ද්වාරය:ඉතිහාසය/ඔබ දැන සිටියාද

ආලකමන්දාව හෙවත් සීගිරිය. සංස්කරණය

අද අප හදුන්වන සීගිරිය ලොව සුපතල බලකොටුවකි.අප දන්නා තරමින් මෙය පස්වන සියවසේදී කාශ්‍යයප රජතුමා විසින් නිර්මාණය කරවූවෙකි. ඇත්ත වශයෙන් ම සීගිරිය රාවණා රජ සමයටත් පෙර එනම් අවුරැදු 4500 කටත් පෙර නිර්මාණය වූවෙකි. එකල සීගිරිය හැදින්වූයේ ආලකමන්දාව යනුවෙනි.

අතීත කතා අනුව එකල විසූ කුවේර රඡු ආලකමන්දාවේ වාසය කර ඇත.රාවණ රජතුමා කුවේර නැමති මෙම දේව ගෝත්රික, භාරතයන්ගේ රෑකඩ පාලකයාගෙන් ලංකාව නිදහස් කොට ගනු ලැබ මෙම යක්ෂ ගෝත්රික උරැමය ( ආලකමන්දාව ) තම පාලන මධ්‍යස්ථානය බවට පත් කරගන්නා ලදී. කෙසේ වෙතත් අවසානයේ දී ආලකමන්දාව විවිධ යුධ ගැටුම් හේතුවෙන් අභාවයට යන්නට ඇත.

සීගිරිය හෙවත් ආලකමන්දාව විජයාගමනයටත් පෙර අතිතයේ විසූ ජනයාගේ ශිල්පිය දක්ෂතා මැනවින් පෙන්වා දෙයි. එහි ලොව සුපතළ සීගිරි බිතු සිතුවම් අතීත හෙළ සිත්තරැන්ගේ නිර්මාණයක් වන අතර පසුව චිත්ර ශිල්පය පසු බෑමකට ලක්ව ඇත. අතීත කතා අනුව ආලකමන්දාවේ පර්වත මුදුනේ මාළිගයට යාමට සෝපානයක් (කර්කටක යන්තරය) තිබී ඇත. මෙහි දෝලාව වැනි කොටසට මිනිසුන් නැඟී සිටි විට සේවකයන් අතින් ක්රියා කර වූ පසු සෝපානය ඉහලට එස වේ.

කෙසේ වුවත් මෙම අභාවයට ගිය ආලකමන්දාව කාශ්‍යප රජතුමා විසින් සීගිරිය නමින් ප්රතිසංස්කරණය කරනු ලබයි. පසුව මෙහි චිත්ර හා නව අංග එකතු කරමින් වැඩි දියුණු කර ගත් පසු කාශ්‍යප රජතුමා ආරක්ෂක ස්ථානයක් ලෙස ලෙසද, බලකොටුවක් ලෙසද භාවිතා කරන්නට ඇත.

මෙය මහාවංෂයේ සදහන් අයුරින් කාශ්‍යප රජතුමා තම පියා ඝාතනය කිරීමෙන් පසු තම අයියා ගෙන් සැගවී ආරක්ෂාවීමට සීගිරිය යොදාගන්නා ලදී. සෑම සතුරු සේනාවකටම සීගිරියට පහර දීම අපහසුවන්නේ සීගිරිය ඉතා උස් ස්ථානයක පිහිටීම නිසයි,එමෙන්ම ඕනෑම සතුරැ සේනාවක් සීගිරිය මුදුනේ සිට පැහැදිළිව දැකගත හැක.



කේ.ආදිත්‍ය ද සිල්වා.


අවසාන සංස්කරණය.