රියාවලි හා ඒවාට සම්බන්ධ ද්‍රව්‍යය පිළිබඳ අධ්‍යයනය.

  • ස්ඵටික විද්‍යාව - ඝනයක ඇති පරමාණු අවකාෂය, ස්වටික ව්‍යුහයේ ඇති දෝෂ, කණස සීමා (grain boundaries) හා විස්ථාපන (dislocations) පුරවන්නේ කෙසේද යන්න පිළිබඳව හා භෞතික ගුණවලට සම්බන්ධ මෙම ව්‍යුහවල විදහා දැක්වීම පිළිබඳව අධ්‍යයනයයි.
  • ද්‍රව්‍යය විදහා දැක්වීම - X කිරණ, ඉලෙක්ට්‍රෝන හෝ නියුට්‍රෝන සමඟ විවර්තනය හා වර්ණාවලීක්ෂණය හා රසායන අධ්‍යයනය. උදාහරණ ලෙස රේමන් වර්ණාවලීක්ෂණය, ශක්ති අපකිරණ වර්ණාවලීක්ෂණය, වර්ණලේඛ ශිල්පය, තාප අධ්‍යයනය, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ අධ්‍යයනය ආදියයි.
  • ලෝහ විද්‍යාව - ලෝහ හා මිශ්‍රලෝහ වල නිස්සාරණය සූක්සම ව්‍යුහය හා සකස්කිරීම පිළිබඳ අධ්‍යයනය.
  • ජීව ද්‍රව්‍යය - ජෛව පද්ධති සමඟ භාවිත කරන හෝ/හා ඒවායෙන් ලබාගන්නා ද්‍රව්‍යය.
  • ඉලෙක්ට්‍රෝනික හා චුම්බක ද්‍රව්‍යය - සංයුක්ත පරිපථ, ගබඩා මාධ්‍යය, සංවේදක හා අනෙකුත් උපකරණ නිර්මාණයට යොදාගන්නා අර්ධ සන්නායක වැනි ද්‍රව්‍යය.
  • ඝර්ෂණ විද්‍යාව - ඝර්ෂණය හෝ අනිකුත් සාධක නිසා ද්‍රව්‍යවල සිදුවන ගෙවීම පිළිබඳ හැදෑරීම.
  • පෘෂ්ඨ විද්‍යාව / උත්ප්‍රේරණය - ඝන වායු, ඝන - ද්‍රව හෝ ඝන - ඝන අන්තර් පෘෂ්ඨ අතර සිදුවන අන්තර් ක්‍රියා හා පවතින ව්‍යුහයන්
  • සෙරමික් විද්‍යාව - RCC, පොලික්‍රිස්ටලයින් සිලිකන් කාබයිඩ්, හා විපරිත දැඩි සෙරමික් (transformation toughened ceramic) වැනි ව්‍යුහමය සෙරමික් වැනි අධි තාප හා තාප සහ ඇසුරුම් (refractories) සුක්ෂම ව්‍යුහ පිළිබඳව අධ්‍යයනය.

ස්‍රැති විද්‍යාව, එමඟින් ඕනෑම ද්‍රව්‍යයක ගලායාම විස්තර කරන නිසා, ද්‍රව්‍යය විද්‍යාවේ උප-ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වයි. කෙසේවුවත් නූතන ස්‍රැති විද්‍යාව නිව්ටන්-නොවන ද්‍රව ගතිවිද්‍යාව විස්තර කරන නිසා බොහෝ විට එය අඛණ්ඩ යාන්ත්‍රවන උප ක්ෂේත්‍රයක් ලෙස සැළකේ.

  • වීදුරු විද්‍යාව - අකාබානික වීදුරු, වීදුරු වැනි ලෝහ, හා ඔක්සයිඩ් නොවන වීදුරු වැනි ස්ඵටික නොවන ද්‍රව්‍යය.
  • අධිකරණ ඉංජිනේරු විද්‍යාව - තැනීම් කටයුතුවලට අවශ්‍ය ද්‍රව්‍යය වල කාර්ය හා නිෂ්පාදන බිඳ වැටෙන්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යයනයයි.
  • අධිකරණ ද්‍රව්‍යය ඉංජිනේරු විද්‍යාව - ද්‍රව්‍යය බිඳ වැටීම්. එමඟින් පතුරුවන ආලෝකයෙන් ඉංජිනේරුවන් ද්‍රව්‍යය නියම කරන්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යයනයයි

සටහන් සංස්කරණය

Materials_Science Sub-fields_of_materials_science

අධ්‍යයනයයි.

අධිකරණ ද්‍රව්‍යය ඉංජිනේරු විද්‍යාව - ද්‍රව්‍යය බිඳ වැටීම්. එමඟින් පතුරුවන ආලෝකයෙන් ඉංජිනේරුවන් ද්‍රව්‍යය නියමය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අධ්‍යයනයයි.