තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත

(2016 අගෝස්තු මස 04 වන දින)

හැදින්වීම සංස්කරණය

තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන්‌ විධිවිධාන සැළසීම සඳහා ද, තොරතුරු වෙත ප්‍රවේශ වීම් ප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම සඳහා ද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන්‌ සභාව පිහිටුවීම සඳහා ද, තොරතුරු නිලධරයන්‌ පත්‌ කිරිම සඳහා දෑ තොරතුරු ලබා ගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැළසීම පිණිස ද වූ පනතකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14අ ව්‍යවස්ථාව මගින්‌ තොරතුරු සඳහා ප්‍රවේශ චීමේ අයිතිය තහචුරු කර ඇති බැවින්‌, සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මගින්‌ පොදු අධිකාරිවල විනිවිදභාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක්‌ පෝෂණය කිරීමේ අවශ්‍යතාවක්‌ පැන නැගී ඇති බැවින්‌ ද, එමගින්‌ ශ්‍රී ලංකාවේ මහජනතාවට යහපාලනය සඳහා වැඩි චශයෙන්‌ සහභාගි චිය හැකි සහ රටේ පොදු ජන ජීචිතයේ දී සක්‍රීය ලෙස සහභාගි විය හැකි සමාජයක්‌ ප්‍රවර්ධනය වන බැචින්‌ ද; ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින්‌ මෙසේ පනවනු ලැබේ.

1 වගන්තිය සංස්කරණය

(1) මේ පනත 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යනුවෙන්‌ හඳුන්වනු ලැබේ.

(2) මේ වගන්තියේ විධිවිධාන, IV වන කොටසේ, සහ 23, 36, 40, 41, 42, 43 සහ 44 වන වගන්තිචල විධිවිධාන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම පනත සම්බන්ධයෙන්‌ සහතිකය පිටසන්‌ කරනු ලබන දිනයේ සිට බලාත්මක විය යුතු ය.

(3) මේ පනතේ වෙනත්‌ සියලු වගන්තිවල සඳහන්‌ විධිවිධාන පොදු අධිකාරීන්‌ හෝ පොදු අධිකාරීන්‌ හි ප්‍රභේද සම්බන්ධයෙන්‌ ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලබන නියමයක්‌ මගින්‌ අමාත්‍යවරයා විසින් නියම කරනු ලැබිය හැකි දිනවල ඳී බලාත්මක වන්නේ ය.

එසේ වුව ද, එසේ නියම කරනු ලබන ඳිනය ඉහත (2) උපවගන්තියේ සඳහන්‌ සහතිකය සටහන්‌ කිරීමේ දිනයෙන්‌ පසුව අවම වශයෙන්‌ මාස හයක්‌ ඇතුළත විය යුතු අතර, එම සහතිකය සටහන්‌ කිරිමේ දින සිට එක්‌ අවුරුද්දකට වඩා වැඩි නොවන කාලයක දී මේ පනතේ විධිවිධාන සියලු පොදු අධිකාරීන්‌ සඳහා අදාළ වන්නේ ය.

2 වගන්තිය සංස්කරණය

මේ පනතේ විධිවිධාන සක්‍රීය ලෙස බලාත්මක වීම සහතික කිරීම සම්බන්ධයෙන්‌ ජනමාධ්‍ය විෂය පවරා ඇත්තා වූ අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ වගකීම විය යුතු ය.

I වන කොටස සංස්කරණය

(පනතේ විධිවිධාන අදාළ වීම)

3 වගන්තිය සංස්කරණය

(1) මේ පනතේ 5 වන වගන්තියේ විධිවිධානචලට යටත්ව, පොදු අධිකාරියක සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිචාසිකම සෑම පුරවැසියකුට ම තිබිය යුතු ය.

(2) මෙම පනතේ විධිවිධාන පාර්ලිමේන්තු බලතල, වරප්‍රසාද සහ පරිචයන්‌ හීන කරනු නොලබන්නේ ය.

4 වගන්තිය සංස්කරණය

වෙනත්‌ යම්‌ ලිඛිත නීතියක විධිවිධානවලට පටහැනිව කුමක්‌ සඳහන්ච ඇත ද, මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතු අතර, ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ වෙනත්‌ යම්‌ ලිඛිත නීතියක විධිවිධාන අතර අනනුකූලතාවයක්‌ හෝ ගැටීමක්‌ ඇති අවස්ථාවක, මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතු ය.

II වන කොටස සංස්කරණය

(තොරතුරුවලට ප්‍රවේශ චීම ප්‍රතික්ෂේප කිරීම)

5 වගන්තිය සංස්කරණය

(1) (2) වන උපවගන්තියේ විධිවිධානචලට යටත්ව :-

(අ) පුද්ගලික තොරතුරුවලට අදාළ තොරතුරු සම්බන්ධයෙන්‌ වන විට, තොරතුරු හෙළිදරව්‌ කිරීම යම්‌ පොදු කටයුත්තක්‌ හෝ සම්බන්ධතාවක්‌ සඳහා කිසිදු සම්බන්ධයක්‌ නොමැති අවස්ථාවක දී හෝ යම්‌ තනි පුද්ගලයකුගේ පුද්ගලිකත්වය අනවසරයෙන්‌ ආක්‍රමණය කිරීමක්‌ සිදුවේ නම්‌, එම තොරතුරු හෙළිදරව් කිරීම විශාල වශයෙන්‌ මහජන සුභසිද්ධිය විසින්‌ සාධාරණීකරණය කරයි නම්‌, හෝ අදාළ තැනැත්තා විසින්‌ එම හෙළිදරව්‌ කිරීම සඳහා ලිඛිතව කැමැත්ත ලබා දී ඇත්නම්‌ මිස;

(ආ) එම තොරතුරු හෙළිදරව්‌ කිරීම :-

(i) රාජ්‍ය ආරක්ෂාවට හෝ එහි භෞමික අඛණ්ඩතාවයට හෝ ජාතික ආරක්ෂාවට බරපතල ලෙස අගතිදායක වන අවස්ථාවක;

(ii) එම තොරතුරු යම්‌ රජයක්‌ හෝ ජාත්‍යන්තර නීතිය යටතේ වූ අන්තර්ජාතික ගිවිසුම්‌ හෝ බැඳීම්‌ විසින්‌ රහසිගතව ලබා දුන්‌ හෝ රහසිගතව ලබාගත්‌ අවස්ථාවක, එම තොරතුරු හෙළිදරව්‌ කිරීම එම රජය හෝ ජාත්‍යන්තර නීතිය යටතේ වූ අන්තර්ජාතික ගිවිසුම්‌ හෝ බැඳීම්‌ සමග ශ්‍රී ලංකාවේ ඇති සබඳතාවලට අගතිගාමී වන හෝ අගතිගාමී විය හැකි අවස්ථාවක;

(ඇ) එම තොරතුරු හෙළිදරව්‌ කිරීම :-

(i) විනිමය අනුප්‍රමාණ හෝ විදේශ හුවමාරු ගනුදෙනු පාලනය කිරීමට;

(ii) බැංකු කටයුතු හෝ ණය කටයුතු විධිමත්‌ කිරීමට;

(iii) බදු පැනවීමට;

(iv) භාණ්ඩ සහ සේවාවල මිල ස්ථාවරව පවත්වා ගැනීම, පාලනය සහ ගැලපීමට, කුලී සහ අනෙකුත්‌ පිරිවැය සහ වේතන අනුප්‍රමාණ, වැටුප්‌ සහ අනෙකුත්‌ ආදායම්‌; හෝ

(v) විදේශ වෙළඳ ගිවිසුම්වලට ඇතුළත්‌ වීමට,

අදාළ ආණ්ඩුවේ ආර්ථික හෝ මුල්‍යමය ප්‍රතිපත්ති වෙනස්‌ කිරීමට හෝ නොකඩචා පචත්වාගෙන යෑම සම්බන්ධ තීරණ නිසිකලට පෙර හෙළිදරව් වීම මගින්‌ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල අගතියක්‌ සිදුවිය හැකි අවස්ථාවක,

(ඈ) එම තොරතුරු හෙළිදරව් කිරීම විශාල වශයෙන්‌ මහජන සුභසිද්ධිය සඳහා හේතුවන බවට පොදු අධිකාරිය විසින්‌ සෑහීමට පත්වේ නම්‌ මිස, 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ආරක්ෂා කර ඇති වාණිජ රහස්‌, වෙළඳ රහස්‌ හෝ බුද්ධිමය දේපළ ඇතුළු තොරතුරු හෙළිදරව් කිරීම යම්‌ තුන්වන පාර්ශවයක තරඟකාරී තත්ත්වයට අහිතකර ලෙස බලපානු ලබන්නේ නම්‌;

(ඉ) එම තොරතුරු, යම්‌ තැනැත්තකුගේ වෛද්‍ය වාර්තා හෙළිදරව් කිරීමට මඟ පාදන අවස්ථාවක, එම තැනැත්තා විසින්‌ සිය වෛද්‍ය වාර්තා පිළිබඳ තොරතුරු හෙළිදරව්‌ කිරීම සඳහා ලිඛිතව අනුමතය ලබා දී ඇත්නම්‌ මිස;

(ඊ) ඔවුන්ගේ සේවා සැපයීමේ දී නීතිපතිවරයා හෝ නීතිපතිවරයාට සහාය දක්වන යම්‌ නිලධරයකු සහ පොදු අධිකාරීන්‌ අතර පවතින යම්‌ සන්නිවේදනයක්‌ ඇතුළුව, යම්‌ ලිඛිත නීතියක්‌ යටතේ හෙළිදරව්‌ කිරීම සඳහා අවසර දී නොමැති වූ, වෘත්තිකයන්‌ සහ එම වෘත්තිකයන්‌ විසින්‌ සේවා සපයනු ලබන යම්‌ පොදු අධිකාරියක්‌ අතර පවතින යම්‌ සන්නිවේදනයක සංයුක්ත වන්නා වූ තොරතුරක්‌ වන අවස්ථාවක දී;

(උ) භාරකාර සම්බන්ධතාවයක්‌ පැවතීම හේතුවෙන්‌ එම තොරතුරු රහසිගතව තබා ගැනීම අවශ්‍ය වන අවස්ථාවක දී;

(ඌ) එම තොරතුරු හෙළිදරව්‌ කිරීම මගින්‌ :-

(i) යම්‌ අපරාධයක්‌ වැළැක්වීම හෝ ඒ පිළිබඳව සොයාගැනීම හෝ වරදකරුවන්‌ අල්ලා ගැනීම හෝ ඔවුනට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන්‌ බලවත්‌ අගතියක්‌ සිදුවන අවස්ථාවක; හෝ

(ii) නීතිය බලාත්මක කිරීම හෝ ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු පිළිබඳ රහසිගත මූලාශ්‍රයක අනන්‍යතාවය හෙළිවන අචස්ථාවක දී;

(එ) 29 (2) (ඇ) වගන්නියේ චිධිවිධානවලට යටත්ව, එම තොරතුරු තෙවන පාර්ශවයක්‌ චිසින්‌ අදාළ පොදු අධිකාරිය වෙත රහසිගතව සපයා ඇති අවස්ථාවක දී, එම තොරතුරු හෙළිදරව්‌ කිරීම සඳහා එම පාර්ශවය විසින්‌ අනුමතය ලබා දී නොමැති අවස්ථාවක,

(ඒ) එම තොරතුරු හෙළිදරව්‌ කිරීම අධිකරණයට අපහාස කිරිමක්‌ හෝ අධිකරණයේ අධිකාරි බලය හා අපක්ෂපාතීබව පචත්වාගෙන යාමට අගතියක්‌ සිදු චන අවස්ථාවක දී;

(ඔ) එම තොරතුරු හෙළිදරව්‌ කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද හෝ නීතිය මගින්‌ විධිවිධාන සලස්වා ඇති ආකාරයට පළාත්‌ සභා වරප්‍රසාද උල්ලංඝනය කිරීමක්‌ වන අවස්ථාවක දී;

(ඕ) විභාග දෙපාර්තමේන්තුව හෝ උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌ විසින්‌ පවත්වනු ලබන යම්‌ විභාගයකට අදාළ තොරතුරු රහසිගතව තබා ගැනීමට නියමිත වන්නා වූ අවස්ථාවක දී;

(ක) එම තොරතුරු තීරණයක්‌ ගෙන නොමැති අමාත්‍ය මණ්ඩල සංදේශයක්‌ සම්බන්ධයෙන්‌ වන අවස්ථාවක දී , හෝ

(ග) එම තොරතුරු අදාළ මැනිවරණ නීති මගින්‌ රහසිගතව තැබීමට නියමිත වන්නා වූ මැතිවරණ කොමසාරිස්වරයා විසින්‌ පවත්වනු ලබන මැතිවරණයකට සම්බන්ධ තොරතුරු වන අවස්ථාවක දී,

මේ පනත යටතේ ඒ තොරතුරුවලට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කළ හැකි ය.

(2) (1) වන උපවගන්තියේ විධිවිධානවල කුමක්‌ සඳහන්‌ වුව ද, ඉල්ලා සිටිනු ලබන තොරතුරු අවුරුදු දහයකට චඩා පැරණි නම්‌, එම උපවගන්තියේ (අ), (ආ), (ඈ), (ඉ), (ඊ), (උ), (ඌ) සහ (ඒ) ඡේදවල දක්වා ඇති හේතු මත හැර එහි දක්වා ඇති කිසිදු හේතුවක්‌ මත, තොරතුරු ලබා ගැනීම සඳහා වන ඉල්ලීමක්‌ ප්‍රතික්ෂේප නොකළ යුතු ය.

(3) මේ වගන්තියේ (1) (ඇ) (v) උපවගන්නියේ සඳහන්‌ විදේශ ගිවිසුම්‌ අවුරුදු දහයක්‌ ඉකුත්‌ වීමෙන්‌ පසුව වුව ද අවසන්‌ වී නොමැති අවස්ථාවක, ඒ සම්බන්ධයෙන්‌ වූ තොරතුරු හෙළි නොකළ යුතු ය.

(4) (1) වන උපවගන්තියේ කුමක්‌ සඳහන්‌ වුව ද, මහජන සුභසිද්ධිය එම තොරතුරු හෙළිදරව් කිරීමෙන්‌ චන හානියට වඩා වැඩි නම්‌ එවැනි තොරතුරු සඳහා වන ඉල්ලීමක්‌ ප්‍රතික්ෂේප නොකළ යුතු ය.

