ද්වාරය:වාස්තු විද්‍යාව--DUP

වාස්තු විද්‍යාව සංස්කරණය

ඉතිහාසය සංස්කරණය

වාස්තු විද්‍යාව ඉතා ඈත අතීතයකට හිමිකම් කියන සිද්ධාන්තයන් සහිත විද්‍යාවකි. විශේෂයෙන් ගොඩනැගිලි ඉදිකිරීමට පෙර එම ගොඩනැගිල්ලේ පිහිටීම, එයින් ඇතිවන බලපෑම, ස්වභාවය ආදී නොයෙකුත් කරුණු මෙහිදී සැලකිල්ලට ගනු ලැබේ. වාස්තු විද්‍යාවේ ආරම්භය හැටියට සලකනු ලබන්නේ ඉංදියාවය. ඉතා ඈත අතීතයේදී මෙම විද්‍යාව සම්බන්ධව උපදේශකවරුන් 18 දෙනෙකු සිටි බවට "අග්නි පුරාණ" නම් ග්‍රන්ථයෙහි සඳහන් වේ. එම 18 දෙනා මෙසේ දැක්විය හැකිය.

  1. භෘගු
  2. අත්‍රි
  3. වසිෂ්ට
  4. විශ්වකර්ම
  5. මය
  6. නාරද
  7. නග්නජිත්
  8. විශාලාක්ෂ
  9. පුරන්දර
  10. බ්‍රහ්ම
  11. කුමාර
  12. නන්දිශ
  13. ශෞනක
  14. ගර්ග
  15. වාසුදේව
  16. අනීරුධ
  17. ශුක්‍ර
  18. බ්‍රහස්පති


වඩු රියන සංස්කරණය

වඩු රියනට අඟල් 31 ක් තියෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටි පිරිමියකුගේ දකුණු අතේ බාහුවේ වැලමිට දක්වා වූ දිගත් වඩු රියනක් විධියට ගනන් ගන්නවා.

කෝණ මාස සංස්කරණය

අවුරුද්දකට කෝණ මාස 4 ක් තියෙ. මේ කෝණ මාස 4 පහළ තියෙන විධියට අවුරුද්දේ යම් යම් කාල වලදී එළඹෙනවා. මෙන්න මේ කියන කාල සීමා වලදී ගෙවල් හදන්න පටන් ගන්න සුදුසු නෑ. මුල් ගල් තියන්න, උළුවහු තියන්න වහල ගහන්න වගේ දේවල්.

  • මාර්තු 14 සිට අප්‍රේල් 11 දක්වා- මීන කෝණය ( බය )
  • ජුනි 15 සිට ජූලි 15 දක්වා - මිථුන කෝණය ( මරණ )
  • සැප්. 16 සිට ඔක්. 15 දක්වා - කන්‍යා කෝණය ( රෝග )
  • දෙසැ. 16 සිට ජනවාරි 14 දක්වා - ධනු කෝණය ( හානි )