ද්‍රව්‍ය අමුණා තැබීමට භාවිතා කරන උපකරණ

ද්‍රව්‍ය අමුණා තැබීමට භාවිතා කරන උපකරණ

සාමාන්‍යයෙන් දක්නට ලැබෙන උපකරණ(කාසිය පරිමාණය දැක්වීමට භාවිත කර ඇත )

ද්‍රව්‍ය අමුණා තැබීමට භාවිතා කරන උපකරණයක් යනු ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගනණක් යාන්ත්‍රිකව එකතුකිරීමට හෝ සවිකොට තැබීමට භාවිතාකරන උපාංගයකි.

මේවා බෑග්, පෙට්ටි හෝ ලියුම් කවර වැනිදේ වැසීමට භාවිතා කල හැක. නැතහොත් නම්‍යශීලී ද්‍රව්‍යයක සිදුරක දෙපස එකට එකතුකොට තැබීමට හෝ භාජනයක පියන සවිකොට තැබීම වැනි දේ සඳහා භාවිතා කල හැක. වැසීම් කටයුතු සඳහා ම විශේෂිත වූ උපකරණ මෙන් නොව බොහෝ විට මේවා තාවකාලික වන අතර නිතරම ඇරීම හා වැසීම සිදු කෙරේ.

දැව කර්මාන්තයේ සමහර සන්ධි වලට භාවිතා කරන කූඤ්ඤ ද ඇමුණුම් ද්‍රව්‍ය ලෙස සැලකිය හැකි වුවද ඒවා සාමාන්‍යයෙන් භාවිතා වන ඇමුණුම් ද්‍රව්‍ය ලෙස හඳුනා නොගැනේ.

ෆ්ලැට් පැක් ස්වරූපයෙන් සපයන ගෘහ භාණ්ඩ, කන්ෆෝමැට් ඇමුණුම් උපකරණය ලෙස හැඳින්වෙන කැම් අගුළු වලින් අගුළු දැමූ කැම් කූඤ්ඤ භාවිතා කරයි.

යාන්ත්‍රිකව ද්‍රව්‍ය එකට එකතු කිරීමට ලණු, නූල්, වයර්(කම්බි,බොහෝවිට ප්ලාස්ටික් වලින් වටවූ හෝ ප්ලාස්ටික් ස්ට්‍රිප් කෝටින් කල සමාන්තර කම්බි ), කේබල්, දම්වැල් හෝ ප්ලාස්ටික් දැවටුම් භාවිතා කල හැකි වුවත් ඒවා බහුලව වෙනත් කාර්යයන් සඳහා භාවිතා වන බැවින් ඇමුණුම් උපකරණ ලෙස නම් නොකෙරේ. එලෙසින්ම අසව්ව හෝ දුනු ද ද්‍රව්‍ය එකට එකතුකිරීමට භාවිතා කලද ඒවායේ ප්‍රධාන කාර්යය වන්නේ දැඩිව සවිකර තැබීමට වඩා, නැවීම වැනි දේට සහය දීමය.

ද්‍රව්‍ය එකට එකතු කිරීමේ අනෙකුත් ක්‍රමවේදයන් වශයෙන් පෑස්සීම, ටේප් කිරීම, පිත්තලෙන් පෑස්සීම, ග්ලූ ගෑම, සිමෙන්ති ගෑම, බ්‍රේස් කිරීම හෝ අනෙකුත් මැලියම් ගෑම දැක්විය හැක. එමෙන්ම කාන්දම්, රික්තය(චූෂ්ණ නළය වැනි ) හෝ ඝර්ෂණය වැනි බලයක් ද යෙදිය හැක.



ඇමුණුම් උපකරණ වර්ග

බැටන්(batten) යතුරු ඇණය, ඉස්කුරුප්පු ඇණය, ස්ටඩ් පිත්තල ගාංචුව - Bocklebee clasp කලම්පය ක්ලිපය ගිරිවර ඇණය ඇබය අල්පෙනිත්ත- ක්ලෙවිස් අල්පෙනිත්ත (clevis pin)

          -ඇඳුම් අල්පෙනිත්ත 
          -කොටර් අල්පෙනිත්ත (cotter pin)

රැඳවුම් වළල්ල - බාහිර වළල්ල

                  -අභ්‍යන්තර වළල්ල 
                  -ඊ-වළල්ල 

මිටියම් ඇණය රබර් පටිය ඉස්කුරුප්පුව

මැහුම්