"අනේ කාලේ වනේ වාසේ" - මෙය පැරැන්නන් විසින් කට කසනවාට කියූ කියමනක් නොවේ. වර්තමාන යුගයේදී තපස් රැකීමට තරම් ශක්තියක් නැත්තවුන් වුවද ප්‍රධාන සමාජයෙන් ඈත්වී හුදෙකලාව නොවිසූයේ නම් ඇතිවන්නේ ප්‍රබල ශක්ති පිරිහීමකි.

"ධර්මානුකූල නොවූ විනයානුකූල නොවූ සමාජයක වැසියන්හට තමන් කෙතෙක් දුර්වල වී බෙලහීන වුවද එය වටහා ගැනීමේ හැකියාවක් ඇති නොවේ."

‘‘යමකුට තමන් කැමැති ඕනෑම ආගමක්‌ ඇදහීමට, වතාවත් කිරීමට, විශ්වාස කිරීමට, ප්‍රකාශ කිරීමට,දේශනා කිරීමට හෝ ප්‍රචාරය කිරීමට අයිතියක්‌ ඇත.‘‘ යනුවෙන් කියුවාට ඇත්ත වශයෙන්ම ‘‘යමකුට, සත්ව හෝ මනුෂ්‍ය හිංසාව සමහර විටෙක අනුමත කරන, තමන් කැමැති ඕනෑම ආගමක්‌ ඇදහීමට, වතාවත් කිරීමට, විශ්වාස කිරීමට, ප්‍රකාශ කිරීමට,දේශනා කිරීමට හෝ ප්‍රචාරය කිරීමට අයිතියක්‌ නැත.‘‘

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:සමාජය/Quotes&oldid=423398" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි