ද්වාරය:කාව්‍යකරණය

මීගහතැන්න වැදිවත්තේ කිවිවර මාටින් අප්පුහාමි


ගොනුව:අත් අකුරු.jpg




මීගහතැන්න වෙදවත්ත සුන්දර ග්‍රාමයේ පොද්දෙනියගේ ආරොන් අප්පුහාමි,සුවන්දආරච්චිගේ ජේන්නෝනා යුවලට දරුවන් දොලොස් දෙනෙක්. පවුලෙ වැඩිමලා ලෙස 1931- මැයි මාසයේ 16 දින උපන් දරුවාට නම් තබන්නෙ මාටින් අප්පුහාමි ලෙස. දොඩන්ගොඩ විදුහලෙත් මාකලන්දාව විදුහලෙන් අකුරු කරන මාටින් ගෙ සිත ඇදි ගියේම කවියට. ලංකාවේ කවි කොළ කලාව මිට දශක කිපයකට පෙර ප්‍රබල ජන සන්නිවේදන මෙවලමක්.මේ කවිකොළ සාහිත්‍යාංගයේ අනන්‍ය සලකුණක් තබන්න මාටින් අප්පුහාමි සමත් වෙනව.ඔහුගේ නිර්මාණයන්හි මුලින් සඳහන් වෙන්නේ මීගහතැන්නේ මාටින් අප්පුහාමි නම.පසුව ඔහු එය වැදිවත්තේ මාටින් අප්පුහාමි ලෙස යොදා ගන්නව.ඔහු විසින් නිර්මාණය කොට ඇති කවි කොළ සංඛ්‍යාව දහසකටත් වඩා වැඩියි.මෙයින් එක කවි කොළයකින් පිටපත් හැට දහසක්, ලක්ෂයක් විකුණු අවස්ථා වාර්තා වෙනව. එකල රටේ පැවති ජාතියේ නිදහස් අරගලයටත්,මෙම ප්‍රදේශවල පැවති වමේ දේශපාලන මතවාදයන්ටන් මොහුගේ කවිකොළ උත්තේජනයන් සපයනව. කවි ගායනයේදී දුක්බර හැගීම් ප්‍රකාශ කිරිමට මාටින් අප්පුහාමි කවියාට තිබුණු හැකියාව නිසා ජනතාවට සංවේදී සිදුවිම් විෂයන් කෙරෙහි වැඩි අවධානයකින් කවි කොළ පඳබඳින්න ඔහු පෙළ‍‍ෙබනව.ජාතික බැණියමත් සුදු වේට්ටියත් හැදි පුංචි මනුස්සයෙක් වුනත් ඔහුගෙ හඬ නිකුත් උනේ මහා පෞරුෂයකින්. 1962 දී කරුණාවති ගමගේ මෙනවිය සමග විවාහයට පත්වෙන මාටින් අප්පුහාමි තරුණයා දරුවන් පස් දෙනෙකු මෙලොවට දායාද කරනව.සුනිල්,දසුන්,සිරිල්,ශී්‍රයානි හා තුෂාර ඒ දරුවන්. කනිටු පුත් දසුන් ප්‍රේමවංශ නව පරපුරේ කවියෙක් හැටියට තමන්ගේ නිර්මාණ රටට දායාද කල ඇත්තෙක්.ඒත් ඔහු තව තවත් නිර්මාණකරණයේ යෙදිමට උනන්දුවක් නොදැක්විම අපේ අවාසනාවක්. තමන් විශාල අධාපනයක් නොලැබුවත් දරුවන් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මාටින් කවියා මගපෙන්වනව.ශත පහට දහයට කවිකොළ විකුනන්න රටේ නොයෙක් නැන්වල ඇවිදලා උගුර ලේ රස වෙනම් කවි ගායනා කරපු පියෙක්ට නිසි ගෞරවක් ලබා දෙන්න ඒ දරුවන්ගේ ඉගෙනීම ම ආදර්ශයක්.මොහුගේ නිර්මාණ නිසා ඒ යුගයේ මුද්‍රණ ශිල්පීිනුත්,කවිකොළ අලෙවි කිරීමෙන් තවත් විශාල පිරිසකුක් ආදායම් ලබනව. කවිකොළ සාහිත්‍යාංගය ගැන වසර පනහක පමණ පර්යේෂණයක යෙදෙන ප්‍රවීන කිවියර හා සාහිත්‍යධර පරාක්‍රම කොඩිතුවක්කු සූරින් ‘‘සකල සිරින් පිරි කවි කොලේ˜ නමින් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් ලියා පලකරනව.මේ ග්‍රන්ථය එළිදක්වන්න පරාක්‍රම කොඩිතුවක්කු සූරින් තොරා ගන්නේ මීගහතැන්න.ඒක මාටින් අප්පුහාමි කවියාටත් මීගහතැන්න ග්‍රාමයටත් කල විශේෂ ගෞරවයක් ලෙස සැලකිය හැකියි.මේ ග්‍රන්ථයේ පළමු පිටපත පරාක්‍රම කොඩිතුවක්කු සූරීන් පිරිනමන්නේ මාටින් අප්පුහාමිගේ බිරිද වු කරුණාවතී මහත්මියටත් දසුන් ප්‍රේමවංශ පුතුන්ටත්.2019-9-21 එම උත්සවය පැවැත්වුනේ මීගහතැන්න මෙරිල් කාරියවසම් මධ්‍ය විද්‍යාලයේ රංගපීිඨයේදී.එදා එම රංග පීඨයම ප්‍රදේශයේ ජනතාවගෙන් පිරී ඉතිරී ගියා.කවි කොළයටත්,මාටින් අප්පුහාමි කවියාටත් ප්‍රදේශයේ ජනතාවගේ ආදරය ගෞරවය එයින් පෙනීගියා.උත්සවයේ ආරාධිත අමුත්තන් පවා ග්‍රන්ථය එළිදැක්විමට ගමෙන් ලැබුණු ප්‍රථීචාරය ගැන පැසසුමෙන් අදහස් ප්‍රකාශ කලා. පරාක්‍රම කොඩිතුවක්කු සූරින් ඔහුගේ ලේඛණ කිපයක මාටින් පොද්දෙනිය කවියා ගැන සටහන් කොට තිඛෙනවා.මේ එවන් සටහනක්

