දකුණු අරාබියේ යකඩ යුගය

දකුණු අරාබියේ යකඩ යුගය


"මා" ගේ රාජධානිය(ක්රි.පූ 9වන සියවසේ සිට 1 වන සියවස දක්වා)

මිනායියන් ගේ පාලන කාලය තුල අගනගරය කර්නා(වර්තමානයේ සාදා ලෙස හඳුන්වයි) ඔවුන්ගේ අනෙක් වැදගත් නගරය වන්නේ යාතිල් ය(වර්තමානයේ බරක්විෂ්). මිනායියන්ගේ රාජධානිය වයඹදිග යේමනය ප්රධාන කරගෙන නිර්මාණය වී තිබුනේ එහි අනෙක් නගර වලින් බහුතරයක් වාඩි මැඩ්හඩ් ඔස්සේ පිහිටමින්. වයඹ දිග සව්දි අරාබියේ අල්-උලා තරම් දුරින් සහ ඩෙලෝස් දූපතින් සහ ඊජිප්තුවෙන් මිනැයික් ශිලා ලේඛන හමුවී තිබෙනවා. ක්රි.ව 100 දී පමණ මිනැයික් භාෂාව මිය යනවා.

"සාබා" ගේ අධිරාජ්ය(ක්රි.පූ 9වන සියවසේ සිට ක්රි.ව 275 දක්වා)

සාබාගේ පාලන කාලයේදී වෙළඳාම සහ කෘෂිකර්මය මගින් ධනය සහ සශ්රීකත්වය ලඟාකරගනු ලැබුවා. අද යේමනයේ අසීර් නම් ප්රදේශයේයි සාබා රාජධානිය පිහිටා තිබුනේ. එහි අගනුවර මා රිබ් යේමනයේ වර්තමාන අගනුවර වන සානා නම් ප්රදේශයේයි. සවුදි අරාබියානු ජනශ්රැතියන්ට අනුව නොහ් ගේ වැඩිමහළු පුත් ෂේම් මා රිබ් නුවර සොයා ගත්තා.

අස්වාන්ගේ රාජධානිය(ක්රි.පූ 8 වන ශතවර්ශයේ සිට 6වන ශතවර්ශය තෙක්)

අස්වාන් අධිරාජ්ය හගාර් යහිර් වාඩි මාකහා ප්රදේශයේ පිහිටියා. මෙය දැන් නිර්මාණය කරන ලද ගොඩැල්ලක් වන අතර හගාර් අස්ෆල් ලෙස හඳුන්වනවා.