ගාල්ල - උඩුගම මාර්ගයේ කි.මි. 20 ක් පමණ දුරින් හමුවන සුන්දර ගම්මානයකි. තේ වගාව ප්‍රධාන කොට ඇති සෙසු ආදායම් මාර්ග ඇති මධ්‍යම පාන්තික ජනතාවක් දක්නට ලැබේ. ගම්මානය වර්තමානයේ ග්‍රාම නිලධාරී වසම් හතරක් යටතේ යක්ලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පාලනය කරනු ලබයි. ඉපැරණි විහාර තුනකින් හා ප්‍රාථමික හා ද්විතීයික පාසල් කිහිපයක් සහිත මෙහි කලාකරුවන්ගේ උපන් බිමක් බව කිව හැකිය. එදා සිරිපාද වන්දනාව සදහා තෙල් මුරයක් ලබා දුන් ගම අද තෙල්ලඹුර නමින් පවතින බව පැරැන්නන්ගේ මතයයි.

"https://si.wikipedia.org/w/index.php?title=තෙල්ලඹුර&oldid=469361" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි