තෝරත අපරාධ නීතිය සමඟ අතිපිහිතවීම

අපරාධ නීතිය හා තෝරත අතිපිහිත වන අවස්ථාවන් පවතී. අතීතයේදී පුද්ගලික කි්‍රයාවක් වූ තෝරතය අපරාධ නීතියට වඩා බහුලව යොදාගනු ලැබින. ඉංගී‍්‍රසි නීතිය අනුව අඩන්තේට්ටම් කිරීම අපරාධයක් මෙන්ම තෝරතයක්ද වෙයි (තැනැත්තකු කෙරෙහි සිදුකරන අනවසර ඇතුල්වීමකි). තෝරතයක් ගොදුර බවට පත්වන්නාට ලාභදායක වන ප‍්‍රතිකර්මයක් ලබාගැනීමේ හැකියාව ඇත (උදාහරණයක් ලෙස මෝටර් රථ අනතුරකින් තුවාල ලත් තැනැත්තන්ට වන්දි ලබාදීම) අනෙක් අතට අපරාධ නඩු පීඩාවට පත් තැනැත්තාට වාසියක් ලබාදීම නොව (නමුත් බොහෝවිට අපරාධ අධිකරණයන් එවැනි ප‍්‍රතිකර්මයන්ද ලබාදෙයි) රජය වෙනුවෙන් අපරාධය කළ තැනැත්තා නැවත එවැනි වැරදි කිරීම වැලැක්වීම ඉලක්කකොට ගත්තකි. බොහෝ බරපතල අපරාධ සඳහා බන්ධනාගාරගත කිරීම සිදුකරනු ලැබූවද තෝරත සඳහා එවැන්නක් නොකරන්නේ එබැවිනි.

ෙබාෙහා් රටවල විශේෂයෙන්ම එක්සත් ජනපදයේ තෝරත වැරදි තුල දණ්ඩනීය අංගයන්ද අන්තර්ගත වෙයි. උදාහරණයක් ලෙස ප‍්‍රතිභාර සහ පාරිභෝගික කටයුතු සම්බන්ධ තොර්තයන්හිදී තෝරතය හා අපරාධ කි‍්‍රයා අතර වෙනස බොඳවී යයි. විත්තිකරු අධිකරණයේ නියෝග පිලිපැදීම නොකරන විට විත්තිකරුට එරෙහිව පැමිණිලිකරුට බණ්ඩනාගාරගත කිරීමද ඇතුලත් දණ්ඩනීය ප‍්‍රතිකර්මයක් ලබාගැනීමේ හැකියාව පවතී. සමහරවිට තෝරතයන්හි මහජන අංගයක්ද අකන්තර්ගත වියහැක. උදාහරණයක් ලෙස මහජන පීඩා සහ සමහර තෝරත සම්බන්ධ නඩු රජයේ ආයතනයක් විසින් පවරනු ලැබිය හැක. අපරාධ නීතිය මූලික වශයෙන් දණ්ඩන ලබාදීම අරමුණු කාටගත්තද බෙහෝ අධිකරණයන් ගොදුර බවට පත්වූ තැනැත්තාට මූල්‍යමය වන්දි ඍජුව අධිකරණ තිරණ මඟින් නියම කිරීෙම් පරිචයක් වර්ධනය කරගෙන ඇත.