(5) (1) වන උපවගන්නිය යටතේ හෙළිදරව්‌ කිරීමෙන්‌ මුක්ත කර ඇති යම්‌ තොරතුරක්‌ වෙත ප්‍රවේශ වීම ප්‍රදානය කිරීමට අදාළ යම්‌ ගැටලුවක්‌ පිළිබඳව තොරතුරු නිලධරයකු විසින්‌, කොමිෂන් සභාවෙන්‌ උපදෙස්‌ ලබාගත හැකි අතර, කොමිෂන්‌ සභාව විසින්‌ හැකි ඉක්මනින්‌ සහ එවැනි සෑම අවස්ථාවක දී ම දින දාහතරක්‌ ඇතුළත ස්වකීය උපදෙස්‌ ලබා දිය යුතු ය.

6 වගන්තිය සංස්කරණය

5 වන වගන්තියේ දක්වා ඇති කවර හෝ හේතු මත තොරතුරු ලබා ගැනීම සඳහා වන ඉල්ලීමක්‌ ප්‍රතික්ෂේප කරන ලද අවස්ථාවක, එම වගන්තිය යටතේ හෙළිදරව් කිරීමෙන්‌ මුක්ත කොට නැති යම්‌ තොරතුරු ඇතුළත්‌ වූ ද, හෙළිදරව්‌ කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති තොරතුරු ඇතුළත්‌ වන යම්‌ කොටසකින්‌ සාධාරණ ලෙස වෙන්‌ කළහැකි වූ ද, යම්‌ වාර්තාවක හෝ ලේඛනයක කොටසකට ප්‍රවේශය ලබා දිය හැකි ය.

III වන කොටස සංස්කරණය

(අමාත්‍යවරුන්ගේ සහ පොදු අධිකාරිවල යුතුකම්‌)

7 වගන්තිය සංස්කරණය

(1) මේ පනතේ විධිවිධාන සලසා ඇති ආකාරයට තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම සුභසාධනය කිරීම සඳහා නිසි අයුරින්‌ සාදනු ලබන නාමාවලි සහ සුචියක්‌ අනුව එහි ක්‍රියාත්මකවීමේ අවශ්‍යතා සමග අනුකූල වන ආකාරයට සහ ආකෘතියකට අනුව සෑම පොදු අධිකාරියක්‌ විසින්ම සිය වාර්තා පවත්වාගෙන යෑම්‌ ඒ සෑම පොදු අධිකාරියකම වගකීම වන්නේ ය.

(2) සෑම පොදු අධිකාරියක්‌ විසින්ම (1) චන උපවගන්තිය යටතේ සිය වගකීම්‌ ක්‍රියාත්මක කිරීමේ ද, 14 (ඌ) වගන්තිය යටතේ කොමිෂන්‌ සභාව විසින්‌ දෙන ලද නියමයන්ට අනුකූලව ඉටු කළ යුතු ය.

(3) සෑම පොදු අධිකාරියක්‌ චිසින්‌ ම පවත්වාගෙන යනු ලබන සියලු වාර්තා :-

(අ) මේ පනත ක්‍රියාත්මකවීමේ දිනයේ දී එවකටත්‌ පවතින වාර්තා සම්බන්ධයෙන්‌ වන විට, මේ පනත ක්‍රියාත්මක වීමේ දින සිට අවුරුදු දහයකට නොඅඩු කාලසීමාවක්‌ සඳහා; සහ

(ආ) මේ පනත ක්‍රියාත්මකවීමෙන්‌ පසුව සකසනු ලබන අලුත්‌ වාර්තා සම්බන්ධයෙන්‌ වන විට, එම වාර්තාව සකස්‌ කළ දින සිට අවුරුදු දොළහකට නොඅඩු කාලසීමාවක්‌ සඳහා, ආරක්ෂා කරනු ලැබිය යුතු ය.

(4) මේ පනත යටතේ ඉඳිරිපත්‌ කරන ලද යම්‌ ඉල්ලීමක විෂය වස්තුව වන්නා වූ කිසිදු වාර්තාවක්‌ හෝ තොරතුරක්‌, එම ඉල්ලීම හෝ එම ඉල්ලීමට අදාළ යම්‌ අභියාචනයක්‌ විභාග වන අතරතුර දී හෝ අධිකරණ කටයුත්තක්‌ පවතින කාලය තුළ ඳී විනාශ නොකළ යුතු ය.

(5) 2 වන උපවගන්තියේ විධිවිධානවල කුමක්‌ සඳහන්‌ වුව ද, එය නොසලකමින්‌, සෑම පොදු අධිකාරියක්‌ විසින්‌ ම සම්පත්වල පැවතීමට යටත්ව, සාධාරණ කාලයක්‌ ඇතුළත ස්වකීය සියලු වාර්තා විද්‍යුත්‌ ලේඛනාකෘතියෙන්‌ ආරක්ෂා කර තැබීම සඳහා උත්සුක විය යුතු ය.

8 වගන්තිය සංස්කරණය

(1) අර්ධ වාර්ෂිකව පිළිවෙළින්‌ එක්‌ එක්‌ වර්ෂයේ ජුනි මස තිස්‌ වන ඳිනට සහ දෙසැම්බර්‌ මස තිස්‌ එක්‌ වන දිනට ප්‍රථම, කොමිෂන්‌ සභාව විසින්‌ තීරණය කරනු ලබන ආකෘතියකට යම්‌ පුරවැසියකුට මේ පනතේ 3 වන වගන්තිය යටතේ ප්‍රදානය කොට ඇති තොරතුරුවලට ප්‍රවේශ වීමට ඇති අයිතිවාසිකම ක්‍රියාත්මක කිරීමට හැකි වනු පිණිස වාර්තාවක්‌ පළකිරීම එම අමාත්‍යවරයාගේ කාර්යය වන්නේ ය.

(2) (1) වන උපවගන්තිය යටතේ සඳහන්‌ වාර්තාවේ පහත විස්තර අඩංගු විය යුතු ය :-

(අ) එම අමාත්‍යවරයාට පවරා ඇති අමාත්‍යාංශයේ සංවිධානය, කර්තව්‍ය, ක්‍රියාකාරකම්‌ සහ කාර්යට සම්බන්ධ විස්තර සහ එසේ පවරා ඇති කර්තව්‍ය තුළට වැටෙන සියලු පොදු අධිකාරිවල විස්තර:

(ආ) (අ) ඡේදයේ දක්වා ඇති අමාත්‍යංශය සහ පොදු අධිකාරින්වල -

(i) නිලධරයන්‌ සහ සේවානියුක්තිකයන්ගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය සහ ඔවුන්‌ විසින්‌ සිය තීරණ ගැනීමේ දී අනුගමනය කරනු ලබන අදාළ ක්‍රියාපටිපාටි;

(ii) කර්තව්‍ය ඉටුකිරීමේ දී, කාර්ය කිරීමේ දී සහ බලතල ක්‍රියාත්මක කිරීමේ දී එහි නියමිත සම්මතයන්‌;

(iii) නිලධරයන්‌ සහ සේවානියුක්තිකයන්‌ සිය කාර්ය කිරීමේ දී, කර්තව්‍ය ඉටුකිරිමේ ඳී සහ බලතල ක්‍රියාත්මක කිරීමේ දී භාවිත කරනු ලබන රිති, නියෝග, උපදේශ, අත්පොත්‌ සහ චෙනත්‌ යම්‌ ප්‍රභේදවල වාර්තා;

(iv) තොරතුරු ලබා ගැනීම සඳහා පුරවැසියන්ට ලබා ගත හැකි පහසුකම්‌ පිළිබඳ විස්තරද;

(v) මුදල්‌ ප්‍රතිපූරණය කිරීමේ දී සියලු සැළසුම්‌, යෝජිත වියදම්‌ හා වාර්තා පෙන්නුම්‌ කරමින්‌ එක්‌ එක්‌ නියෝජිත ආයතන වෙත වෙන්‌ කරන ලද අයවැය;

(vi) පත්කොට ඇති තොරතුරු නිලධරයා හෝ නිලධරයන්ගේ නම, තනතුර සහ අනෙකුත්‌ විස්තර.

(3) (1) චන උපවගන්තියේ විධිවිධානවල කුමක්‌ සඳහන්‌ වුව ද, මේ පනත ක්‍රියාත්මකවීමේ දින සිට මාස හයක්‌ ඇතුළත සෑම අමාත්‍යවරයකු විසින්‌ ම නිශ්චය කරනු ලැබිය හැකි ආකෘතියකින්‌ (2) වන උපවගන්තියේ (අ) සහ (ආ) ඡේදවල දක්වා ඇති තොරතුරු අඩංගු වාර්තාවක්‌ පළ කිරීම, එම අමාත්‍යවරයාගේ කාර්යය වන්නේ ය.

(4) (1) වන, (2) වන සහ (3) වන උපවගන්තිවල දක්වා ඇති වාර්තා -

(අ) රාජ්‍ය භාෂාවලින්‌ පළ කරනු ලැබිය යුතු අතර, විද්‍යුත්‌ ලේඛනාකෘතියකින්‌ ලබා ගැනීමට කටයුතු සැලැස්විය යුතු ය; සහ

(ආ) මහජන පරීක්ෂාව සඳහා ලබා ගැනීමට සැලැස්විය යුතු අතර, ඒවායේ පිටපත්‌ කොමිෂන්‌ සභාව විසින්‌ නිශ්චය කරනු ලබන යම්‌ ගාස්තුවක්‌ ගෙවීම මත යම්‌ තැනැත්තකු වෙත නිකුත්‌ කරනු ලැබිය හැකි ය.

සැක දුරු කිරීමේ කාර්ය සඳහා අමාත්‍යවරයා යන යෙදුම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVIIඅ පරිච්ඡේදය යටතේ පිහිටුවා ඇති පළාත්‌ සභාවක අමාත්‍යවරයකු ද ඇතුළත්‌ වන බවට මෙයින්‌ ප්‍රකාශයට පත්‌ කරනු ලැබේ.

9 වගන්තිය සංස්කරණය

(1) (අ) යම්‌ ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට මාස තුනකට පෙරාතුව, එම ව්‍යාපෘතියට අදාළ විෂයය පවරා ඇත්තේ යම්‌ අමාත්‍යවරයෙකු වෙත ද, එකී සන්නිවේදනය කරන දිනය වන විට තමා සතු එම ව්‍යාපෘතියට අදාළ සියලු තොරතුරු පොදුවේ මහජනයාට සහ එම ව්‍යාපෘතියෙන්‌ බලපෑමට ලක්වීමට ඉඩ ඇති නිශ්චිත තැනැත්තන්ට සන්නිවේදනය කිරීම, එම අමාත්‍යවරයාගේ කාර්යය වන්නේ ය.

එසේ වුව ද, හඳිසි ව්‍යාපෘතියක්‌ සම්බන්ධයෙන්‌ වන විට, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සතියකට පෙරාත්තුව තොරතුරු ලබාදිය යුතු අතර, එම හඳිසි තත්වය සඳහා වූ හේතු, කොමිෂන්‌ සභාව වෙත සන්නිවේදනය කරනු ලැබිය යුතු ය.

(ආ) කොමිෂන්‌ සභාව විසින්‌ (අ) ඡේදයේ සඳහන්‌ සන්නිවේදනය සිදු කළ යුතු ආකාරය නිශ්චිතව දක්වමින්‌ මාර්ගෝපදේශ නිකුත්‌ කරනු ලැබිය යුතු ය.

(2) (අ) අමාත්‍යවරයකු විසින්‌, එම ව්‍යාපෘතිය සංවර්ධනය සහ ක්‍රියාත්මක කරන කාලසීමාව පුරා (1) වන උපවගන්තියේ දක්වා ඇති ව්‍යාපෘතියක්‌ සම්බන්ධ යාවත්කාලීන තොරතුරු පුරවැසියකු විසින්‌ තත්‌ කාර්යය සඳහා ලිඛිතව කරනු ලබන ඉල්ලීමක්‌ මත එම පුරවැසියාට ලැබීමට සැලැස්විය යුතු ය.

(ආ) එම තොරතුරු, කොමිෂන්‌ සභාව විසින්‌ තොරතුරු ලබාදීමේ කාර්යය සඳහා නියම කරනු ලැබිය යුතු යම්‌ ගාස්තුවක්‌ මත ලබා ඳිය යුතු ය.

(3) මේ වගන්තියේ කාර්යය සඳහා "ව්‍යාපෘතිය” යන්නෙන්‌ -

(අ) විදේශ ආධාර ලබන ව්‍යාපෘතියක්‌ සම්බන්ධයෙන්‌ වන විට, එක්සත්‌ ජනපද ඩොලර්‌ ලක්ෂයක්‌ ඉක්මවන; සහ

(ආ) දේශීය චශයෙන්‌ ආධාර ලබන ච්‍යාපෘති සම්බන්ධයෙන්‌ වන විට, රුපියල්‌ ලක්ෂ පහක්‌ ඉක්මවන, යම්‌ ව්‍යාපෘතියක්‌ අදහස්‌ වේ.

සැක දුරු කිරීමේ කාර්ය සඳහා අමාත්‍යවරයා යන යෙදුම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVIIඅ පරිච්ඡේදය යටතේ පිහිටුවා ඇති පළාත්‌ සභාවක අමාත්‍යවරයකු ද ඇතුළත්‌ වන බවට මෙයින්‌ ප්‍රකාශයට පත්‌ කරනු ලැබේ.

