තාක්ෂණික නොවන වදන්වලින් ප්‍රකාශ කරන ලද HDTV හි වාසි

අධි විභේදන රූපවාහිනී (HDTV) ඒවාට විභේදන පේළි වැඩි ගණනක් තිබෙන නිසා සම්මත රූපවාහිනීවලට වඩා වැඩි රූප තත්වයක් ළඟා කර ගනී. දෘශ්‍ය තොරතුරු 2-5 වාරයක් තියුණු වේ. එසේ වන්නේ පරිලෝකන රේඛා අතර වූ හිඩැස් ඉතා පටු වීම හෝ සාමාන්‍ය‍ඇසට නොපෙනීමයි.

ඉලක්කම්වලට ඈඳන ලද “i” මඟින් ඇඟවෙන්නේ අතුරු වියූ බව වන අතර “p” මගින් ඇඟවෙන්නේ ප්‍රගාමී බවයි. අතුරු වියූ පරිලෝකන ක්‍රමයේ දී විභේදන පේළි 1080ක් දෙකට බෙදනු ලැබේ. පළමු පේළි 540 රාමුවක් මත සායම් කරන අතර දෙවන පේළි 540 දෙවන රාමුවක් මත සායම් කෙරේ. එමඟින් කලාප පළල අඩු වේ. ප්‍රගාමී පරි‍ලෝකන ක්‍රමයේ දී වඩා විශාල කලාප පළලක් මත තත්පරයට රාමු 60ක සීඝ්‍රතාවයකින් විභේදන පේළි 1080ම එකවර දර්ශනය වේ.

සාමාන්‍යයෙන් විකාශනය කරන HDTV වීඩියෝ සංඥාවල ශබ්ද පටය ඩොල්බි ඩිජිටල් 5.1 සරවුන්ඩ් ශබ්ද ආකාර වන අතර එමඟින් සම්පූර්ණ විසිරි ශබ්ද හැකියාවක් ලබා දේ. STBC රූපවාහිනී සංඥාව ඇතුළත් වන්නේ එක් චැනලයක් භාවිතා කරන හෝ චැනල 2ක් භාවිතා කරන හෝ ඒ දෙකම ඇතුළත් ශ්‍රව්‍ය සංඥාවයි. චැනල 2කින් යුත් විකාශන ඩොල්බි සරවුන්ඩ් ශ්‍රව්‍ය සංඥා මඟින් කේතනය කළ හැක. බ්‍රසීලය මඟින් ISDB – T ජපාන සම්මතය වීඩියෝ සම්පීඩනයේ දී H.264 AVC Mpeg4 part 10 දක්වා හා ශ්‍රව්‍ය සම්පීඩනයේ දී HE-AAC දක්වා යාවත් කාලීන කරන ලදී. එලෙස සිදු කරන ලද්දේ ඩොල්බි විවෘත නොවන හා H.264 AVC Mpeg4 වලට වඩා මිළෙන් අධික වන නිසාය. ඉන්පසු ඔවුන් යාවත් කාලීන කරන ලද සම්මතය ISDB-Tb නැවත නම් කළ අතර එය වර්තමානයේ අන්තර්ජාතික ISDB-T සම්මතය බවට පත්ව ඇත.