දරමිටිපොල ධම්මරක්ඛිත හිමි
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "දරමිටිපොල ධම්මරක්ඛිත හිමි" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR |
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති ['විදහන්න] ක්ලික් කරන්න. මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත.
|
දරමිටිපොල ධම්මරක්ඛිත මහානාහිමි වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල හත්පත්තුවේ හැටහය කෝරළයේ එනම් වර්තමානයේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "දරමිටිපොල"නම් ග්‍රාමවරයෙහි මුන්වහන්සේ උපත ලැබිය. ශ්‍රී රංග බමුණු මුදියන්සේ මුන්වහන්සේගේ ගිහිනමයි.
තනතුරු නාමය | මහානාහිමි |
---|---|
ධුර කාලය | 1774 සිට 1787 |
විපත | 1787 |
ක්‍රි.ව. 1774 දී අතිගෞරවාර්හ මැදවල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වයෝවෘද්ධ භාවයෙන් සිටි නිසා උන්වහන්සේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම මහ පදවියට පත් මුන්වහන්සේ බෝධිසත්ත්වගුණෝපේත සරණංකර සංඝරාජ මාහිමියාණන් වහන්සේගේ ද්විතීය ශිෂ්‍යවරයන් වහන්සේ වශයෙන් සලකනු ලැබේ. මේ මහෝත්තමයාණන් වහන්සේ වර්ෂ1774 සිට වර්ෂ1787 දක්වා පුරා දහතුන් වසරක් මහානාහිමි ධුරය දැරූහ.
කඳුලව මැදිරිය රජමහ විහාරයෙහි දීර්ඝ කාලයක් වැඩවුසූ මුන්වහන්සේ ව්‍යක්ත ධර්මධර භික්ෂූන් වහන්සේ නමක් වශයෙන්ද,පුස්කොළ ලේඛනයෙහි අතිසමර්ථවූ මුන්වහන්සේ කෙරෙහි මහත්සේ ප්‍රසාදයට පත් සෙංකඩගල රජපැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ මහරාජෝත්තමයාණන් වහන්සේ විසින් දොළුකන්ද පාමුල වරාවල රජමහ විහාරය කරවා එම විහාරයට රන් හා අවශේෂ වටිනා ලෝහයෙන් කරවූ ප්‍රතිමා වහන්සේ නමක් ද නොයෙක් ගම්වර ද පූජාකළ බවට වරාවල සන්නස දෙස්දෙයි.එමෙන්ම රජු විසින් නොයෙක් ත්‍රිපිටක ධර්මය ලියවූ පුස්කොළ පොත් පෙට්ටගමක් සෙංකඩගල මහවාසලෙහි සිට මහත් පුදපෙළහරින් යුතුව වැඩමකරවා දරමිටිපොළ මහ නා හිමියන් වෙත සාදරයෙන් පූජාකොට තිබේ.
ඉහත කී කඳුලව මැදිරිය රජමහ විහාරය,කඳුලව ඉහළ රජමහ විහාරය,මල්වතු විහාරයේ දරමිටිපොල පන්සල,යථෝක්ත වරාවල රජමහ විහාරය හා ලුණුකඩවැල්ල රජමහ විහාරය ආදී විහාරස්ථානයන්හි කටුකොහොල් හරවා සංවර්ධනය කරවූ එමෙන් මුන්වහන්සේ යටතේ පාලනය වූ විහාරස්ථානයන්ය.
තව ද ඉහත කී වරාවල විහාරයේ "ධර්මරක්ෂිත"නමින් පරිවේණස්ථානයක් අරඹා නොයෙක් ධර්ම ශාස්ත්‍රයන්හි තෙර පත් සැටක් පමණ වූ ශිෂ්‍යපුත්‍රයන් වහන්සේලා ගොඩනැංවීමෙහි සාරඵලය වූයේ ඉන් නිසා සත්කෝරලයේ හා හිරියාල හත් පත්තුවෙහි අනුබද්ධ විහාරස්ථානයන්හි සංඝපරම්පරා විහිදීයෑමයි.එමෙන්ම අපේ මල්වතු මහා විහාරයෙන් මුන්වහන්සේ වෙත ඉහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්කිරීම ද කැපී පෙනෙනුයේ උන්වහන්සේ යථෝක්ත ඨානාන්තරප්‍රාප්ත පළමු යතීන්ද්‍රයාණන් වහන්සේ වූ හෙයිනි.
එපමණකුදු නොව රංගම අමාත්‍යවරයා විසින් වරාවල විහාරයේ කරවූ උපෝසථාගාරයේදී බෝධිසත්ත්වගුණෝපේත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේගේ මුලිකත්වයෙන් සිදුකළ උපසම්පදා විනයකර්මයක් පිළිබඳව වරාවල ඓතිහාසික තල්පත් සාක්ෂ්‍ය දරයි.මුන්වහන්සේ ක්‍රිස්තුවර්ෂ 1787 දී අපවත් වී වදාළහ.
මුන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවර වහන්සේලා
සංස්කරණය- කඳුලව බැබිලේ රතනපාල තෙරුන් වහන්සේ(කඳුලව මැදිරිය රජමහ විහාරය)
- කටුපොත අනුනායක හිමි (වරාවල රජමහ විහාරය පෙරියකඩු ඒකද්වාරික රජමහ විහාරය)
- තලවින්නේ උන්නාන්සේ
- වල්පොල සිද්ධාර්ථ හිමි (පොල්ගොල්ල පිංගල්පොත්ත රජමහ විහාරය )
- බෝවල උන්නාන්සේ
- පහලවත්තේ උන්නාන්සේ
- දළදාගම උන්නාන්සේ
- තිස්සව උන්නාන්සේ
- කනුමුල්ලේ ධම්මානන්ද හිමි
- බොරවැවේ ධම්මපාල අනු නායක හිමි (නියඳවනේ රජමහ විහාරය/බාඔරුව යාම්ලෙන රජමහ විහාරය)
- ගම්මුල්ලේ රතනපාල හිමි
- වේපත ඉර හිමි
- තිත්තවැල්ල සංඝරක්ඛිත හිමි