10 වගන්තිය සංස්කරණය

සෑම පොදු අධිකාරියක්‌ විසින්ම පහත දැක්වෙන තොරතුරු සපයමින්‌ එහි කාර්යාලයේ දී සහ ස්වකීය නිල වෙබ්‌ අඩවියෙහි මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා තැබිය යුතු වාර්ෂික වාර්තා, එකී වාර්තා අදාළ වන වර්ෂයට ඉක්බිතිවම එළඹෙන වර්ෂයේ දෙසැම්බර්‌ මස තිස්‌ එක්‌ වන දිනයට පෙරාත්තුව කොමිෂන්‌ සභාව වෙත ඉදිරිපත්‌ කරනු ලැබිය යුතු ය :-

(අ) වර්ෂය තුළදී ලැබුණු මුළු ඉල්ලීම්‌ ගනන සහ සපයන ලද සහ ප්‍රතික්ෂේප කරන ලද තොරතුරු ප්‍රමාණය;

(ආ) වර්ෂය තුළඳී එකතු කරනු ලැබූ ගාස්තූ මුදල;

(ඇ) 5 වන වගන්තිය යටතේ ප්‍රතික්ෂේප කරන ලද ඉල්ලීම්‌ ගණන;

(ඈ) කොමිෂන්‌ සභාවේ විධානය පරිදි තොරතුරු සපයන ලද වාර ගණන;

(ඉ) විනිවිදභාචය පිළිබඳ පවත්නා ක්‍රමයේ ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය යම්‌ යෝජනා;

(ඊ) තොරතුරු සන්නිවේදනය කිරීම, ප්‍රතික්ෂේප කිරීම මගින්‌ පැන නගින අභියාචන සංඛ්‍යාව;

(උ) වාර්තා පවත්වාගෙන යෑම, කළමනාකරණය සහ විනාශ කිරීමට අදාළ පරිචයන්‌; සහ

(ඌ) 8 වන වගන්තිය යටතේ ස්වකීය කර්තව්‍යයන්‌.

11 වගන්තිය සංස්කරණය

(1) මේ පනතේ කාර්යය සඳහා, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන්‌ සභාව යනුවෙන්‌ හඳුන්වනු ලබන (මේ පනතේ "කොමිෂන්‌ සභාව" යනුවෙන්‌ සඳහන්‌ කරනු ලබන) මණ්ඩලයක්‌ පිහිටුවනු ලැබිය යුතු ය.

(2) කොමිෂන්‌ සභාව, (1) වන උපවගන්තිය මඟින්‌ එයට දෙන ලද නාමයෙන්‌ අවිච්ඡින්න පැවැත්මක්‌ හා පොදු මුද්‍රාවක්‌ ඇති සංස්ථාපිත මණ්ඩලයක්‌ වන අතර, ඒ නාමයෙන්‌ එය විසින්‌ ද, ඊට විරුද්ධව ද නඩු පවරනු ලැබිය හැකි විය යුතු ය.

12 වගන්තිය සංස්කරණය

12. (1) කොමිෂන්‌ සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින්‌ පත්කරනු ලබන තැනැත්තන්‌ පස්දෙනකුගෙන්‌ සමන්විත චිය යුතු ය. එම නිර්දේශ ඉදිරිපත්‌ කිරීමේ දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්‌ පහත සඳහන්‌ එක්‌ එක්‌ සංචිධාන හෝ සංවිධාන ප්‍රභේද විසින්‌ නම්‌ කරනු ලබන එක්‌ තැනැත්තකු නිර්දේශ කරනු ලැබිය යුතු ය :-

(අ) නීතිඥවරයන්‌ සහ නීති ක්ෂේත්‍රයේ විද්වත්‌ ප්‍රජාව විමසා නීතිඥ වෘත්තියේ ප්‍රවීණත්වයක්‌ ඇති නීතිඥවරයෙක්‌ හෝ නීති විශාරදයෙක්‌ නම්‌ කළ යුතු ශ්‍රී ලංකා නීතිඥ සංගමය;

(ආ) ප්‍රකාශකවරුන්ගේ, කර්තෘවරුන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ සංවිධාන; සහ

(ඇ) වෙනත්‌ සිවිල්‌ සමාජ සංවිධාන.

(2) (අ) (1) වන උපවගන්තිය යටතේ නිර්දේශ ඉදිරිපත්‌ කිරීමේ දී, නිර්දේශ කරනු ලබන තැනැත්තන්‌ :-

(i) නීතිය, පාලනය, රාජ්‍ය පරිපාලනය, සමාජ සේවා, පුවපත්පත්‌ කලාවේදී, විද්‍යා හා තාක්ෂණ හෝ කළමනාකරණ යන ක්ෂේත්‍රවල සාධනය කළ දැනීමක්‌, අත්දැකීම්‌ හා ප්‍රවීනත්වය සහිත පොදු සමාජ ජීවිතයේදී සුවිශේෂී තැනැත්තන්‌ බවට;

(ii) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ හෝ, යම්‌ පළාත්‌ සභාවක මන්ත්‍රීවරයකු හෝ පළාත්‌ පාලන ආයතනයක සභිකයකු නොවන බවට;

(iii) යම්‌ රාජ්‍ය හෝ අධිකරණ ධුරයක්‌ හෝ වෙනත්‌ ලාභදායී ධුරයක්‌ දරන තැනැත්තන්‌ නොවන බවට;

(iv) යම්‌ දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවන බවට;

(v) යම්‌ ව්‍යාපාරයක්‌ කරගෙන යනු නොලබන හෝ යම්‌ වෘත්තියක නොයෙදෙන බවට,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව චිසින්‌ සහතික චිය යුතු ය.

(ආ) ආණ්ඩුක්‍රම ච්‍යවස්ථා සභාවේ තීරණය සඳහා තැනැත්තන්‌ නම්‌ කිරීමේ දී, එහි නිශ්චිතච දක්චා ඇති නිර්ණායක සපුරාලනු ලබන බවට (1) වන උපවගන්තියේ සඳහන්‌ සංවිධාන විසින්‌ සහතික විය යුතු ය. නාමිකයන්‌ එහි සඳහන්‌ නිර්ණායක සපුරාලනු නොලබන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අදහස වන අචස්ථාවක දී, අලුත්‌ නාම යෝජනා කැඳවනු ලැබිය යුතු ය.

(3) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්‌, මේ පනත ක්‍රියාත්මකවීමේ දින සිට එක්‌ මාසයක්‌ ඇතුළත හෝ කොමිෂන්‌ සභාවේ පුරප්පාඩුව ඇතිවීමේ දින සිට එක්‌ මාසයක්‌ ඇතුළත (1) වන උපවගන්තිය යටතේ ස්චකීය නිර්දේශ ඉදිරිපත්‌ කරනු ලැබිය යුතු ය. එම කාලසීමාව ඇතුළත අදාළ යම්‌ හෝ සියලුම සංවිධාන විසින්‌ නාම යෝජනා ඉදිරිපත්‌ කිරීමට අපොහොසත්වන අවස්ථාවක දී, එකී කාලසීමාව අවසන්‌ වීමෙන්‌ පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්‌ ස්වකීය නිර්දේශ ඉදිරිපත්‌ කරනු ලැබිය යුතු ය. නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇති අවස්ථාවක දී, එම ප්‍රතික්ෂේප වීමේ දින සිට සති දෙකක්‌ ඇතුළත පිළිගත හැකි නාම යෝජනා නැවත ඉදිරිපත්‌ කර නොමැති අවස්ථාවක දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්‌ ස්වකීය නාම යෝජනා ඉදිරිපත්‌ කරනු ලැබිය යුතු ය.

(4) කොමිෂන්‌ සභාවේ යම්‌ සාමාජිකයකු එම ධුරය දරනු ලබන අතරතුර දී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන්‌ හෝ යම්‌ පළාත්‌ සභාවක මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු වශයෙන්‌ පත්‌ වුවහොත්‌ හෝ යම්‌ රාජ්‍ය හෝ අධිකරණ ධුරයක්‌ සඳහා හෝ යම්‌ දේශපාලන පක්ෂයක නිලධරයකු වශයෙන්‌ තෝරා පත්‌ කරනු ලැබුවහොත්‌, එවැනි සාමාජිකයකු එම පත්කිරිමෙහි සිට කොමිෂන්‌ සභාවේ සාමාජිකයකු වීම අවසන්‌ වන්නේ ය.

(5) ජනාධිපතිවරයා විසින්‌, කොමිෂන්‌ සභාව වෙත පත්‌ කරනු ලබන සාමාජිකයන්‌ අතරින්‌ එක්‌ අයකු එහි සභාපතිවරයා ලෙස නම්‌ කරනු ලැබිය යුතු ය.

(6) කොමිෂන්‌ සභාවේ සාමාජිකයන්‌ අවුරුදු පහක කාලසීමාවක්‌ සඳහා ධුර දරනු ලැබිය යුතු ය.

(7) කොමිෂන්‌ සභාවේ සාමාජිකයකු විසින්‌ මේ පනතේ විධිවිධාන යටතේ හෙළිදරව්‌ කළ නොහැකි තොරතුරු, හෙළිදරව්‌ නොකළ යුතු ය.

(8) මේ පනතේ උපලේඛනයේ සඳහන්‌ විධිවිධාන කොමිෂන්‌ සභාවේ සාමාජිකයන්‌ සහ එහි රැස්වීම්‌ පැවැත්වීම සම්බන්ධයෙන්‌ අදාළ විය යුතු ය.

13 වගන්තිය සංස්කරණය

(1) කොමිෂන්‌ සභාව විසින්‌ -

(අ) කොමිෂන්‌ සභාවේ ප්‍රධාන විධායක නිලධරයා විය යුතු අධ්‍යක්ෂ ජනරාල්වරයකු;

(ආ) අවශ්‍ය බවට තීරණය කරනු ලබන යම්‌ නිලධරයන්‌ හා සේවා නියුක්තිකයන්‌ සංඛ්‍යාවක්‌,

පත්‌ කරනු ලැබිය යුතු ය.

(2) අධ්‍යක්ෂ ජනරාල්වරයා කොමිෂන්‌ සභාවේ පොදු අධීක්ෂණය, විධානය හා කළමනාකරණය සම්බන්ධයෙන්‌ හා කොමිෂන්‌ සභාවේ නිලධරයන්ගේ සහ සේචා නියුක්තිකයන්ගේ විනය පාලනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්‌ වගකියනු ලැබිය යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ පත්කරනු ලබන අධ්‍යක්ෂ ජනරාල්වරයා හා වෙනත්‌ නිලධරයන්‌ සහ සේවා නියුක්තිකයන්‌, කොමිෂන්‌ සභාව විසින්‌ තීරණය කරනු ලබන යම්‌ නියම හා සේවා කොන්දේසිවලට යටත්‌ විය යුතු අතර, එම අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වෙනත්‌ නිලධරයන්‌ හා සේවා නියුක්තිකයන්‌ සඳහා මුදල්‌ විෂය පවරා ඇත්තා වූ අමාත්‍යවරයාගෙන්‌ විමසා කොමිෂන්‌ සභාව විසින්‌ නිශ්චය කරනු ලබන පාරිශ්‍රමික ගෙවනු ලැබිය යුතු ය.

14 වගන්තිය සංස්කරණය

14. කොමිෂන්‌ සභාවේ කාර්ය සහ කර්තව්‍ය පහත සඳහන්‌ කාර්ය සහ කර්තව්‍යය පරිදි විය යුතු ය :-

(අ) මෙම පනත යටතේ පොදු අධිකාරීන්‌ වෙත පවරා ඇති කාර්ය නිසි පරිදි ඉටු කරන්නේ ද යන්න අධීක්ෂණය කිරීම සහ ඒවාට අනුකූලව කටයුතු කරන්නේ ද යන්න සහතික වීම;

(ආ) ප්‍රතිසංස්කරණය සමාලෝචනය කිරීම සඳහා අවශ්‍ය පොදු නිර්දේශ ස්වභාවයකින්‌ යුක්ත වූ සහ විශේෂයෙන්‌ ම යම්‌ පොදු අධිකාරියක්‌ වෙත යොමු කරන ලද යන දෙවර්ගයේ ම නිර්දේශ සැදීම;

(ඇ) මේ පනත යටතේ යම්‌ තොරතුරක්‌ නිදහස්‌ කරනු ලැබීම පිණිස පොදු අධිකාරි විසින්‌ අය කරනු ලබන ගාස්තු නිශ්චය කිරීම සඳහා සාධාරණත්වය පදනම්‌ කොට ගෙන මාර්ගෝපදේශ නිකුත්‌ කිරීම;

(ඈ) තොරතුරු නිලධරයකු විසින්‌, ගාස්තුවක්‌ අය කිරීමෙන්‌ තොරව, තොරතුරු ලබාදිය හැක්කේ කවර අවස්ථාවල දී ද යන්න නියම කිරීම;

(ඉ) තොරතුරු සැපයීම සම්බන්ධයෙන්‌ ප්‍රගාමී හෙළිදරව් කිරීමේ ප්‍රතිපත්තිය මත පදනම්‌ ව, ගාස්තු උපලේඛනය නියම කිරීම;

(ඊ) මෙම පනතේ විධිවිධාන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්‌ රාජ්‍ය නිලධරයන්‌ සමඟ සාමූහිකව කටයුතු කිරීම හෝ එම නිලධරයන්‌ සඳහා පුහුණු කටයුතු භාර ගැනීම;

(උ) මේ පනතේ අවශ්‍යතා සහ ඒ යටතේ පුද්ගලයන්ගේ අයිතිවාසිකම්‌ ප්‍රසිද්ධියට පත්‌ කිරීම, සහ

(ඌ) පොදු අධිකාරීන්‌ සඳහා වාර්තා නිසි පරිදි පවත්වා ගැනීමේ මාර්ගෝපදේශ නිකුත්‌ කිරීම.

