ද්වාරය:මයික්‍රොසොෆ්ට්

                මයික්‍රොසොෆ්ට් යනු පරිගණක තාක්ෂණ්ය හා එහි යෙදවුම් හා සම්බ්න්ධ බහු ජාතික සමාගමකි. 1975 අප්‍රේල් 4 වන දින බිල් ගේට්ස් හා පෝල් ඇලන් එක්ව මෙක්සිකෝවේ ඇල්බක්වර් (Albuquerque) නගරයේදී මෙය ආරම්භ කෙරිණි.වර්තමානය වන විට එය ප්‍රසිද්ධ නිෂ්පාදන වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් (windows)මෙහෙයුම් පද්ධතිය, මයික්‍රොසොෆ්ට් ඔ‍ෆිස් (Ms office) මෘදුකාංග එකතුව, එක්ස් බොක්ස් (X-Box) , බින්ග්(Bing) වැනි විනෝදත්මක මාර්ග ඇතුලු නිර්මාණ ‍රැසක නිර්මාපකයා බවට පත් වී ඇත.


              1980 වසරේදී අයි.බී.එම්(IBM) ආයතනය මයික්‍රොසොෆ්ට් සමග ගිවිසුමකට එක් විය. ඒ අනුව අයි.බී.එම් ආයතනය මගින් නිපදවන ලද සෑම පරිගණකයකම මෙහෙයුම් පද්ධතිය ලෙස  වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කරන ලද අතර, එසේ නිපදවන ලද සෑම පරිගණකයක් වෙනුවෙන්ම මයික්‍රොසොෆ්ට් වෙත සිය නිෂ්පාදන ලාභය හිමි විය.