ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාප වල ජල හිගය නිසා විශාල ඉඩම් ප්‍රමාණයක් (ගොඩ හා මඩ) වාර්ෂිකව පුරන්ව පවතී. ලැබෙන සුළු වර්ෂාපතනයෙන් වගා කරන බෝග ද බොහෝ විට අනපේක්ෂිත නියග නිසා පාළු වේ. මෙවැනි පසුබිමක් තුළ නියගයට ඔරොත්තු දෙන විකල්ප බෝගයක අවශ්‍යතාව බොහෝ කලක සිට හදුනාගෙන තිබුණි.

පසේ සරු බව අඩු ආන්තික ඉඩම්වල වගාකළ හැකි තෝර පරිප්පු, මහ කන්නයේදී ජල වහනය හොදින් සිදුවන රතු - දුඹුරු පසේත්, ජල වහනය සතුටුදායක නොවන පස් වල යල කන්නයේදීත් හොදින් වගා කළ හැක. නැගෙනහිර පළාත් වල පවතින චූර්ණමය නොවන දුඹුරු පසත්, උතුරු කරයේ රතු කහ ලැටසෝල් පසත්, තෝර පරිප්පු වගාවට සුදුසු වේ. ඉතා පුළුල් පාංශු පී. එච්. පරාසයක් ( 5 - 8.5) සහිත පස්වල වුවද තෝර පරිප්පු වගා කළ හැක.

පළිබෝධ පාලනය

සංස්කරණය

තෝර පරප්පු වගාවට කෘමි පළිබෝධකයන් කිහිප දෙනෙකුගෙන්ම බලවත් හානි පැමිණේ. මේ අතුරින් වඩා වැදගත් වනුයේ මල් කිනිති හා මල් කන දළඹුවා, කරල් විදින දළඹුවා හා කරල් විදින මැස්සාය. ඒ නිසා නියමිත අවස්ථාවේ දී පළිබෝධකයන් පාලනය නොකළහොත් සතුටුදායක අස්වැන්නක් ලබාගත නොහැකි වේ. සිටුවා දින 65 කින් පමණ මල් පිපීම සිදුවේ. පළමු වරට කෘමි නාශක යෙදීම වගාවෙන් 25 % මල් පිපීම සිදු වූ විට කළ යුතුය.

මල් පිපෙන අවස්ථාවේදී (දින 60 කදී පමණ) වගාව සරුවට වැඩී නොමැති යයි හැගෙන්නේ නම් හෙක්ටයාර් එකකට යූරියා කිලෝ ග්‍රෑම් 30 ක් පමණ යොදන්න.

"https://si.wikipedia.org/w/index.php?title=තෝරපරිප්පු&oldid=469377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි