තෝරත න්‍යාය සහ ප‍්‍රතිසංස්කරණය
ශාස්ත‍්‍රඥයින් එ නීතීඥයින් අධිකරණයන් විසින් ප‍්‍රදානය කරනු ලබන අලාබයන් (හානිපූරක, බරපතල හා දණ්ඩනීය) අනුව තෝරත නීතියේ ඉලක්කයන් අතර පිළිගැටුමක් හඳුනාගෙන ඇත. In The Aims of the Law of Tort (1951) හි ග‍්‍රැන්විල් විලියම්ස් විවිධි තෝරතයන් පදනම්වන පදනම් කිහිපයක් දක්වා සිටියි. එනම් සංසිඳවීම, යුක්තිය, නිවර්තනය සහ හානිපූරනයයි.
1950 අවසන් භාගයේ සිට නෛතික පදනමක පිහිටා කටයුතු කළ ආර්ථික විද්‍යාඥයින් සහ ආර්ථික විද්‍යාව කෙරෙහි දිශානතවූ නීතීඥයින් කණ්ඩායමක් තෝරතයේ අරමුණ අවදානම කාර්‍යක්‍ෂම ලෙස බෙදාහැරීම බව දක්වා සිටියහ. මෙම කණ්ඩායම නීති හා ආර්ථීක විද්‍යා ව්‍යාපාරය ලෙසින් හඳුන්වනු ලබයි. මෙම ව්‍යාපාරයේ මූලිකයකු වූ රොනාල්ඞ් කෝසි සිය The Problem of Social Cost (1960) නම් ලිපියේ දක්වා සිටියේ තෝරතයේ ඉලක්කය වියයුත්තේ ගණුදෙනුවල වියදම අවම කරන ආකාරයෙන් හැකිතාක් දුරකට වගකීම නිරූපනය කිරීම වියයුතු බවයි.
තෝරත නීතිය ප‍්‍රතිසංස්කරණය සඳහා වන ඉල්ලිීම් නීතියේ විවිධ න්‍යායන් නිරූපනය වන විවිධාකර ස්ථාවරයන් තුලින් ඉදිරිපත්වේ. සමහර ඉල්ලීම් විභවතාවයක් සහිත ඉල්ලූම්කරුවන් මුහුණ දෙන්නාවූ අසීරුතාවයන් අවධාරනය කරයි. එයට හේතුව සෑම අයෙකුටම අනතුරු සිදුවිය හැකි වුවත් අධිකරණයක් ඉදිරියේදී අලාභ ඉල්ලා සිටිය හැකි විත්තිකරුවකු සොයාගත හැකිවන්නේ සමහරුනට පමණක් වීමය. පී. එස්. අටියා මෙම තත්වය ‘අලාභ ලොතරැයියක්’ ලෙසින් හඳුන්වයි. මීට සමාන්තරව නවසීලන්ත රජය 1960 ගණන්වලදී අනතුරු සඳහා ‘වරදක් නැති’ වන්දි ප‍්‍රදාන ක‍්‍රමයක් හඳුන්වාදෙනු ලැබීය. මීට සමාන යෝජනාවන් ඒක්සත් රාජධානියේ ශාස්ත‍්‍රාලීය සංවාදයන් තුලද පවතී.
ෙකසේවෙතත් එක්සත් ජනපදය තුල ඉල්ලා සිටින ප‍්‍රතිසංස්කරණයන් මඟින් තෝරත නීතියේ විෂය පථයේ කැපීපෙනෙන වෙනස්කම් ඉල්ලා සිටියි. ප‍්‍රතිභාර වන්දි විශේෂ සමීක්‍ෂණයකට ලක්වී ඇති අතර බොහෝ අය විශ්වාස කරන්නේ දණ්ඩනීය හානි පූරනයන් නීති පද්ධතියට අනවශ්‍ය බරක් වන බවයි.
හුදෙක් ආර්ථිකමය පාඩුවට පමණක් වගකීම සීමාකිරීමේදී න්‍යායාත්මක සහ ප‍්‍රතිපත්තිමය වුවමනාවන් මූලික වෙයි.