15 වගන්තිය සංස්කරණය

මේ පනත යටතේ කොමිෂන්‌ සභාවේ කාර්ය කිරීම සහ කොමිෂන්‌ සභාවේ කර්තව්‍ය ඉටු කිරීමේ කාර්යය සඳහා කොමිෂන් සභාව වෙත පහත දැක්වෙන බලතල ඇත්තේ ය :-

(අ) පරීක්ෂණ පැවැත්වීම හා එම පරීක්ෂණ සඳහා පෙනීසිටින ලෙස යම්‌ තැනැත්තකු වෙත නියම කිරීම;

(ආ) දිව්රුම්ඳීම හෝ ප්‍රතිඥාදීම යටතේ එම තැනැත්තා විභාග කිරීම හා අවශ්‍ය අවස්ථාවල දී එම තැනැත්තාගේ සන්තකයේ පවතින යම්‌ තොරතුරු සපයන ලෙස එම තැනැත්තා වෙත නියම කිරීම, එසේ වුව ද 5 වන වගන්තිය යටතේ හෙළිදරව් කිරීමෙන්‌ මුක්ත කර ඇති තොරතුරු රහසිගතව පරික්ෂා කළ යුතු ය;

(ඇ) මේ පනතේ විධිවිධාන යටතේ වූ යම්‌ පොදු අධිකාරියක්‌ විසින්‌ ප්‍රතික්ෂේප කරනු ලබන තොරතුරු ඇතුළුව පොදු අධිකාරියක්‌ චිසින්‌ දරනු ලබන තොරතුරු පරීක්ෂා කිරීම;

(ඈ) යම්‌ නිශ්චිත ආකෘතියකින්‌ තොරතුරු සපයන ලෙස පොදු අධිකාරියක්‌ වෙත විධාන කිරීම;

(ඉ) 5 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, මහජනතාවගෙන්‌ යම්‌ පොදු අධිකාරියක්‌ විසින්‌ රඳවාගෙන සිටිනු ලබන තොරතුරු ප්‍රසිද්ධ කරන ලෙස එම පොදු අධිකාරිය වෙත විධාන කිරීම;

(ඊ) 32 වන වගන්තිය යටතේ අතෘප්තියට පත්‌ යම්‌ තැනැත්තකු විසින්‌ කොමිෂන්‌ සභාව වෙත ඉදිරිපත්‌ කරනු ලබන අභියාචනා විභාග කිරීම සහ තීරණය කිරිම; සහ

(උ) ඉල්ලා සිටිනු ලැබූ තොරතුරු නියමිත වේලාවට නොලැබීම හේතුවෙන්‌ පුරවැසියෙකුගෙන්‌ අය කරනු ලැබූ ගාස්තු ප්‍රතිපූර්ණය කරන ලෙස පොදු අධිකාරියක්‌ හෝ අදාළ තොරතුරු සැපයීමේ නිලධරයකු වෙත විධාන කිරීම.

16 වගන්තිය සංස්කරණය

(1) කොමිෂන්‌ සභාවට එහිම අරමුදලක්‌ තිබිය යුතු අතර කොමිෂන්‌ සභාවේ එම අරමුදලට පහත දැක්වෙන මුදල්‌ බැර කරනු ලැබිය යුතු ය :-

(අ) කොමිෂන්‌ සභාවේ ප්‍රයෝජනය සඳහා පාර්ලිමේන්තුව විසින්‌ කලින්‌ කල සම්මත කරනු ලැබිය හැකි සියලු මුදල්‌,

(ආ) ශ්‍රී ලංකාවේ හෝ ශ්‍රී ලංකාවෙන්‌ බැහැර ඕනෑම මූලාශ්‍රයකින්‌ ලැබෙන පරිත්‍යාග, ත්‍යාග හෝ ප්‍රදාන.

(2) (1) චන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ පරිත්‍යාග, ත්‍යාග හෝ ප්‍රදාන වශයෙන්‌ යම්‌ මුදල්‌ ලැබෙන අවස්ථාවක දී, එම පරිත්‍යාග, ත්‍යාග හෝ ප්‍රදානවල මූලාශ්‍ර සහ ඒවා ප්‍රදානය කරනු ලබන අරමුණ ප්‍රසිද්ධ කරනු ලැබිය යුතු ය.

(3) කොමිෂන්‌ සභාවේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ දී, කිරීමේ දී සහ ඉටු කිරීමේ ඳී කොමිෂන්‌ සභාව විසින්‌ දරනු ලබන වියදම්‌ පියවා ගැනීමට අවශ්‍ය වන සියලු මුදල්‌ අරමුදලින්‌ ගෙවනු ලැබිය යුතු ය.

17 වගන්තිය සංස්කරණය

(1) කොමිෂන්‌ සභාවේ මුදල්‌ වර්ෂය ලිත්‌ වර්ෂය විය යුතු ය.

(2) කොමිෂන්‌ සභාව විසින්‌, සිය ආදායම්‌ සහ වියදම්‌ සහ කොමිෂන්‌ සභාවේ අනෙකුත්‌ සියලු ගනුදෙනු සම්බන්ධයෙන්‌ නිසි ගිණුම්‌ පොත්‌ පවත්වාගෙන යා යුතු ය.

(3) රාජ්‍ය සංස්ථාවල ගිණුම්‌ විගණනය සඳහා අදාළ වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාවේ විධිවිධාන, කොමිෂන්‌ සභාවේ ගිණුම්‌ විගණනය කිරීම සම්බන්ධයෙන්‌ අදාළ වන්නේ ය.

18 වගන්තිය සංස්කරණය

1971 අංක 38 දරන මුදල්‌ පනතේ 11 වන කොටසේ විධිවිධාන, අවශ්‍ය වෙනස්‌ කිරීම්‌ සහිතව, කොමිෂන්‌ සභාචේ මුල්‍ය පාලනය සහ ගිණුම්‌ සම්බන්ධයෙන්‌ අදාළ විය යුතු ය.

19 වගන්තිය සංස්කරණය

(19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ එහි කාර්ය සඳහා, කොමිෂන්‌ සභාවේ සාමාජිකයන්‌ සහ නිලධරයන්‌ සහ අනෙකුත්‌ සියලු සේවා නියුක්තිකයන්‌ රජයේ සේවකයන්‌ ලෙස සලකනු ලැබිය යුතු අතර, මේ පනත යටතේ කොමිෂන්‌ සභාව චිසින්‌ පවත්වනු ලබන සෑම පරීක්ෂණයක්‌ ම, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ අර්ථානුකූලව අධිකරණ ක්‍රියාපටිපාටියක්‌ සේ සලකනු ලැබිය යුතු ය.

20 වගන්තිය සංස්කරණය

කොමිෂන්‌ සභාව, (26 වන අධිකාරය වූ) අල්ලස්‌ පනතේ අර්ථානුකූලවම උපලේඛනගත ආයතනයක්‌ විය යුතු අතර, ඒ පනතේ විධිවිධාන ඒ අනුව තේරුම්ගත යුතු ය.

21 වගන්තිය සංස්කරණය

මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා කොමිෂන්‌ සභාවේ යම්‌ සාමාජිකයකු, නිලධරයකු හෝ සේවා නියුක්තිකයකු විසින්‌ සද්භාවයෙන්‌ කරන ලද හෝ කරන ලදැයි උද්දේශිත යම්‌ ක්‍රියාවක්‌ හෝ නොකර හැරීමක්‌ සම්බන්ධයෙන්‌ යම්‌ අධිකරණයක්‌ ඉදිරියේ ඔහු විසින්‌ හෝ ඔහුට විරැද්ධව පවරන ලද යම්‌ සිවිල් හෝ අපරාධ නඩුවක දී, එම ක්‍රියාව හෝ නොකර හැරිම සද්භාවයෙන්‌ කරන ලද්දක්‌ බවට අධිකරණය තීරණය කරන්නේ නම්‌, ඒ නඩුවේ දී ඔහු විසින්‌ දරන ලද යම්‌ වියදමක්‌ එම සිවිල්‌ හෝ අපරාධ නඩුවේ දී ඔහු විසින්‌ අය කරගනු ලැබුවේ නම්‌ මිස, කොමිෂන්‌ සභාවේ අරමුදලින්‌ ඔහුට ගෙවනු ලැබිය යුතු ය.

22 වගන්තිය සංස්කරණය

කොමිෂන්‌ සභාව විසින්‌, එය පිහිටුවීමෙන්‌ මාස හයක්‌ ඇතුළත, 32 වන වගන්තිය යටතේ කොමිෂන්‌ සභාව වෙත අභියාචනා ඉඳිරිපත්‌ කිරීම සම්බන්ධයෙන්‌ අනුගමනය කරනු ලැබිය යුතු කාර්ය පටිපාටිය සකස්කර, ඒ සඳහා ප්‍රමාණවත්‌ ප්‍රසිද්ධියක්‌ ලබා දිය යුතු ය.

V වන කොටස සංස්කරණය

(තොරතුරු නිලධරයන්‌ පත්‌ කිරිම සහ තොරතුරුවලට ප්‍රවේශය ලබාගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය)

23 වගන්තිය සංස්කරණය

(1) (අ) මේ පනතේ විධිවිධාන බලාත්මක කිරීමේ කාර්යය සඳහා, සෑම පොදු අධිකාරියක්‌ විසින්‌ ම, මේ පනත ක්‍රියාත්මක වීමෙන්‌ මාස තුනක්‌ ඇතුළත, එම පොදු අධිකාරියේ තොරතුරු නිලධරයන්‌ චශයෙන්‌ නිලධරයන්‌ එක්‌ අයෙකු හෝ ඊට චැඩි ගණනක්‌ සහ අභියාචනා විභාග කිරීම සඳහා නම්‌ කළ නිලධරයකු පත්‌ කරනු ලැබිය යුතු ය.

(ආ) (අ) ඡේදය යටතේ තොරතුරු නිලධරයකු පත්‌ කරනු ලබන තෙක්‌, පොදු අධිකාරියක ප්‍රධානියා හෝ ප්‍රධාන විධායක නිලධරයා, මේ පනතේ කාර්ය සඳහා එම පොදු අධිකාරියේ තොරතුරු නිලධරයා ලෙස සලකනු ලැබිය යුතු ය.

(2) සෑම තොරතුරු නිලධරයකු විසින්‌ ම, ඔහු හෝ ඇය තොරතුරු නිලධරයකු ලෙස පත්‌ කරනු ලැබ ඇත්තේ යම්‌ පොදු අධිකාරියක්‌ වෙනුවෙන්‌ ද, ඒ අධිකාරිය වෙත ඉදිරිපත්‌ කළ තොරතුරු සඳහා වන ඉල්ලීමක දී, ඒ තොරතුරු ලැබෙන්නට සැලැස්විය යුතු අතර, එවැනි ඉල්ලීමක්‌ සිදු කරන යම්‌ පුරවැසියකුට අවශ්‍ය සියලු සහාය ලබා දිය යුතු ය.

(3) තොරතුරු නිලධරයා විසින්‌, මෙම පනත යටතේ ඔහු හෝ ඇය වෙත පවරන ලද කාර්යය නිසි පරිදි ඉටු කිරීම සඳහා ඔහු හෝ ඇය විසින්‌ අවශ්‍ය යයි සලකනු ලැබිය හැකි වෙනත්‌ යම්‌ නිලධරයකුගේ සහාය ලබා ගත හැකි අතර, එසේ එවැනි නිලධරයකුගෙන්‌ සහාය ඉල්ලා සිටි චිට, එම සහාය ලබා දීම ඒ නිලධරයාගේ කාර්යය වන්නේ ය.

24 වගන්තිය සංස්කරණය

(1) මේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන යම්‌ පුරවැසියකු විසින්‌, ඉල්ලා සිටින තොරතුරු පිළිබඳ විස්තර නිශ්චිතව දක්වමින්‌ උචිත තොරතුරු නිලධරයාට ලිඛිතව ඉල්ලීමක්‌ කළ යුතු ය.

එසේ වුව ද, මේ උපවගන්තිය යටතේ ඉල්ලීමක්‌ කරනු ලබන යම්‌ පුරවැසියකුට යම්‌ හේතුවක්‌ මත එම ඉල්ලීම ලිඛිතව කිරීමට නොහැකි අවස්ථාවක, එම ඉල්ලීම වාචිකච කිරීමට එම පුරවැසියාට හිමිකමක්‌ ඇති අතර, ඉල්ලීම කරනු ලබන පුරවැසියා වෙනුවෙන්‌ එම ඉල්ලීම ලිඛිතව සටහන්‌ කර ගැනීම උචිත තොරතුරු නිලධරයාගේ කාර්යය වන්නේ ය.

(2) යම්‌ පුරවැසියකු විසින්‌ -

(අ) පොදු අධිකාරියක්‌ වෙත ඉල්ලීමක්‌ ඉදිරිපත්‌ කිරිමට අපේක්ෂා කරනු ලබන අවස්ථාවක දී; හෝ

(ආ) මේ පනතේ නියමයන්ට අනුකූල නොවන ආකාරයට යම්‌ පොදු අධිකාරියක්‌ වෙත ඉල්ලීමක්‌ ඉදිරිපත්‌ කර ඇති අවස්ථාවක දී,

තොරතුරු නිලධරයා විසින්‌ මේ පනතේ විධිවිධානවලට අනුකූලවන ආකාරයට එම ඉල්ලීම ඉදිරිපත්‌ කිරීම සඳහා ගාස්තු අයකිරීමකින්‌ තොරව එම පුරවැසියා වෙත සහාය ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගනු ලැබිය යුතු ය.

(3) ඉල්ලීමක්‌ ලැබීමේ දී, එම ඉල්ලීම ඉදිරිපත්‌ කළ පුරවැසියා වෙත තොරතුරු නිලධරයකු විසින්‌ වහාම එම ඉල්ලීම ලැබීම පිළිබඳ ලිඛිත දැනුම්දීමක්‌ යොමුකරනු ලැබිය යුතු ය.

(4) ඉල්ලීමක්‌ ඉදිරිපත්‌ කරනු ලබන යම්‌ පුරවැසියකු වෙත කඩිනම්‌ ප්‍රතිඋත්තරයක්‌ ලබා දීමට යම්‌ තොරතුරු නිලධරයකුට හැකිවේ නම්‌, සහ එම ප්‍රතිඋත්තරය මගින්‌ ඉල්ලීම ඉදිරිපත්‌ කරනු ලැබූ පුරවැසියා සැහීමට පත්වේ නම්‌, එම ඉල්ලීම හා ඒ සඳහා ලබා දුන්‌ ප්‍රතිඋත්තරය පිළිබඳ තොරතුරු නිලධරයා විසින්‌ වාර්තාවක්‌ සකස්‌ කර තබා ගත යුතු වේ.

(5) තොරතුරු සඳහා යම්‌ ඉල්ලීමක්‌ ඉදිරිපත්‌ කරනු ලබන පුරවැසියකු විසින්‌ :-

(අ) තොරතුරු හඳුනාගැනීම සඳහා තොරතුරු නිලධරයා වෙත හැකියාව ලැබෙන පරිදි, සාධාරණ ලෙස අවශ්‍ය විය හැකි, ඉල්ලා සිටිනු ලබන තොරතුරුවලට අදාළ විස්තර සපයනු ලැබිය යුතු ය;

(ආ) එම පුරවැසියා තොරතුරුවලට ප්‍රවේශ වීමට අපේක්ෂා කරනු ලබන ආකෘතියේ ස්වභාවය හා භාෂාව හඳුනා ගනු ලැබිය යුතු ය;

(ඇ) යම්‌ තැනැත්තකුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම හෝ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා තොරතුරු අවශ්‍ය බවට විශ්වාස කරනු ලබන අචස්ථාවක දී, එම විශ්වාස කිරීම පිළිබඳ පදනම ඇතුළුව ඒ සඳහා වූ ප්‍රකාශයක්‌ ඇතුළත්‌ කළ යුතු ය; සහ

(ඈ) ඔහු හෝ ඇය සම්බන්ධ කරගත හැකි අවශ්‍ය විස්තර හැර, තොරතුරු ඉල්ලා සිටීමට හේතු කිසිවක්‌ හෝ වෙනත්‌ පුද්ගලික චිස්තර ලබා දීම අවශ්‍ය නොවන්නේ ය.

