• තුන්වැනි ඊළාම් යුද්ධය-(1995 අපේ‍්‍රල් 19-2001 දෙසැම්බර්).(Y.W.B).
=======================================
සංස්කරණය
  • චන්ද්‍රිකා කුමාරතුංග ගේ-“සාමය සදහා යුද්ධය”.
=========================
සංස්කරණය
  • 1995 අපේ‍්‍රල් 19 වන දින ත‍්‍රස්තවාදීන් ති‍්‍රකුණාමලයේ ඇතුල් වරායේ නැංගුරම් ලා තිබුණු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් විනාශ කළහ.මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් යොදවා මෙය සැළසුම් සහගතව කර තිබුණි.
  • ඉන්පසු තුන්වන ඊළාම් යුද්ධය ආරම්භ විය.
  • නව රජය “සාමය සදහා යුද්ධය” නම් ප්‍රතිපත්තිය අනුගමනය කලේය.
  • ඒ මගින් කැරලිකරුවන් 2000ක් විසින් අත්පත් කරගෙන සිටි යාපනයේ ප්‍රධාන බලකොටු ආපසු ලබාගැනීමේ පරමාර්ථයෙන් විශාල හමුදාවක් යාපනයට යවන ලදී.
  • රජයේ හමුදාවල පළමු කාර්යය වුයේ යාපනය අර්ධවීපය දිවයිනේ සෙසු ප්‍රදේශවලින් වෙන් කිරීමයි.
  • 1995 අපේ‍්‍රල් 28 වන දින පළමුවන ඇව්රෝ ගුවන් යානය ත‍්‍රස්තවාදීන් වෙඩි තබා බිම හෙළන ලදී.මෙහිදී ගුවන් හමුදාවේ ඉතා දක්ෂයෙකු වූ රොජර් වීරසිංහ ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් විය.
  • 1995 අපේ‍්‍රල් 29 වන දින දෙවන ඇව්රෝ යානයද වෙඩි තබා බිම හෙළන ලදී.
  • තුන්වන ඊළාම් යුද්ධයේදී විවිධ ප‍්‍රහාරයන්ට නිරතුරුවම ලක්වූ අතර ඒවායින් ත‍්‍රස්තවාදීන් ද සෙබළුන් ද ඝාතනයට ලක්විය.
  • රිවිරැස කි‍්‍රයාන්විතය.
  • මෙහිදී රිවිරැස කි‍්‍රයාන්විතය සුවිශේෂී වේ.
  • රිවිරැස මෙහෙයුම 1995 ඔක්තෝම්බර් 17 වන දින පලාලි කඳවුරෙන් ආරම්භ විය. අවසානයේදී බි‍්‍රගේඩියර් ජානක පෙරේරාගේ නායකත්වයෙන් යුතු 53 සේනාංකය 1995 දෙසැම්බර් 02 දින යාපනය නගරය අල්ලා ගන්නා ලදී. නිලධාරීන් 16ක් හා සෙබළුන් 337ක් රිවිරැස පළමු පියවරේදී ජීවිතය පූජා කළහ.
  • 1995 දෙසැම්බර් 5 වන දින ශ්‍රී ලංකා ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්තේ උත්සවයක්ද පවත්වා යාපනය කොටුව තුළ ජාතික ධජය එසවුයේය.
  • මෙම සටනින් හමුදා භටයින් සහ කැරළි කරුවන් 2500කට ආසන්න ප්‍රමාණයක් මියගොස් 7000 ක් දෙනා තුවාල ලත් බව රජය ඇස්තමේන්තු කර ඇත.
  • රිවිරැස දෙවන අදියරේදී 1996 අපේ‍්‍රල් 19 වන දින තෙන්නමාරච්චි ප‍්‍රදේශය අත්පත් කර ගැනීම අරමුණ විය.
  • 1996 මැයි 02 දා වන විට තෙන්නමාරච්චි ප‍්‍රදේශය මුදාගත් පසු රිවිරැස මෙහෙයුමේ තුන්වන හා අවසාන අදියර 1996 මැයි 15 වන දින දියත් කෙරිණි. 1996 මැයි 25 දින වන විට පේදුරුතුඩුව, වැල්වටිතුරේ, නෙල්ලිඅඩි ප‍්‍රදේශ ඇතුළු වඩමාරච්චි ප‍්‍රදේශය හමුදාව මුදවා ගනු ලැබිණ.
  • 1996 දී රජය නැවත වරක් තවත් යුද්ධයක් දියත් කළේය.
  • බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තවත් 200000ක් සිවිල් ජනයා පලා ගියහ. කිලිනොච්චි නගරය සැප්තැම්බර් මස 29 අත්පත් කර ගන්නා ලදී. 1997 මැයි 13 දින ආණ්ඩුවේ හමුදාවේ 20000ක් එල්.ටී.ටී.ඊ.ය පාලනය කළ වන්නි ප්‍රදේශය හරහා සැපයුම් මාර්ගයක් විවාත කිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. දෙපාර්ශවයම සිවිල් වැසියන් ඝාතනය කළහ. තුවාල කළහ.
  • උතුරේ දරුණු ක්‍රියා මෙසේසිදුවෙද්දී දකුණේ ජනාකීර්ණ නගරවලද,මහජන ප්‍රවාහන සේවාවන් තුළද වන්නි එල්.ටී.ටී.ඊ. ය විසින් බෝම්බ පුපුපරුවා හරින ලදී.
  • මෙයින් සිවිල් ජනතාව සිය ගණනක් මිය ගියහ. 1996 ජනවාරි මාසයේදී එල්.ටී.ටී.ඊ. ය ඔවුන්ගේ අති දරුණු මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගෙන කොළඹ මහ බැංකුවට ප්‍රහාරයක් එල්ල කළ අතර එයින් 90 දෙනෙකු මිය ගොස් 1400ක් තුවාල ලදහ.
  • 1997 ඔක්තෝබරයේදී ඔවුන් ශ්‍රී ලංකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ අතර
  • 1998 ජනවාරියේදී ට්‍රක් රථයක ඇටවු බෝම්බයක් පුපුරවා හැර ලෝකයේ අති පුජනීය බෞද්ධ සිද්ධ ස්ථානයන්ගෙන් එකක් වුද බුදුන්ගේ දන්ත ධාතුව තැන්පත් කර තිබෙන්නා වුද දළදා මාළිගායට හානි සිදු කළහ.මෙම බොම්බ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් බවට ප්‍රකාශයට පත් කළ අතර ලෝකයේ සෙසු රටවලින්ද එසේ කරන ලෙස දැඩි ලෙස ඉල්ලා සිටියේය. මෙය එල්.ටී.ටී.ඊ.යට අරමුදල් රැස්කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස බලපෑවේය.
  • 1999 දී රජය ‘රණගොස’ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් දකුණු දෙසින් වන්නියට ඇතුලු වීමට උත්සාහ කළේය.හමුදාව ජයග්‍රහන කීපයක් අත්පත් කර ගත්තේය. ඔඩ්ඩුසුඩාන්(ඔත්තන් තුඩුව)සහ මඩු යන ස්ථානයන්හි බලය අල්ලා ගත් නමුත් එල්.ටී.ටී.ඊ.ය එම පෙදෙසින් ඉවත් කිරීමට අපොහොසත් විය.
  • 1999 දී ගෝනගලදී එල්.ටී.ටී.ඊ. ය විසින් සිංහල වැසියන් 50ක් ඝාතනය කරන ලදී.
  • නොනවතින රැල්ල’.
  • 1999 නොවැම්බර් 2වැනි දින එල්.ටී.ටි.ඊ.යට නැවත වරක් ‘නොනවතින රැල්ල’ නම් වු මෙහෙයුමකට මුහුණ දීමට සිදුවිය. වන්නි ප්‍රදේශය මුලුමනින්ම ඉතා වේගයෙන් එල්.ටී.ටී.ඊ.ය අතට පත්විය.
  • එල.ටී.ටී.ඊ ය ප්‍රදේශය තුල සාර්ථක පහර දීම් 17ක් සිදු කළ අතර එය පරන්තන් (පුරාණතැන්න) හමුදා කදවුර සහ කුරක්කන්කුඩුකුලම් (කුරක්කන් කැලේ වැව) කදවුරේද බලය අල්ලා ගැනිමෙන් අවසාන විය. මෙම සටන් වලින් දහස් ගණන් ජනතාව මිය ගියහ. කැරළි කරුවෝ අලිමංකඩ සහ යාපනය දක්වා උතුරු දෙසට ගමන් ගත්හ. කිලිනොච්චි සහ අවටප්‍රදේශවිලන් ශ්‍රි ලංකා හමුදාවට ගොඩබිමින් හා මුහුදින් තිබුණු සැපයුම් මාර්ග අහුරා දැමීමට එල්.ටී.ටි.ඊ.ය සමත් විය.
  • 1999 දෙසැම්බරයේදී පැවැත්වු මැතිවරණ පුර්ව ප්‍රචාරක රැලියකදී මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු යොදවා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ.ය උත්සාහ කලේය.ඇයට එක් ඇසක් අහිමි විය.
  • එහෙත් ජනාධිපතිවරණයෙන් විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට ඇය සමත් වු අතර ජනාධිපති වශයෙන් දෙවැනි ධුර කාලයකට ඇය තෝරා ගනු ලැබුවාය.
  • යාපනය අර්ධද්වීපය සහ වන්නි ප්‍රදේශය අවුරුදු 17ක් තිස්සෙන් වෙන් කෙරෙමින් පැවතුනු අලිමංකඩ හමුදා කදවුර 2000 අප්‍රේල් 22 දින සම්පුර්ණයෙන් එල්.ටී.ටී.ඊය අතට පත් විය.
  • හමුදාව යාපනය අර්ධවීපයේ දකුණු පෙදෙස අල්ලා ගැනිමට “අග්නි කීල” මෙහෙයුම දියත් කළ නමුත් පරාජය විය. එල්.ටී.ටී.ඊ. ය ඔවුන්ගේ යාපනය දක්වා ඉදිරි ගමන නොකඩවා ගෙන ගිය අතර යාපනය ඔවුන් අතට පත්වේයයි බොහෝ දෙනා බිය වුහ. ‍
  • එහෙත් හමුදාවට එල්.ටී.ටී.ඊ. ආක්‍රමණය සාර්ථකව මැඩ පැවැත්වීමටත් යාපනය නගරයේ බලය අත්පත් කර ගැනීමටත් හැකිවිය.
  • සටන් විරාම ගිවිසුම.
  • 2001 බලයට පත් ආණ්ඩුව යුද්ධය වෙනුවට සාම මාවත හරහා යුද්ධයට තිරසාර විසඳුමක් සෙවීමට උත්සාහ ගත්හ.
  • මීට පෙර ඇතිකර ගත් සාම සාකච්ඡා වලට වඩා වෙනස් අයුරකින් මෙය මෙහය වූ අතර ඒ සඳහා ජාත්‍යන්තර අවධානයද විශාල වශයෙන් යොමු විය. නෝර්වීජියානු පහසුකම් හා ජාත්‍යන්තර සහය ඇතිව පැවතුණු 2002-2003 සාම කි‍්‍රයාවලිය 2006 වන විිට යළිත් පණගැන්විය නොහැකි ලෙස අඩපණ විය.
  • දෙපාර්ශවය විසින්ම සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළේය.
  • 2005 නොවැම්බර් මාසයේ දී සිංහල ජාතිකවාදී බලවේගවල සහයෝගය මත බලයට පත් වූ මහින්ද රාජපක්ෂ එල්ටීටීඊ ය සමඟ සාකච්ඡා නැවතත් ආරම්භ කිරීමට උත්සාහ ගත්තේය.
  • 2006 වසර මුලදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී සාකච්ඡා වට දෙකක් පැවතුනත් ඒවායින් එතරම් ප‍්‍රතිඵල ලැබුනේ නැත.
  • අප‍්‍රකාශිත යුද්ධය.
  • මේ වන විට පාර්ශව දෙකම පැමිණ තිබූ නිගමන ලෙස පෙනුනේ තම තමන්ගේ ඒක පාර්ශවීය අරමුණු ඉදිරියට දැමීමට තිබුනු හොඳම විකල්පය යුද්ධය යන්න බවයි.
  • 2002 පෙබරිවාරි මස අත්සන් කළ සටන් විරාම ගිවිසුම 2008 ජනවාරි වන තෙක් පැවතුණි.
  • යුද්ධය නැවත ආරම්භ වන අතර දෙපාර්ශවයම සටන් විරාම ගිවිසුමේ පාර්ශවකරුවන් හැටියට දිගටම සිටියහ.
  • 2006 මැදදී ආණ්ඩුවත් එල්ටීටීඊ යත් තරමක මහා පරිමාණ යුද්ධයකට එළඹුනේ සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වන්නේ නැතිවය.
  • මේ නිසා 2006 සහ 2007 වසර වලදී ලංකාවේ යුද්ධය අප‍්‍රකාශිත යුද්ධයක් ලෙස පවතුනි.(Y.W.B).
"https://si.wikipedia.org/w/index.php?title=තෙවන_ඊලාම්_යුද්ධය&oldid=469364" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි