ද්වාරය:න්‍යෂ්ටික තාක්ෂණය

න්‍යෂ්ටික තාක්ෂණය ද්වාරය

විකිරණශීලතාව සඳහා වන මෙම සංකේතය ජාත්‍යන්තරව පිළිගැනෙයි.
විකිරණශීලතාව සඳහා වන මෙම සංකේතය ජාත්‍යන්තරව පිළිගැනෙයි.

න්‍යෂ්ටික තාක්ෂණය යනු පරමාණුක න්‍යෂ්ටීන්ගේ ප්‍රතික්‍රියාවන් හා අදාල වන්නාවූ තාක්ෂණයයි. දුම් අනාවරක සිට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දක්වාද, තුවක්කු දක්න සිට න්‍යෂ්ටික අවි දක්වාද වූ පුළුල් භාවිතයක් එය විසින් දක්වයි. මෙය හේතුවෙන් සිදු විය හැකි ගම්‍යමානයන් පිළිබඳව නිරන්තර මහජන අවධානය යොමුව ඇති අතර, න්‍යෂ්ටික තාක්ෂණය හා බැඳි සියලු භාවිතයන් මහත් සැලකිල්ලෙන් සමාලෝචනයට භාජනය කරනු ලැබේ.

න්‍යෂ්ටික බලය යන්නෙන් අදහස් වන්නේ, ප්‍රවාලනය, තාපය හා විදුලිබලය ජනනය ඇතුළු ප්‍රයෝජනවත් කාර්යයන් සිදු කිරීම සඳහා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවන්ගේ (දැනට න්‍යෂ්ටික විඛණ්ඩනය සහ විකිරණශීලී ක්ෂය වීම ට සීමාවී ඇත) පාලිත භාවිතයයි. න්‍යෂ්ටික බලය නිපැයෙන්නේ යුරේනියම්-235 වැනි විඛණ්ඩ්‍ය ද්‍රව්‍යයක් සාන්ද්‍ර කොට, එමගින් විකිරණශීලී ක්ෂය වීමේ ස්වභාවික සීඝ්‍රතාවය, පාලිත දාම ප්‍රතික්‍රියාවකදී ත්වරණයට භාජනය කොට එමගින් තාපය ජනනය කිරීමෙනි- මෙය ජලය පැසවීමට භාවිතා කොට, හුමාලය නිපැයා, හුමාල ටර්බයිනයක් ප්‍රාජනය කෙරේ. ටර්බයිනය, යාන්ත්‍රික කාර්යයන් සඳහාද විදුලිබලය නිපැයීම සඳහාද භාවිතා කල හැක.