(6) මේ වගන්තියේ කාර්ය සඳහා -

”ළිඛිතව" යන්නට විද්‍යුත්‌ මාර්ගයෙන්‌ කරනු ලබන ලිඛිතව වූ කරුණු ද ඇතුළත්‌ වේ; සහ

”උචිත තොරතුරු නිලධරයා” යන්නෙන්‌ තොරතුරු ඉල්ලා සිටින පොදු අධිකාරියට පත්‌ කරනු ලැබ සිටින තොරතුරු නිලධරයා අදහස්‌ වේ.

25 වගන්තිය සංස්කරණය

(1) තොරතුරු නිලධරයකු විසින්‌, හැකි ඉක්මණින්‌ සහ කෙසේ වුව ද 24 වන වගන්තිය යටතේ ඉල්ලීමක්‌ ලැබී වැඩ කරන දින දාහතරක්‌ ඇතුළත 14 (ඉ) වගන්තියේ නිශ්චිතව දක්වා ඇති ගාස්තු උපලේඛනය ප්‍රකාරව නිශ්චය කරනු ලබන ගාස්තුවක්‌ ගෙවීම මත ඉල්ලා සිටින ලද තොරතුරු සැපයීමට හෝ මේ පනතේ 5 වන වගන්තියේ දක්වා ඇති හේතුවලින්‌ යම්‌ එක්‌ හේතුවක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ මත එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හෝ තීරණය කළ යුතු අතර, එම තීරණය, ඉල්ලීම කළ පුරවැසියා හට වහාම සන්නිවේදනය කළ යුතු ය.

(2) ඉල්ලා සිටින ලද තොරතුරු සැපයීම සඳහා තීරණයක්‌ ගනු ලබන අවස්ථාවක, එම තොරතුරුවලට ප්‍රචේශ වීම, එම තීරණයට එළඹීමෙන්‌ ඳින දාහතරක්‌ ඇතුළත ප්‍රදානය කළ යුතු ය.

(3) තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම, යම්‌ පුරවැසියකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන්‌ වන අවස්ථාවක, එම ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම, ඉල්ලීම ලැබීමෙන්‌ පැය හතලිස්‌ අටක්‌ ඇතුළත කළ යුතු ය.

(4) (1) වන උපවගන්තිය යටතේ යම්‌ ගාස්තුවක්‌ ගෙවීමට ඇති අවශ්‍යතාවය නොතකා, ගාස්තුවක්‌ ගෙවීමෙන්‌ තොරච තොරතුරු නිලධරයකු චිසින්‌ තොරතුරු සපයනු ලැබිය හැකි අවස්ථාවන්‌ කොමිෂන්‌ සභාව විසින්‌ නිශ්චය කරනු ලැබිය හැකි ය.

(5) තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා ලබා ඳී ඇති (2) වන උපවගන්තියේ සඳහන්‌ දින දාහතරක කාලසීමාව :-

(අ) ඉල්ලීම කරනුයේ විශාල වාර්තා ප්‍රමාණයක්‌ සඳහා වේ නම්‌ සහ ඳින දාහතරක කාලසීමාවක්‌ ඇතුළත තොරතුරු සැපයීම අදාළ පොදු අධිකාරියේ කටයුතු සමග අසාධාරණ ලෙස මැදිහත්වීමක්‌ සිදුවේ නම්‌; හෝ

(ආ) ඉල්ලීම මගින්‌ ඉල්ලා ඇති තොරතුරු ලබාගත යුතු පොදු අධිකාරියේ කාර්යාලය එම තොරතුරු නිලධරයාගේ මහා නගරයේ, නගරයේ නොවන හෝ වෙනත්‌ ස්ථානයක පිහිටා ඇති විට, වාර්තා සොයා බැලීම හෝ එම කාර්යාලයෙන්‌ වාර්තා ලබා ගැනීම තොරතුරු නිලධරයාට සාධාරණව ඳින දාහතරක්‌ තුළ සම්පූර්ණ කළ නොහැකි අවස්ථාවක දී, දින විසි එකකට වැඩි නොවන තවදුරටත්‌ වූ කාලයක්‌ සඳහා දිර්ඝ කරනු ලැබිය හැකි ය.

(6) (5) වන උපවගන්තියේ සඳහන්‌ යම්‌ අවස්ථානුගත කරුණක්‌ හේතුවෙන්‌ තොරතුරු සැපයීමේ කාලසීමාව දීර්ඝ කිරීමට සිදුවන අවස්ථාවක ඳී, තොරතුරු නිලධරයා විසින්‌, හැකි සාධාරණ ඉක්මණින්‌ සහ එහෙත්‌ ඕනෑම අවස්ථාවක දී දින දාහතරක්‌ ඇතුළත, අදාළ පුරවැසියා වෙත පහත සඳහන්‌ කරුණු ඉදිරිපත්‌ කරමින්‌ එම කරුණ දැනුම්‌ දිය යුතු වේ :-

(අ) දීර්ඝ කිරීමේ කාලසීමාව; සහ

(ආ) දීර්ඝ කිරිමේ හේතු.

(7) (6) වන උපවගන්තිය යටතේ ලබා දී ඇති හේතුවලින්‌ අතෘප්තියට පත්වන යම්‌ පුරවැසියකු විසින්‌ නම්‌ කළ නිලධරයා වෙත අභියාචනයක්‌ ඉදිරිපත්‌ කරනු ලැබිය හැකි ය.

26 වගන්තිය සංස්කරණය

(1) සැම පොදු අධිකාරියක්‌ විසින්‌ ම පහත දැක්වෙන කරුණු නිශ්චිතව දක්වමින්‌ කාර්යාල පරිශ්‍රය තුළ ප්‍රකටව පෙනෙන ස්ථානයක සහ එම පොදු අධිකාරියේ වෙබ්‌ අඩවියක්‌ ඇත්නම්‌ එම වෙබ්‌ අඩවියේ නිවේදනයක්‌ ප්‍රදර්ශනය කරනු ලැබිය යුතු ය :-

(අ) කොමිෂන්‌ සභාව හා සම්බන්ධ වීමේ විස්තර සහ කොමිෂන්‌ සභාවේ සාමාජිකයන්‌ පිළිබඳව;

(ආ) තොරතුරු නිලධරයාගේ සම්බන්ධ වීමේ විස්තර;

(ඇ) නම්‌ කළ නිලධරයාගේ සම්බන්ධ වීමේ විස්තර; සහ

(ඈ) එම පොදු අධිකාරියෙන්‌ ඕනෑම තොරතුරක්‌ ලබා ගැනීම සඳහා අයකරනු ලබන ගාස්තු පිළිබඳව.

(2) (1) (ඈ) උපවගන්තියේ සඳහන්‌ ගාස්තුව 14 (ඉ) වගන්තිය යටතේ කොමිෂන්‌ සභාව විසින්‌ සකස්කර ඇති ගාස්තු උපලේඛනය ප්‍රකාරව නිශ්චය කරනු ලැබිය යුතු ය.

27 වගන්තිය සංස්කරණය

(1) තොරතුරු ලබා ගැනීම සඳහා වන ඉල්ලීමකට ඉඩ දීමට තීරණයක්‌ ගෙන ඇති අවස්ථාවක, එම තොරතුරු, ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙහි සැපයීම අදාළ ලේඛනයේ හෝ වාර්තාවේ සුරක්ෂිතභාවයට හෝ ආරක්ෂාවට අගතිදායක නොවන බව තොරතුරු නිලධරයාගේ මතය වන්නේ නම්‌ මිස, එම තොරතුරු ඉල්ලා සිටින ලද ආකෘතියෙහි සපයනු ලැබිය යුතු ය.

(2) ඉල්ලා සිටිනු ලබන ආකාරයට තොරතුරු සැපයීම සඳහා තොරතුරු නිලධරයකු අපොහොසත්‌ වන අවස්ථාවක දී, තොරතුරු වෙත ප්‍රචේශ වීමේ උචිත විකල්ප ක්‍රමයක්‌ තීරණය කිරීම සඳහා පුරවැසියාගෙන්‌ උපදෙස්‌ ලබා ගැනීම සහ හැකි සියලු සහාය එම පුරවැසියාට ලබාදීම මෙන්ම එම ඉල්ලීම ප්‍රකාරව ක්‍රියා කිරීම සඳහා පහසුකම්‌ සැලැස්වීම එකී නිලධරයාගේ කාර්යය වන්නේ ය.

(3) (1) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, තොරතුරු ලබා ගැනීම සඳහා වූ ඉල්ලීමකට ඉඩ ලබා දී ඇත්තා වූ යම්‌ පුරවැසියකු හට -

(අ) අදාළ වැඩ, ලේඛන, වාර්තා අධීක්ෂණය කිරීම සඳහා;

(ආ) අදාළ ලේඛනයෙන්‌ හෝ වාර්තාවලින්‌ සටහන්‌, උද්ධෘත හෝ සහතික පිටපත්‌ ලබා ගැනීම සඳහා;

(ඇ) අදාළ ද්‍රව්‍යන්ගේ සහතික කළ නිදර්ශන ලබා ගැනීම සඳහා;

(ඈ) එම තොරතුරු පරිගණකයක හෝ වෙනත්‌ යම්‌ උපාංගයක ගබඩා කර ඇති අවස්ථාවක දී, ඩිස්කට්‌, ප්ලොපි, පටි, දෘෂ්‍ය කැසට්පට හෝ වෙනත්‌ යම්‌ විද්‍යුත්‌ ක්‍රමයකින්‌ හෝ මුද්‍රිත පිටපත්‌ වශයෙන්‌ තොරතුරු ලබා ගැනීම සඳහා, හිමිකමක්‌ ඇත්තේ ය.

28 වගන්තිය සංස්කරණය

තොරතුරු නිලධරයකු විසින්‌, තොරතුරු ලබා ගැනීම සඳහා වන ඉල්ලීමක්‌ ප්‍රතික්ෂේප කළ අවස්ථාවක දී, එම නිලධරයා විසින්‌ එම ඉල්ලීම කළ පුරවැසියා වෙත 25 (1) වගන්තිය යටතේ යවනු ලැබීමට නියමිත සන්නිවේදනයේ පහත දැක්වෙන තොරතුරු නිශ්චිතව දන්වා යැවිය යුතු ය :-

(අ) එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු; සහ

(ආ) මෙම පනතේ 32 වන වගන්තිය යටතේ එම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනයක්‌ යොමු කළ හැක්කේ කවර කාලසීමාවක්‌ ඇතුළත ද යන්න සහ එම අභියාචනය යොමු කළ හැක්කේ කවර තැනැත්තකු වෙත ද යන්න.

29 වගන්තිය සංස්කරණය

(1) යම්‌ පුරවැසියකු විසින්‌ තොරතුරු නිලධරයකුගෙන්‌ ඉල්ලා ඇති තොරතුරු, තුන්වන පාර්ශවයකට අදාළ හෝ තුන්වන පාර්ශවයක්‌ විසින්‌ සපයන ලද අවස්ථාවක දී සහ එම තොරතුරු සපයනු ලබන අවස්ථාවේ දී එය රහසිගත තොරතුරක්‌ වශයෙන්‌ සලකනු ලැබූ අවස්ථාවක, තොරතුරු සැපයීමේ නිලධරයා විසින්‌ එම ඉල්ලීම ලැබීමෙන්‌ දින හතක්‌ ඇතුළත දී, එම තොරතුරු හෙළිදරව් කිරීමට පක්ෂව හෝ විරුද්ධව එකී තුන්වන පාර්ශවය විසින්‌ නිවේදන ලැබී දි්න හතක කාලයක්‌ ඇතුළත නියෝජන ඉදිරිපත්‌ කරන ලෙස ලිඛිත නිවේදනයක්‌ නිකුත්‌ කිරීම මගින්‌ එකී තුන්වන පාර්ශවය වෙත ආරාධනා කරනු ලැබිය යුතු ය.

(2) තොරතුරු නිලධරයකු විසින්‌, තුන්වන පාර්ශවයකට අදාළ හෝ තුන්වන පාර්ශවයක්‌ විසින්‌ සපයා ඇති තොරතුරක්‌ හෙළිදරව්‌ කිරීම සඳහා වන ඉල්ලීමක්‌ සම්බන්ධයෙන්‌ තීරණයක්‌ ගනු ලැබීමේ ඳී, (1) වන උපවගන්තිය යටතේ එම තුන්වන පාර්ශවය විසින්‌ කරන ලද නියෝජනය සැලකිල්ලට ගත යුතු අතර, තුන්වන පාර්ශවය විසින්‌ -

(අ) එම නිවේදනයට ප්‍රතිචාර දක්වනු නොලබන අවස්ථාවක ඳී, ඒ ඉල්ලා සිටිනු ලබන තොරතුරු හෙළිදරව්‌ කළ යුතු ය;

(ආ) එම නිවේදනයට ප්‍රතිචාර දක්වා ඒ ඉල්ලා ඇති තොරතුරු හෙළිදරව් කිරීමට එකඟ වී ඇති අවස්ථාවක දී, එම තොරතුරු හෙළිදරව් කළ යුතු ය;

(ඇ) එම නිවේදනයට ප්‍රතිචාර දක්වා, ඒ ඉල්ලා ඇති තොරතුරු හෙළිදරව්‌ කිරීම ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවක දී, ඉල්ලා සිටිනු ලබන තොරතුරු වෙත ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතු ය.

එසේ වුව ද, අදාළ තොරතුරු මුදා හැරීම, එම තොරතුරු හෙළිදරව්‌ නොකිරීමේ පුද්ගලික බැඳියාවට, වඩා වැදගත්කමින්‌ වැඩිවන අවස්ථාවක දී ඉල්ලීම කරනු ලබන පුරවැසියා විසින්‌ තත්කාර්ය සඳහා කරනු ලබන ඉල්ලීමක්‌ මත, කොමිෂන්‌ සභාව විසින්‌, තෙවන පාර්ශවයක්‌ විසින්‌ එම අනාවරණය කිරීමට එරෙහිව ඉදිරිපත්‌ කරනු ලබන යම්‌ විරෝධතා නොතකා ප්‍රශ්නගත තොරතුරු අනාවරණය කරන ලෙස විධාන කරනු ලැබිය හැකි ය.

30 වගන්තිය සංස්කරණය

මේ පනත යටතේ තොරතුරු නිලධරයකුට නියම කරනු ලැබූ හෝ පවරනු ලැබූ කර්තව්‍යක්‌ හෝ බලයක්‌ ඉටු කිරීමේ දී හෝ ක්‍රියාත්මක කිරීමේ දී, එම නිලධරයා සද්භාචයෙන්‌ කරන ලද කවර වූ ක්‍රියාවක්‌ හේතුකොටගෙන ඒ පොදු අධිකාරිය හෝ ඒ පොදු අධිකාරියේ තොරතුරු නිලධරයා හෝ වෙනත්‌ යම්‌ නිලධරයකු හෝ කිසිදු සිවිල් හෝ අපරාධ වගකීමකට යටත්‌ නොවිය යුතු ය.

VI වන කොටස සංස්කරණය

(ප්‍රතික්ෂේප කිරිම්වලට එරෙහි වූ අභියාචනා)

31 වගන්තිය සංස්කරණය

(1) (අ) තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම්‌ ඉල්ලීමක්‌ භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම;

(ආ) 5 වන වගන්තිය යටතේ ප්‍රදානය කිරීමෙන්‌ මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන්‌ යම්‌ තොරතුරක්‌ වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම;

(ඇ) මේ පනත මගින්‌ නිශ්චිතව දක්චා ඇති කාලසීමාවන්ට අනුකූල නොවීම;

(ඈ) සම්පූර්ණ නොවූ, නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරීම;

(ඉ) වැඩිපුර ගාස්තු අයකිරීම;

(ඊ) ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන්‌ තොරතුරු සැපයීමට තොරතුරු නිලධරයා විසින්‌ ප්‍රතික්ෂේප කිරිම;

(උ) එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘතිකර, විනාශකර හෝ අස්ථානගතකර ඇති බවට එම තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම,

මත අතෘප්තියට පත්වන යම්‌ පුරවැසියකු විසින්‌, අවස්ථානෝචිත පරිඳි එම ප්‍රතික්ෂේප කිරීම, ක්‍රියාව හෝ අභියාචනයක්‌ කිරීම සඳහා හේතු පවතින බව දැනගත්‌ ඳින සිට ඳින දාහතරක කාලයක්‌ ඇතුළත නම්‌ කළ නිලධරයා වෙත අභියාචනයක්‌ ඉදිරිපත්‌ කරනු ලැබිය හැකි ය.

එසේ වුව ද අභියාචකට පාලනය කළ නොහැකි හේතුවක්‌ නිසා අභියාචනය ගොනු කිරීමෙන්‌ අභියාචක වළක්වා ඇති බවට නම්‌ කළ නිලධරයා සැහීමට පත්‌ වේ නම්‌ පමණක්‌ ඳින දාහතරක කාලසීමාව අවසන්වීමෙන්‌ පසුව ඔහු හෝ ඇය විසින්‌ එම අභියාචනය පිළිගනු ලැබිය හැකි ය.

(2) නම්‌ කළ නිලධරයා විසින්‌, ඕනෑම අවස්ථාවක දී, එසේ වුවත්‌ වැඩකරන දින තුනක කාලයක්‌ ඇතුළත, අභියාචනය කරනු ලබන පුරවැසියා වෙත එම අභියාචනය භාර ගැනීමේ දී, කුවිතාන්සියක්‌ නිකුත්‌ කළ යුතු ය.

(3) නම්‌ කළ නිලධරයා විසින්‌ (1) වන උපවගන්තිය යටතේ සඳහන්‌ කර ඇති යම්‌ අභියාචනයක්‌ පිළිබඳ තීරණය, එම අභියාචනය ලැබී සති තුනක කාලයක්‌ ඇතුළත ලබාදිය යුතු අතර, ඒ සඳහා වූ නිශ්චිත පදනම ඇතුළුව එම තීරණය සඳහා වූ හේතු ද දැක්විය යුතු ය.

(4) (1) වන උපවගන්තිය යටතේ අභියාචනයක්‌ ඉදිරිපත්‌ කිරීම සඳහා වූ යම්‌ පුරවැසියකුගේ අයිතිවාසිකම, කොමිෂන් සභාව වෙත ඔහු හෝ ඇය විසින්‌ ඉල්ලීමක්‌ ඉදිරිපත්‌ කිරීමේ අයිතිවාසිකමට අගතිගාමී නොවිය යුතු ය.

(5) අභියාචනය ඉදිරිපත්‌ කරනු ලබන පුරවැසියා විසින්‌ (1) වන උපවගන්තියේ සඳහන්‌ කාලසීමාව ඇතුළත එම අභියාචනය ඉදිරිපත්‌ කිරීමට අපොහොසත්‌ වීම පිළිබඳ සාධාරණ හේතු ඉදිරිපත්‌ කර ඇති අවස්ථාවක දී, නම්‌ කළ නිලධරයා විසින්‌ ස්චකීය අභිමතය පරිදි එම ප්‍රමාදය නොසලකමින්‌ අභියාචනය චිභාග කරනු ලැබිය හැකි ය.

32 වගන්තිය සංස්කරණය

(1) (අ) 31(1) වගන්තිය යටතේ වන අභියාචනයක්‌ සම්බන්ධයෙන්‌ කරන ලද තීරණයෙන්‌ අගතියට පත්‌ යම්‌ තැනැත්තකු විසින්‌, එම තීරණය සන්නිවේදනය කිරීමෙන්‌ මාස දෙකක්‌ ඇතුළත දී, හෝ

(ආ) 31(3) වගන්තිය යටතේ නිශ්චිතව දක්වා ඇති කාලය ඇතුළත තීරණයක්‌ ලබා දිය යුතු යම්‌ අභියාචනයකට තීරණය ලබා ගැනීමට නොහැකි වීමෙන්‌ අගතියට පත්‌ යම්‌ තැනැත්තකු විසින්‌, එසේ නිශ්චිතව දක්ව ඇති කාලය ඉකුත්‌ වීමෙන්‌ මාස දෙකක්‌ ඇතුළත ඳී,

එම තීරණයට හෝ තීරණය ලබා ගැනීමට නොහැකි වීමට එරෙහිව කොමිෂන්‌ සභාවට අභියාචනා කළ හැකි අතර, කොමිෂන්‌ සභාව විසින්‌, එම අභියාචනය ලැබීමෙන්‌ දින තිහක්‌ ඇතුළත අභියාචනා කොට ඇත්තේ කවර තීන්දුවකට එරෙහිව ද එම තීරණය ස්ථිර කිරීම, වෙනස්‌ කිරීම, හෝ ප්‍රතිවර්තනය කිරීම කළ හැකි අතර, එම ඉල්ලීම අවශ්‍ය කටයුතු සඳහා අදාළ තොරතුරු නිලධරයාට නැවතත්‌ යැවිය හැකි ය.

(2) අභියාචකට පාලනය කළ නොහැකි හේතුවක්‌ නිසා නියමිත කාලයේ දී අභියාචන ගොනු කිරීමෙන්‌ අභියාචක වළක්වා ඇති බවට කොමිෂන්‌ සභාව සෑහීමට පත්වේ නම්‌, එම මාස දෙකක කාලය අවසන්‌ වීමෙන්‌ පසුව කොමිෂන්‌ සභාව විසින්‌ අභියාචනය භාරගනු ලැබිය හැකිය.

(3) කොමිෂන්‌ සභාව විසින්‌ අභියාචක වෙත, තොරතුරු නිලධරයා වෙත සහ අදාළ අධිකාරිය වෙත ස්වකීය තීරණ සඳහා වූ හේතු ලිඛිතච ඉදිරිපත්‌ කරනු ලැබිය යුතු ය.

(4) අභියාචනයක්‌ ඉදිරිපත්කර ඇති අවස්ථාවක දී, ඉල්ලීමක්‌ සකස්‌ කිරීමේ දී පනතට එකඟව ක්‍රියාකර ඇති බව පෙන්වාදීම සඳහා වූ ඔප්පු කිරිමේ භාරය පොදු අධිකාරිය වෙත පැවරී ඇත්තේ ය.

33 වගන්තිය සංස්කරණය

අතෘප්තියට පත්‌ පාර්ශවය විසින්‌ අවස්ථානෝචිත පරිඳි, 31 වන වගන්තිය හෝ 32 වන වගන්තිය යටතේ යම් හේතුවක්‌ මත අභියාචනයක්‌ ඉදිරිපත්‌ කිරීමට අපොහොසත්‌ වන අවස්ථාවක දී, අගතියට පත්‌ පාර්ශවය විසින්‌ ලිඛිතව නිසි පරිදි බලය පවරනු ලබන වෙනත්‌ යම්‌ තැනැත්තකු මාර්ගයෙන්‌ එම අභියාචනය යොමු කළ හැකි ය.

34 වගන්තිය සංස්කරණය

(1) 32 වන වගන්තිය යටතේ කොමිෂන්‌ සභාව විසින්‌ දෙන ලද තීරණයකින්‌ අතෘප්තියට පත්‌ යම්‌ පුරවැසියකු හෝ පොදු අධිකාරියක්‌ විසින්‌, ඒ තීරණයට එරෙහිව, එම තීරණය එකී පුරවැසියාට හෝ පොදු අධිකාරිය වෙත දැනුම්‌ දෙනු ලැබූ දිනයේ සිට මාසයක්‌ ඇතුළත අභියාචනාධිකරණය වෙත අභියාචනයක්‌ ඉදිරිපත්‌ කරනු ලැබිය හැකි ය.

(2) මේ වගන්තිය යටතේ යම්‌ අභියාචනයකට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 වන ව්‍යවස්ථාව යටතේ රීති සාදනු ලබන තෙක්‌, අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන මාර්ගයෙන්‌ ඉදිරිපත්‌ කරනු ලබන ඉල්ලීමකට අදාළව එම ව්‍යවස්ථාව යටතේ සාදනු ලබන රීති, මේ වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ කරන ලද සෑම අභියාචනයක්‌ සම්බන්ධයෙන්‌ ම අදාළ කර ගනු ලැබිය යුතු ය.

VII වන කොටස සංස්කරණය

(සාමාන්‍ය)

35 වගන්තිය සංස්කරණය

යම්‌ තැනැත්තකුට කවර හෝ ආකාරයකින්‌ බලපාන තීරණයක්‌ ලබා දෙන යම්‌ පොදු අධිකාරියක සෑම නිලධරයකුම, අදාළ තැනැත්තා විසින්‌ තත්කාර්ය සඳහා කරනු ලබන ඉල්ලීමක දී, එම තීරණයට එළඹීම සඳහා වූ හේතු එම තැනැත්තාට ලිඛිතව හෙළිදරව්‌ කළ යුතු ය.

36 වගන්තිය සංස්කරණය

මේ පනතේ කිසිවක්‌ මගින්‌, නීතියට එකඟව යථා පරිඳි ක්‍රියා කිරීමේ දී යම්‌ තොරතුරු දරන්නන්‌ විසින්‌ තොරතුරු ප්‍රසිද්ධ කිරීමෙන්‌ හෝ තොරතුරු වෙත ප්‍රවේශය ලබා දීමෙන්‌ හෝ යම්‌ තැනැත්තකු විසින්‌ තොරතුරු සෙවීමෙන්‌ සහ තොරතුරු ලබාගැනීමෙන්‌, වැළැක්වීමක්‌ හෝ අධෛර්යමත්‌ කිරීමක්‌ සිදුවන බව අදහස්‌ නොවිය යුතු ය.

37 වගන්තිය සංස්කරණය

(1) අවශ්‍ය යයි කොමිෂන් සභාච සලකන පරිදි නොයෙක්‌ විට, එහෙත්‌ එක්‌ ලිත්‌ වර්ෂයකට යටත්‌ පිරිසෙයින්‌ එක්‌ වාර්තාවක්‌ පිළියෙල වන සේ, කොමිෂන්‌ සභාව විසින්‌ එහි කටයුතු පිළිබඳ වාර්තා පිළියෙල කළ යුතු ය. එසේ පිළියෙල කරනු ලබන සෑම වාර්තාවක ම පිටපතක්‌ කොමිෂන්‌ සභාව විසින්‌ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පාර්ලිමේන්තුව වෙත ප්‍රේෂණය කළ යුතු අතර, එක්‌ එක්‌ වාර්තාවේ පිටපතක්‌ ජනාධිපතිවරයාට ද යැවිය යුතු ය.

(2) (1) වන උපවගන්තිය යටතේ සකස්‌ කරන ලද වාර්තාවේ පිටපතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කිරීමෙන්‌ සති දෙකක්‌ ඇතුළත දී, කොමිෂන්‌ සභා කාර්යාලයේ දී මහජන පරීක්ෂාව සඳහා තැබීමට සැලැස්චිය යුතු අතර, හැකි සෑම අවස්ථාවක දී ම එහි පිටපතක්‌ කොමිෂන්‌ සභාවේ වෙබ්‌ අඩවියෙන්‌ ලබා ගැනීමට සැලැස්විය යුතු ය.

38 වගන්තිය සංස්කරණය

(1) (අ) යම්‌ තොරතුරු නිලධරයකු විසින්‌ සිතාමතාම -

i) යම්‌ පුරවැසියකුගේ තොරතුරු ලබා ගැනීම සඳහා වූ ඉල්ලීමක්‌ ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවක දී;

ii) ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ හේතු දැන්වීමකින්‌ තොරව තොරතුරු සඳහා වූ ඉල්ලීමක්‌ ප්‍රතික්ෂේප කරන අවස්ථාවක දී;

iii) 14 (ඉ) වගන්තියේ ගාස්තු උපලේඛනය උල්ලංඝනය කරමින්‌ ඉහළ ගාස්තු නිර්දිෂ්ඨ කරනු ලබන අවස්ථාවක දී;

iv) මෙම පනතේ විධිවිනවලට අනුකූලව ඉල්ලීමක්‌ සම්බන්ධයෙන්‌ කටයුතු කිරීමට අපොහොසත්‌ වන අවස්ථාවක දී; හෝ

(ආ) යම්‌ නම්‌ කළ නිලධරයකු විසින්‌ සිතාමතාම -

i) මේ පනතේ 5 වන වගන්තියේ සඳහන්‌ හේතුවක්‌ මත හැර, වෙනත්‌ යම්‌ හේතුවක්‌ නිසා 31 වන වගන්තිය යටතේ ඉදිරිපත්‌ කරන ලද යම්‌ අභියාචනයක්‌ ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවක දී; හෝ

ii) 31 (3) වගන්තිය යටතේ නිශ්චිතව දක්චා ඇති කාලසීමාව ඇතුළත, සිදුකරන ලද අභියාචනයක්‌ පිළිබඳ තීරණයක්‌ ලබා දීමට කිසිදු සාධාරණ හේතුවක්‌ නොමැතිව පැහැර හැරීම සිදුකරනු ලබන අවස්ථාවක දී,

කොමිෂන්‌ සභාව විසින්‌ එම කරුණ පිළිබඳව නිසි විනය බලධරයාගේ දැන ගැනීම සඳහා ඉදිරිපත්‌ කළ යුතු ය.

(2) අදාළ විනය බලධරයා විසින්‌ එම අධිකාරිය වෙත යොමු කරන ලද යම්‌ කරුණක්‌ සම්බන්ධයෙන්‌ ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව මාසයක කාලයක්‌ ඇතුළත කොමිෂන්‌ සභාව වෙත දැනුම් දිය යුතු ය.

39 වගන්තිය සංස්කරණය

(1) (අ) තොරතුරු සැපයීම සිතාමතා අවහිර කරනු ලබන හෝ චේතනාන්චිතච වැරදි සහගත, අසම්පූර්ණ හෝ නිවැරදි නොවන තොරතුරු සපයනු ලබන;

(ආ) එම පොදු අධිකාරියේ ඔහු හෝ ඇයගේ සේවා නියුක්තිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන්‌ ලබා ගත්‌ දැනුම හෝ තමා වෙත ප්‍රවේශයක් ඇති, තොරතුරු චේතනාන්විතව් විනාශ කරනු ලබන, අවලංගු කරනු ලබන, වෙනස්‌ කරනු ලබන හෝ පූර්ණ හෝ අර්ධ වශයෙන්‌ චසන්‌ කරනු ලබන; හෝ

(ඇ) කොමිෂන්‌ සභාව විසින්‌ ඉල්ලා සිටීමේ දී කොමිෂන්‌ සභාව ඉදිරියේ පෙනී සිටීම පැහැර හරිනු ලබන හෝ ප්‍රතික්ෂේප කරනු ලබන;

(ඈ) කොමිෂන්‌ සභාව ඉදිරියේ පෙනී සිට කොමිෂන්‌ සභාව විසින්‌ කරනු ලබන පරීක්ෂණ පැහැර හරිනු ලබන හෝ ප්‍රතික්ෂේප කරනු ලබන හෝ ඔහුගේ භුක්තියේ හෝ බලය යටතේ පවතින යම්‌ තොරතුරු ඉදිරිපත්‌ කිරීම පැහැර හරිනු ලබන හෝ ප්‍රතික්ෂේප කරනු ලබන හෝ දිවුරුම්‌ දීම හෝ ප්‍රතිඥා දීම යටතේ චේතනාන්විතව සාවද්‍ය තොරතුරු සපයනු ලබන;

(ඉ) කොමිෂන්‌ සභාවේ තීරණයකට අනුකූලවීම පැහැර හරින හෝ ප්‍රතික්ෂේප කරන;

(ඊ) මේ පනත මගින්‌ කොමිෂන්‌ සභාව වෙත පැවරි ඇති හෝ එම කොමිෂන්‌ සභාවේ යම්‌ නිලධරයකු හෝ සේවානියුක්තිකයකු වෙත පැවරි ඇති බලතල ක්‍රියාත්මක කිරිමේ දී, කොමිෂන්‌ සභාව හෝ එහි යම්‌ නිලධරයකු හෝ සේවානියුක්තිකයකු චළක්වන හෝ අවහිර කරනු ලබන;

(උ) මෙම පනතේ 12 (7) වගන්තියේ විධිවිධාන උල්ලංඝනය වන ආකාරයට යම්‌ තොරතුරක්‌ හෙළිකරනු ලබන;

සෑම තැනැත්තකු ම මේ පනත යටතේ වරදක්‌ සිදු කරන අතර, මහේස්ත්‍රාත්වරයකු විසින්‌ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින්‌ පසු වරදකරු කිරීමේ දී රුපියල්‌ පනස්දහසක්‌ නොඉක්මවන දඬ මුදලකට හෝ අවුරුදු දෙකක කාලයක්‌ නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකටම එම තැනැත්තා යටත්‌ විය යුතු ය.

(2) 23 (3) වගන්තිය යටතේ තොරතුරු නිලධරයකු විසින්‌ සහාය ඉල්ලා සිටියේ යම්‌ නිලධරයකුගෙන්‌ ද ඒ නිලධරයා විසින්‌ සාධාරණ හේතුවක්‌ නොමැතිව ඒ සහාය ලබා දීම පැහැර හරින විට, ඒ නිලධරයා මේ පනත යටතේ වරදක්‌ සිදු කරනු ලබන අතර මහේස්ත්‍රාත්වරයා විසින්‌ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින්‌ පසුව වරදකරු කරනු ලැබීමේ දී රුපියල්‌ දසදහසක්‌ නොඉක්මවන දඩයකට යටත්‌ විය යුතු ය.

(3) මේ වගන්තියේ (1) වන හෝ (2) වන උපවගන්තිවල සඳහන්‌ කරන ලද යම්‌ වරදක්‌ සිදු කිරීම්‌ වෙනුවෙන්‌ පනවන ලද දඩය, මේ පනත යටතේ පනවන ලද කාර්යයක්‌ කරගෙන යාම පැහැර හැරීම වෙනුවෙන්, විනය ක්‍රියා මාර්ගයක්‌ ගැනීමට බලය පවරා ඇති අදාළ අධිකාරිය විසින්‌ ඒ නිලධරයාට එරෙහිව ගනු ලැබිය හැකි යම්‌ විනය ක්‍රියා මාර්ගයකට හානියක්‌ නොවන අමතර දඩයක්‌ විය යුතු ය.

(4) මෙම පනත යටතේ අපරාධ නඩු පැවරිමක් කොමිෂන්‌ සභාව විසින්‌ ආරම්භ කළ යුතු ය.

40 වගන්තිය සංස්කරණය

යම්‌ පොදු අධිකාරියක කිසිදු නිලධරයකු හෝ සේවා නියුක්තිකයකු වීම හේතුවෙන්‌, යම්‌ නීතිමය හෝ වෙනත්‌ බැඳීමකට යටත්‌ වන යම්‌ තැනැත්තකු, එම නීතිමය හෝ බැඳීම කුමක්‌ වුවත් මේ පනත යටතේ නිදහස්‌ කිරිමට හෝ හෙළිදරව්‌ කිරීමට අවසර දෙනු ලබන යම්‌ තොරතුරු, නිදහස්‌ කිරීම හෝ හෙළිදරව්‌ කිරීම සම්බන්ධයෙන්‌ විනයානුකූල හෝ අන්‍යාකාර වූ යම්‌ දඬුවමකට යටත්‌ නොවිය යුතු ය.

41 වගන්තිය සංස්කරණය

(1) අමාත්‍යවරයා විසින්‌ කොමිෂන්‌ සභාව විමසා මේ පනත යටතේ නියම කිරීම අවශ්‍ය වන සියලු කාරණා සම්බන්ධයෙන්‌ හෝ මේ පනතේ මූලධර්ම සහ විධිවිධාන බලාත්මක කිරිම සඳහා නියෝග සෑඳීමට අවශ්‍ය විය හැකි සියලු කාරණා සම්බන්ධයෙන්‌ නියෝග සාදනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තිය යටතේ සාදනු ලබන සෑම නියෝගයක්‌ ම ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර, ඒ නියෝග එසේ පළ කරනු ලබන දිනයෙහි හෝ ඒ නියෝගයෙහි නිශ්චිතව සඳහන්‌ කරනු ලැබිය හැකි වෙනත්‌ යම්‌ පසු දිනයක දී හෝ ක්‍රියාත්මක විය යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ සාදන ලද සැම නියෝගයක්‌ ම, එය ගැසට්‌ පත්‍රයේ පළ කළ පසු නොපමාව අනුමතය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කළ යුතු අතර, එසේ අනුමත කරනු නොලබන යම්‌ නියෝගයක්‌ ඒ යටතේ කලින්‌ කරන ලද කිසිවකට අගතියක්‌ නොමැතිව එම අනනුමතයේ දින සිට පරිච්ඡින්න කළ සේ සලකනු ලැබිය යුතු ය.

(4) යම්‌ නියෝගයක එසේ පරිච්ඡින්න කරන ලදැයි සලකනු ලබන දිනය ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබිය යුතු ය.

42 වගන්තිය සංස්කරණය

(1) කොමිෂන්‌ සභාව විසින්‌ පහත සඳහන්‌ කාරණා සම්බන්ධයෙන්‌ රිති සාදනු ලැබිය හැකි ය :-

(අ) කොමිෂන්‌ සභාව වෙත අභියාචනයක්‌ ඉදිරිපත්‌ කළ යුතු ආකෘතිය සහ ආකාරය;

(ආ) පරීක්ෂණයක්‌ පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය;

(ඇ) තොරතුරු සැපයීම සම්බන්ධයෙන්‌ වූ ගාස්තු උපලේඛනය;

(ඇ) 10 වන වගන්තිය යටතේ සකස්‌ කළ යුතු වාර්තාවල ආකෘතිය.

(2) මේ වගන්තිය යටතේ සාදන ලද කිසිදු රිතියක්‌ අමාත්‍යවරයා විසින්‌ අනුමත කර, ඒ අනුමතය පිළිබඳ නිවේදනය ගැසට්‌ පත්‍රයේ පළකරනු ලබන තෙක්‌ බලාත්මක නොවිය යුතු ය.

43 වගන්තිය සංස්කරණය

මේ පනතේ පද සම්බන්ධයෙන්‌ අන්‍යාර්ථයක්‌ අවශ්‍ය වුවහොත්‌ මිස-

”පුරවැසියා” යන්නට, යම්‌ ව්‍යවස්ථාපිත වූ හෝ ව්‍යවස්ථාපිත නොවූ මණ්ඩලයක සාමාජිකයන්ගෙන්‌ හතරෙන්‌ තුනකට නොඅඩු සංඛ්‍යාවක් පුරවැසියන්‌ වන්නේ නම්‌, එවැනි මණ්ඩලයක්‌ ඇතුළත්‌ වේ;

”නම්‌ කළ නිලධරයා" යන්නෙන්‌, මෙම පනතේ 23 වන වගන්තිය යටතේ පත්‌ කරනු ලැබ ඇති අභියාචන විභාග කිරීමේ නිලධරයකු අදහස්‌ වේ;

”උසස්‌ අධ්‍යාපන ආයතනය" යන්නෙන්‌, 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත මගින්‌ පිහිටුවන ලද හෝ පිහිටුවන ලදැයි සලකන හෝ ඇති කරන ලද හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්‌ සභාව විසින්‌ පිළිගනු ලැබූ හෝ වෙනත්‌ යම්‌ පනතක විධිවිධාන යටතේ පිහිටුවන ලද විශ්වවිද්‍යාලයක්‌, මණ්ඩපයක්‌ හෝ විශ්වවිද්‍යාලයීය විද්‍යායතනයක්‌ අදහස්‌ වේ;

”තොරතුරු” යන්නට, පහත සඳහන්‌ ඒවායේ භෞතික ස්වරූපය හෝ ස්වභාවය නොසලකා, සටහන්‌, ලේඛන, සංදේශ, විද්‍යුත්‌ තැපැල්‌, මත, උපදේශ, මාධ්‍ය නිවේදන, චක්‍රලේඛ, නියම, ලොග්‌ පොත්‌, ගිවිසුම්‌, වාර්තා, ප්‍රවෘත්ති පත්‍ර, සාම්පල්‌, ආදර්ශක, හුවමාරු වන ලිපි, සංදේශ, නීති කෙටුම්පත්‌, පොත්‌, පිඹුරු, සිතියම්‌, චිත්‍ර, රූපසටහන්‌, රූපමය හෝ ප්‍රස්තාරමය වැඩ හෝ ඡායාරූප, සේයාපට, ක්ෂුද්‍ර සේයාපට, ශබ්ද පටිගත කිරීම්‌, වීඩියෝ පට, යන්ත්‍ර මගින්‌ කියවිය හැකි වාර්තා, පරිගණක වාර්තා සහ වෙනත්‌ ලේඛනගත ද්‍රව්‍ය, ඇතුළු යම්‌ ආකාරයකින්‌ ලේඛනගත කරන ද්‍රව්‍ය සහ ඒවායේ යම්‌ පිටපත්‌ ඇතුළත්‌ වේ;

”තොරතුරු නිලධරයා” යන්නෙන්‌, මේ පනතේ 23 වන වගන්තිය යටතේ පත්‌ කරනු ලබන තොරතුරු සපයන නිලධරයකු අදහස්‌ වේ;

”පළාත්‌ පාලන ආයතනය" යන්නෙන්‌, මහා නගර සභාවක්‌, නගර සභාවක්‌ හෝ ප්‍රාදේශීය සභාවක්‌ අදහස්‌ වන අතර, එවැනි යම්‌ සභාවක්‌ මගින්‌ ක්‍රියාත්මක කරනු ලබන, කරනු ලබන සහ ඉටු කරනු ලබන බලතල, කාර්ය සහ කර්තව්‍යවලට අනුරුපි හෝ සමාන බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම, කිරීම සහ ඉටු කිරීම සඳහා යම්‌ නීතියක්‌ යටතේ ඇති කරනු ලබන හෝ පිහිටුවනු ලබන යම්‌ අධිකාරියක්‌ ද අදහස්‌ වේ;