 ‘‘63 අවුරුද්දේ විසි වයස් වූ මා එදා ලංකාදීපයට යමින් සිටියේ අංකුර ලේඛකයකු සැටියට.පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිට ජන සමූහයට මැදිවී සිටියේ බැනියමක් හැඳ සිටි තරුණයෙකු කවි කොළයක් සුරතින් උස්කොට අල්ලාගෙන හැඟුම් බර හඬකින් ගායනා කරමින් සිටියා.මා දුටු විශේෂත්වය  නම් කවි ගායනයේ දී ඔහුගේ ඇස් කඳුළින් බර වී තිබීමයි.ඒ පැයේ දී ම කවි කොළ 100 ක් පමණ විකිණී ගියා. අදත් මා ළඟ ඇති  ඒ කවි කොළය මා කියවා ඇති විශිෂ්ට කවි කොළයක් .මහා ගැමි සාහිත්‍යයක්  වූ කවි කොළ කලාව මා හඳුනා ගත්තේ එදා ඔහු හමුවී මගේ ජීවිත කාලයෙහි මිතුරෙකු බවට පත්විමෙනුයි. විශ්වවිද්‍යාලවල විද්වත් විචාරකයන්ගේ විමර්ශනවලට හසු නොවූ කවිකොළය සොයා තිස් වසක් තුළ මා කළ සෙවිල්ලෙන් ද මා ලඟින් ළෙන්ගතුව සිටියේ මාටින් අප්පුහාමි  කවියා .ඔහු මගේ පුවත්පත් සාකච්චාවලට හා ගුවන්විදුලි වැඩ සටහන් වලට සහභාගී වූයේ ඉමහත් සතුටකින් ˜

2002 ජූලි 2 දිනයේදී මේ අපූරු කවියා මෙලොවින් සමුගන්නවා.ඔහු මියගියත් ඔහුගේ නිර්මාණවල මතකයන් තව බොහෝ කාලයක් ජනතාවගේ හදවතේ රුදී තියේවි. (විශේෂ ස්තූතිය ඡායාරූප හා තොරතුරු ලබාදුන් දසුන් ප්‍රේමවංශ,සුනිල් පොද්දෙනිය, තුෂාර පොද්දෙනිය මහතුන්ට)

අරුණ දීප්ති ගුණසිංහ 2021-9-19

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:කාව්‍යකරණය&oldid=493535" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි