ත්‍රස්තවාදයට විරුද්ද සටනේ අනපේක්ෂිත ප්‍රතිඵල

දේශපාලකයන්, ආරක්ෂක විශේෂඥයන්, ප්‍රතිපත්ති සංවිධාන වලින් සමන්විත සැලකිය යුතු පිරිසක් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අනපේක්ෂිත ප්‍රතිඵල ලබාදී ඇති බව පවසයි. මෙම යුද්ධය ඇමරිකාවට එරෙහි සංවිධාන එක්රාහී කිරිමද, අනාගතයේ ඇමරිකාවට හා මිතුරු රටවලට එවැනි පහරදීම් සිදුකිරිමේ ඉඩකඩ වැඩකිරිමද, ත්‍රස්තවාදී බඳවාගැනීම් වර්ධනයට රුකුල්දී ඇති බව ඔවුන් කියයි. 2005 දී ඔක්ස්ෆඩ් පර්යේෂණ කණ්ඩායම සංක්ෂිප්ත වර්තාවකිනන් වාර්තා කරන්නේ.

අල්-කයිඩා හා ඔවුන්ගේ සහයකයන් තවමත් ක්‍රියාශිලී අතර ඔවුන්ට වඩා ශක්තිමත් පදනමක් හා 9/11 පහරදීමට වඩා වැඩි පරහදීම් තීව්‍රතාවයක් දැනට පවතී. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයය ජයගැනීමට වඩා දෙවන ‍ජෝර්ජ් W. බුෂ් පාලනයෙන් යුද හමුදා බළඇණවලට සමාන ක්‍රියාදාමයන් එම පාලනයේ ප්‍රතිපත්ති තුලින් කපා දැමීමක් නොවන අතර සත්‍ය වශයෙන්ම ඇමරිකානු-විරෝධී ප්‍රචණ්ඩත්වය වැඩිවීමක් පමණක් සිදුව ඇත.

බ්‍රිතාන්‍යය ආරක්ෂක අමාත්‍යාංශ්‍ය මඟින් කල පර්යේෂණය දකුණු අප්‍රිකානු ඩේලි ඇන්ඩ් ගාඩියන් (Daily & Guardian) මෙසේ විස්තර කරයි.

"ඉරාක යුද්ධය ලොව පුරා සිටින මුස්ලිම් අන්තවාදීන් බඳවා ගැනීමකට උදව් වී තිබේ. මෙය අල් කයිඩා හට තරුණයන් බඳවා ගැනීමට රුකුල් දෙන දර්ශනවාදයත්, අවශ්‍යතාවයත් හා බලාපොරොත්තුවක් ලෙස ක්‍රියාකර තිබේ."

පීටර් බර්ගන් හා පෝල් ක්රූක් පෑන්ක් (NYU නීති පාසල් නීතිය හා ආරක්ෂාව අංශයේ පර්යේෂකයන්) වාද කර කියා සිටින්නේ ඉරාක යුද්ධයෙන් ඇතිවූ "ප්‍රාණත්‍යාගයේ ගෝලියකරණයය" (Globalization of martyrdom) නිසා වසරක් පාසා සිදුවන ඝාතක ජිහාද් පහරදීම් හා අමතර ත්‍රස්තවාදී පහරදීම් ගණන හා සිවිල් ජනයාගේ අතුරුදහන් වීම් වැඩි වූ බවයි.

වසර 2007 දී ජාතික බුද්ධි අංශ ඇස්තුමේන්තුව (National Intelligence Estimate) පහත ප්‍රධාන තීරණවලට එළඹිණ.

ඉරාක අර්බුදය මුස්ලිම් ප්‍රජාවගේ බලවත් කලකිරීමට හා ඒ හේතුව නිසා ජිහාද් සංවිධානයට ලැබෙන සහය වැඩිවීමකට හේතුවිය. කුඩා සටන්කරුවන් ගණනකින් වුවද සටන ගෙනයාමට තරම් ජිහාද් සංවිධානයේ පෙළඹීම වැඩිවී ඇත.


ද්විත්ව සම්මත (double standards)

අනෙක් පිරිස් ඇමරිකාවේ ද්විත්ව සම්මතය විවේචනයට ලක්කර ඇත. ඔවුන් පවසන්නේ පකිස්ථානය වැනි ත්‍රස්තවාදී කොටස් වලට සහය දෙන රටවල් සමඟ ඇමරිකාව මිතුරු සම්බන්ධකම් පවත්වන බවයි. ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති හමීඩ් කාසයි (Hamid Kazai) පවසන්නේ "ත්‍රස්තවාදයට එරෙහි සටනේ" කේන්ද්‍රය පකිස්ථානය බවයි. ISI එක හරහා තලෙයිබාන් සංවිධානයට ආධාර සපයන බවට පකිස්ථානයට චෝදනා එල්ලවීද තිබේ. මෙම ද්විත්ව සම්මත චෝදනාවන් වලට සිවිල් නිදහස, සිවිල් අයිතීන් හා ත්‍රස්තවාදය යන කාරණා අයත්ය. ඇමරිකානු විද්‍යාඥ්ඥයන්ගේ සංවිධානය කියා සිටින්නේ "ඇමරිකානු පරිපාලනයේ ත්‍රස්තවාදයට එරෙහිව ජනපද ශක්තිය වැඩිකිරීමේ ඉක්මන් වීම නිසා, මානුෂික අයිතීන් උල්ලංඝනය කරන රාජ්‍යයන්ට ආධාර දීම වැලකීම වැනි තීරණ මගහැරී ඇති බවයි.

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පවසන්නේ දේශමාමක පනත මඟින් ඇමරිකානු රජයට පුරවැසියන්ගේ ව්‍යවස්ථාදායක අයිතීන් උල්ලංඝනය කිරීමට නිදහස ලැබී ඇති බවයි. බුෂ් පාලනයේ. අසාමාන්‍යය රඳවාගැනීම්, රහස් සිරගෙවල් හා වධදීම් වැනි ක්‍රියා ත්‍රස්තවාදයට ‍එරෙහි යුද්ධයට විරුද්ධ මතවල බලය වැඩිකිරීමක් සිදුකර ඇත.