"රාජ්‍ය නොවන සංවිධාන" යන්නෙන්‌, ස්වේච්ඡා පදනම මත පුද්ගල කණ්ඩායමක්‌ විසින්‌ ඇතිකරන ලද, රජයෙන්‌ හෝ ජාත්‍යන්තර සංවිධානවලින්‌ සෘජුව හෝ වක්‍රව අරමුදල්‌ ලැබෙන, රාජ්‍ය නොවන ආකාරයේ සංවිධාන අදහස්‌ වේ;

"පොදු අධිකාරිය" යන්නෙන්‌ -

(අ) ආණ්ඩුවේ අමාත්‍යාංශයක්‌;

(ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ (ඉ) ඡේදය යටතේ නිශ්චිතව දක්වා ඇති ප්‍රමාණයට හැර 2007 අංක 7 දරන සමාගම්‌ පනත හැර යම්‌ ලිඛිත නීතියක්‌, හෝ පළාත්‌ සභාවක ප්‍රඥප්තියක්‌ මගින්‌ හෝ යටතේ පිහිටුවන ලද යම්‌ මණ්ඩලයක්‌ හෝ කාර්යාලයක්‌;

(ඇ) ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක්‌;

(ඈ) රාජ්‍ය සංස්ථාවක්‌;

(ඉ) සිය කොටස්වලින්‌ සියයට විසිපහක්‌ හෝ ඉන්‌ චැඩි ප්‍රමාණයක්‌ හෝ අන්‍යාකාරයකින්‌ පාලන අයිතියක්‌ ඇති රජය හෝ රාජ්‍ය සංස්ථාවක්‌ හෝ රජය සහ රාජ්‍ය සංස්ථාවක්‌ එකතුව දරනු ලබන 2007 අංක 7 දරන සමාගම්‌ පනත යටතේ සංස්ථාගත කරන ලද සමාගමක්‌;

(ඊ) පළාත්‌ පාලන ආයතනයක්‌;

(උ) ආණ්ඩුව හෝ එහි නියෝජ්‍යායතනයක හෝ පළාත්‌ පාලන ආයතනයක කොන්ත්‍රාත්තුවක්‌, හවුල්‌ ව්‍යාපාරයක්‌, ගිවිසුමක්‌ හෝ බලපත්‍රයක්‌ යටතේ ව්‍යවස්ථාපිත හෝ පොදු කර්තව්‍යක්‌ ඉටුකරන එහෙත්‌ ඒ ව්‍යවස්ථාපිත හෝ පොදු කර්තව්‍යයන්ගෙන්‌ හෝ පොදු සේවාවන්ගෙන්‌ ආවරණය වූ ක්‍රියාකාරකම්‌ ප්‍රමාණයකට පමණක්‌ සීමා වූ පෞද්ගලික හිමිකාරීත්වයක් හෝ සංවිධානයක්‌;

(ඌ) පළාත්‌ සභාවක්‌ විසින්‌ පිහිටුවන ලද හෝ ඇති කරන ලද යම්‌ දෙපාර්තමේන්තුවක්‌ හෝ වෙනත්‌ අධිකාරියක්‌ හෝ ආයතනයක්‌;

(එ) මහජනතාව වෙත සේවයක්‌ ලබාදෙනු ලබන සහ ඉල්ලා සිටින ලද තොරතුරු මහජනතාව වෙත ලබාදෙනු ලබන සේවයට අදාළ වනතාක්‌ දුරට ආණ්ඩුව හෝ යම්‌ දෙපාර්තමේන්තුවක්‌ හෝ පළාත්‌ සභාවක්‌ මගින්‌ පිහිටුවන ලද හෝ ඇතිකරන ලද වෙනත්‌ අධිකාරියක්‌ හෝ විදේශීය ආණ්ඩුවක්‌ හෝ ජාත්‍යන්තර සංවිධානයක්‌ මගින්‌ සැලකිය යුතු ප්‍රමාණයේ අරමුදල්‌ සපයනු ලබන රාජ්‍ය නොවන සංවිධාන;

(ඒ) යම්‌ ලිඛිත නීතියක්‌ යටතේ පිහිටුවනු ලබන, හඳුනාගනු ලබන හෝ බලපත්‍රයක්‌ ලබා දෙනු ලබන හෝ රජය මගින්‌ හෝ රාජ්‍ය සංස්ථාවක්‌ මගින්‌ හෝ පළාත්‌ සභා ප්‍රඥප්තියක්‌ යටතේ පිහිටුවනු ලබන හා ඇති කරනු ලබන යම්‌ ව්‍යවස්ථාපිත මණ්ඩලයක්‌ මගින්‌ පූර්ණ වශයෙන්‌ හෝ අර්ධ වශයෙන්‌ මුල්‍යාධාර සපයන පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය ආයතන ඇතුළු උසස්‌ අධ්‍යාපන ආයතන;

(ඔ) යම්‌ ලිඛිත නීතියක්‌ යටතේ පිහිටුවනු ලබන, පිළිගනු ලබන හෝ බලපත්‍රයක්‌ ලබා දෙනු ලබන හෝ රජය මගින්‌ හෝ රාජ්‍ය සංස්ථාවක්‌ මගින්‌ හෝ පළාත්‌ සභා ප්‍රඥප්තියක්‌ යටතේ පිහිටුවනු ලබන හා ඇති කරනු ලබන යම්‌ ව්‍යවස්ථාපිත මණ්ඩලයක්‌ මගින්‌ පූර්ණ වශයෙන්‌ හෝ අර්ධ වශයෙන්‌ මුල්‍යාධාර සපයන වෘත්තීය හෝ කාර්මික අධ්‍යාපනය ලබා දෙන ආයතන ඇතුළු පුද්ගලික අධ්‍යාපන ආයතන;

(ඕ) යුක්තිය පසිඳලීම සඳහා ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකරණ හා ආයතන,

අදහස්‌ වේ.

44 වගන්තිය සංස්කරණය

මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර, යම්‌ අනුනුකූලතාවයක්‌ ඇතිවුවහොත්‌, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

උපලේඛනය සංස්කරණය

(කොමිෂන්‌ සභාවේ සාමාජිකයන්ට අදාළ වන විධිවිධාන)

(1) කොමිෂන්‌ සභාවේ සාමාජිකයකු -

(අ) ජනාධිපතිවරයා අමතා යවනු ලබන ලිපියකින්‌ ඔහුගේ හෝ ඇයගේ ධුරයෙන්‌ කලින්‌ ඉල්ලා අස්වූ අවස්ථාවක දී;

(ආ) ජනාධිපතිවරයා විසින්‌ ධුරයෙන්‌ ඉවත්‌ කරන අවස්ථාවක දී;

(ඇ) අධිකරණය විසින්‌ වරදකරුවකු කරනු ලැබී ඇති අවස්ථාවක ඳී;

(ඈ) කොමිෂන්‌ සභාවෙන්‌ කලින්‌ නිවාඩු ලබා ගැනීමකින්‌ තොරව කොමිෂන්‌ යභාවේ අනුක්‍රමික රැස්වීම් තුනකට ඔහු හෝ ඇය නොපැමිණ සිටීමෙන්‌ ධුරය හැරගියා සේ සලකන අවස්ථාවක දී; හෝ

(ඉ) ධුරය දරන කාල සීමාව තුළදී ඔහුගේ ධුරයේ කාර්යට පරිබාහිරව යම්‌ රැකියාවක නිරත වන අවස්ථාවක දී, ඔහුගේ සාමාජිකත්වය අවසන්‌ විය යුතු ය.

(2) කොමිෂන්‌ සභාවේ සාමාජිකයකු -

(අ) යම්‌ කායික දුබලතාවයක්‌ හෝ සිහිවිකලභාවයක්‌ හේතුවෙන්‌ ඔහුගේ හෝ ඇයගේ කාර්යයන්‌ ඉටු කිරීමට ස්ථීර වශයෙන්‌ නොහැකි අවස්ථාවක දී;

(ආ) චරිත දූෂණය මත ඔහු හෝ ඇයගේ රාජකාරි ඉටුකිරීමට සුදුසු තත්වයක නොමැති අවස්ථාවක දී; හෝ

(ඇ) නිසි බලය ඇති අධිකරණයක්‌ විසින්‌ යම්‌ වරදකට වරදකරු කර ඇති අවස්ථාවක දී,

ඒ සාමාජිකයා ජනාධිපතිවරයා විසින්‌ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විමසා ධුරයෙන්‌ ඉවත්‌ කරනු ලැබිය හැකි ය.

(3) කොමිෂන්‌ සභාවේ සභාපතිවරයා හෝ වෙනත්‌ යම්‌ සාමාජිකයකු විසින්‌ ජනාධිපතිවරයා අමතා තත්කාර්ය සඳහා යවනු ලබන ලිපියක්‌ මගින්‌ ඒ ධුරයෙන්‌ ඉල්ලා අස්විය හැකි අතර, ඒ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින්‌ ලිඛිතව පිළිගන්නා දිනයේ සිට බලාත්මක විය යුතු ය.

(4) කොමිෂන්‌ සභාවේ යම්‌ සාමාජිකයකුගේ ධුරය හිස්වන අවස්ථාවක දී, ජනාධිපතිවරයා විසින්‌ 12 (1) වගන්තියේ සඳහන්‌ කාර්ය පටිපාටිය අනුගමනය කළ යුතු අතර, වෙනත්‌ තැනැත්තකු ඔහු අනුප්‍රාප්ත වන සාමාජිකයාගේ ධුර කාලයෙන්‌ ඉකුත්‌ නොවී ඇති කාලය සදහා ධුරය දැරීමට පත්කරනු ලැබිය යුතු ය.

(5) (අ) කොමිෂන්‌ සභාවේ යාමාජිකයකු අසනීපයක්‌, ශ්‍රී ලංකාවෙන්‌ බැහැරව සිටීම හෝ වෙනත්‌ යම්‌ හේතුවක්‌ නිසා ඔහුගේ හෝ ඇයගේ කාර්යයන්‌ ඉටු කිරීමට තාවකාලිකව නොහැකිවන අවස්ථාවක දී, ජනාධිපතිවරයා විසින්‌ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ඒ සාමාජිකයා වෙනුවට ක්‍රියාකිරීමට ඔහු හෝ ඇය නොපැමිණි කාලය සඳහා වෙනත්‌ තැනැත්තකු පත්කරනු ලැබිය හැකි ය.

(ආ) කොමිෂන්‌ සභාවේ සභාපතිවරයා අසනීපයක්‌, ශ්‍රී ලංකාවෙන්‌ බැහැරව සිටීම හෝ වෙනත්‌ යම්‌ හේතුවක්‌ නියා ඔහුගේ හෝ ඇයගේ කාර්යයන්‌ ඉටු කිරීමට තාවකාලිකව නොහැකිවන අවස්ථාවක දී, ජනාධිපතිවරයා විසින්‌ ඒ සභාපතිවරයා නැති විට, සභාපතිවරයා වෙනුවෙන්‌ ක්‍රියාකිරීමට කොමිෂන්‌ සභාවේ වෙනත්‌ යම්‌ සාමාජිකයකු පත්කරනු ලැබිය යුතු ය.

(6) කොමිෂන්‌ සභාවේ සාමාජිකයන්ට මුදල්‌ විෂයයභාර අමාත්‍යවරයා විසින්‌ තීරණය කරනු ලැබිය යුතු පරිදි යම්‌ පාරිශ්‍රමිකයක්‌ ගෙවනු ලැබිය යුතු ය.

(7) (අ) කොමිෂන්‌ සභාව සෑම මසක දී ම යටත්‌ පිරිසෙයින්‌ එක්‌ වරක්‌ හෝ අවශ්‍ය පරිදි වාර ගණනක්‌ රැස්විය යුතු ය.

(ආ) මණ්ඩලයේ යම්‌ රැස්වීමක ගණපූරණය සාමාජිකයන්‌ තුන්‌ දෙනෙකු විය යුතු ය.

(ඇ) කොමිෂන්‌ සභාවේ සියලු රැස්වීම්වල මුලසුන කොමිෂන්‌ යභාවේ සභාපතිවරයා දැරිය යුතු අතර, එවැනි යම්‌ රැස්වීමකට සභාපතිවරයා පැමිණ නොමැති අවස්ථාවක දී, පැමිණ සිටින සාමාජිකයන්‌ විසින්‌ ඔවුන්‌ අතරින්‌ යම්‌ සාමාජිකයකු ඒ රැස්වීමේ මුලසුන දැරීම සඳහා තෝරා ගත යුතු ය.

(ඈ) කොමිෂන්‌ සභාවේ යම්‌ රැස්වීමක දී සභාපතිවරයාට හෝ මුලසුන දරන යම්‌ තැනැත්තකුට තමාගේ ඡන්දයට අමතරව තීරක ඡන්දයක්‌ හිමි විය යුතු ය.

(ඉ) කොමිෂන්‌ සභාව විසින්‌ එහි රැස්වීම්‌ පැවැත්වීම සහ රැස්වීමේ කටයුතු සම්බන්ධයෙන්‌ වූ කාර්ය පටිපාටිය විධිමත් කරනු ලැබිය යුතු ය.

(8) කොමිෂන්‌ යභාවේ මුද්‍රාව -

(අ) කොමිෂන්‌ සභාව විසින්‌ කලින්‌ කලට නිශ්චය කරනු ලබන ආකාරයට විය යුතු ය;

(ආ) කොමිෂන්‌ සභාව විසින්‌ නිශ්චය කරනු ලබන යම්‌ තැනැත්තකු භාරයේ තිබිය යුතු ය;

(ඇ) කොමිෂන්‌ සභාව චිසින්‌ නිශ්චය කරනු ලැබිය හැකි යම්‌ ආකාරයකින්‌ වෙනස් කරනු ලැබිය හැකි ය; සහ

(ඈ) කොමිෂන්‌ සභාවේ සභාපනිවරයා සහ වෙනත්‌ එක්‌ සාමාජිකයකු ඉදිරිපිට ඳී මිස කිසිදු සාධන පත්‍රයකට නොතැබිය යුතු අතර ඒ දෙදෙනා විසින්‌ තමන්‌ පැමිණ සිටි බවට සාක්ෂි වශයෙන්‌ එකී සාධන පත්‍රයෙහි අත්සන්‌ කළ යුතු ය.