ගොනුව:Sodium knife-cut.jpg

සෝඩියම් යනු ලෝහමය මූලද්‍රව්‍යයකි. එය වූ පරමාණුක ක්‍රමාංකය 11 වන හා ස්කන්‍ධ ක්‍රමාංකය 23 වන්නකි ( 23Na.). එය මෘදු, රිදී පැහැති, වේගයෙන් ප්‍රතික්‍රියා කරන ලෝහයකි. එයට එක් ස්ථායී සමස්ථානිකයක් පවතී.

සෝඩියම් මුල්වරට හඳුනාගන්නා ලද්දේ ශ්‍රීමත් හම්ප්‍රි ඩේවි විසින් 1807 දී ධාරාවක් විලීනසෝඩියම් හයි‍ඩ්‍රොක්සයිඩ් හරහා යැවීමෙනි. මෙය පෘථිවියේ සංශුඬව නොපවතී, මන්‍දයත් එය වේගයෙන් වාතයේදී ඔක්සීකරණය වීම හා වේගයෙන් ජලය හා ප්‍රතික්‍රියා කරන බැවිනි, එනිසා එය නිෂ්ක්‍රීය මාධ්‍යයක, එනම් ජලීය හයිඩ්‍රොකාබන් තුල ගබඩා කෙරේ. සංශුඬ ලෝහය ඇතැම් රසායනික සංයෝග, විශ්ලේෂක, හා තාප පරිවහන සඳහා භාවිතා වේ.

සෝඩියම් අයනය සංයෝග අසලදී ජලයේ දියකළ හැකි අතර එය මුහුදු ජලයේ හා පල් වතුරේ දක්නට ලැබේ. මෙසේ එය ක්ලෝරයිඩ් අයන මගින් ප්‍රතිලෝලිත අතර, ආසවනිත මුහුදු ජලය තුල සෝඩියම් ක්ලෝරයිඩ්, හෙවත් මේස ලුණු අඩංගු ය. එසේ ම සෝඩියම් අයනය බොහෝ ඛනිජවල සංඝටකයකි.