පෘථිවිය උණුසුම්වීම යනු පෘථිවිය මතු පිටට ආසන්න වාතයේ හා සාගරවල මධ්‍යන්‍ය උෂ්ණත්වයේ වැඩි වීමයි. එය 20 වන ශත වර්ෂයේ මැද භාගයේ සිට අපේක්ෂිත ඉදිරිය දක්වා සිදුවනු ඇත.

පෘථිවිය මතුපිට මධ්‍යන්‍ය ගෝලීය වායුමය උෂ්ණත්වය 2005 වර්ෂයෙන් අවසන්වන වසර 100 ක කාලය තුළ 0.740 ධන හෝ සෘණ 0.18 (1.33 ධන හෝ සෘණ 0.32) Neonics ප්‍රමාණයකින් වෙනස්වී ඇත. අන්තර් රාජ්‍යයීය දේශ ගුණික වෙනස් වීම් පිළිබඳ සමුළුව හෙවත් IPCC නිර්ණය කරන පරිදි 20 වන ශත වර්ෂයේ මැද භාගයේදී නිරීක්ෂිත ගෝලිය මධ්‍යන්‍ය උෂ්ණත්වය‍න්ගේ වැඩිවීම්වලට හේතුව වශයෙන් නිරීක්ෂණය කොට ඇත්තේ මිනිසා විසින් නිර්මාණය කරන ලද හරිතාගාර වායු සාන්ද්‍රණයන්ගේ ඉහළ යෑම් හරහා හරිතාගාර ආචරණය ඇති වීමයි. පූර්ව කාර්මික කාලපරාසයන් 1950 දක්වා වකවානුවේදී ස්වාභාවික ප්‍රපන්චයන් වන ගිනිකඳු සහ සූර්යය ප්‍රභේදනය කුඩා උණුසුම් වීමේ ආචරණයක් ඇති කරන ලදී. 1950 සිට ඉන් ඔබ්බට කුඩා සිසිල් වීමේ ආචරණයක් ඇති කරන ලදී. )

මෙම මූලික නිර්ණයන් හුවා දක්වනු ලැබුයේ ප්‍රධාන කාර්මික රටවල්වල සියලු ජාතික විද්‍යාත්මක ඇකඩමි අන්තර්ගත වූ අවම වශයෙන් විද්‍යාත්මක ඇකඩමි හා විද්‍යාත්මක සමාජ 30 කවත් දායකත්වයෙනි. තනිවිද්‍යාඥයින් IPCC හි සොයා ගැනීම් සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කළද එය යටපත් කරමින් දේශගුණික වෙනස් වීම් පිළිබඳව එහි මූලික වෙනස්වීම් සම්බන්ධයෙන් එකඟතාවය පල කොට ඇත