ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය - එක්සත් ජනපද පරමාර්ථ සහ යුද උපක්‍රම ගැන විවේචන

ප්‍රමාණික විශේෂඥයෙකු වූ ජෝර්ජ් ලැකෝෆ් මෙසේ කියයි.

“ වෙනත් ජාතියක් රටක් සමග යුද්ධයක් කරන විට හමුදාව පරාජය වීමෙන් යුද්ධය කෙළවර වේ. සාමය සඳහා ගිවිසුම් අත්සන් කෙරේ. එහෙත් ත්‍රස්තවාදය යනු ආවේගශීලි මානසික තත්වයකි. එය අප තුල තිබෙන දෙයකි. එය හමුදාවක් නොවේ. මේ නිසාම ඔබට එය යුදමය වශයෙන් පරාජය කළ නොහැක. එමෙන්ම එය සමග සාම ගිවිසුම්ද අත්සන් කළ නොහැක”

හමුදා නායක ඩේවිඩ් පෙට්රකුස් හට සහ රාජ්‍ය ලේකම් කොන්ඩොලිස්සා රයිස්ට කැරළි සහ ත්‍රස්ත විරෝධී කටයුතු සම්බන්ධයෙන් උපදේශකයෙකු වූ ඩේවිඩ් කිල් කුලන් පහත කරුණු අවධාරණය කරයි.

“ අප අල්ඛයිඩා සහ වෙනත් සටන්කාමී ව්‍යාපාර, ත්‍රස්තවාදය පාවිච්චි කරන ආකාරය අනුව හඳුනා ගත යුතුය. ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා වූ යුද්ධය නම් ලෝක ව්‍යාප්ත ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයට එරෙහි වූ යුද්ධයයි. මෙය විවිධාකාර සංවිධානයන්ගෙන් සැදුම් ලද්දකි. ඒවා ඔවුන්ගේ මූල ධර්මය ලෙස පාවිච්චි කරන්නේ හුදෙක් සංග්‍රාම උපක්‍රම නොව ත්‍රස්තවාදයයි”.

ෆ්‍රැන්සිස් ෆුකුයාමා නම් කලින් සිටි ප්‍රසිද්ධ නව කොන්සර්වේටිව් පාක්ෂිකයා මෙවැනිම කාරණයක් පෙන්වා දෙමින් ‘ත්‍රස්තවාදය මත යුද්ධය යනු ඇමෙරිකාව අද මුහුණ පා සිටින ප්‍රධානම තර්ජනයේ විකෘති අදහස් වල ප්‍රථිපල ඇති කරන වැරදි යෙදුමකි. මේ අනුව ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය යනු සබ්මැරීන් වලට එරෙහිව කරන යුද්ධයක් වැන්නක් මිස ඊට වැඩි අරුතක් ජනිත නොකරයි.

‘ත්‍රස්තවාදය’ යන යෙදුම පිළිනොගත හැකි අපහැදිලි වර්ග කිරීමක් කර තිබේ. මත් ද්‍රව්‍ය සහ අපරාධ යන කාරණය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාල මෙසේ නිරීක්ෂණය කරයි. “ත්‍රස්වාදය විග්‍රහ කිරීම් සම්බන්ධයෙන් තිබෙන එකඟතාවයන්ගේ අඩුව අන්තර් ජාතික වශයෙන් අර්ථවත් ප්‍රතික්‍රියාවක් දැක්වීමට ප්‍රධාන බාධාවක්ව පවති. උපහාසයෙන් අදහස් දක්වන තැනැත්තන් කියන්නේ ‘එක් රටකට ත්‍රස්තවාදය තවත් රටකට විමුක්ති කාමීන්ගේ සටනක්ය’ යනුවෙනි.

මීට ප්‍රතිවිරුද්ධව ඉරානය, ලෙබනන් සහ වැනිසියුලාව වැනි රාජ්‍යයන් “ත්‍රස්තවාදය” යන යෙදුම ස්ථිරවම පාවිච්චි කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කරන ලබන ක්‍රියාවන් හැඳින්වීම සඳහාය.

තවත් විවේචන වලින් කියැවෙන්නේ ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය යනු නොනවතින අරගලයක් ය යනුවෙනි. එයට හේතුව ඕනෑම ත්‍රස්තවාදි කණ්ඩායමකට ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක විය හැකිය. “ලෝකයේ තිබෙන සෑම ත්‍රස්තවාදි තිප්පොලක්කම සොයා ගෙන පරාජය කරන තෙක් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ නිමාවක් නොපෙනෙන්නේ” යැයි ජනාධිපති බුෂ් කීය. 2007 ජුලි මසදි බ්‍රිතාන්‍යයේ නව අගමැති ගෝඩ්න් බ්‍රවුන් එක්සත් ජනපදයට පැමිණි අවස්ථාවේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය යනු අල් ඛයිඩාවට විරුද්ධව කරණ යුග යුග පවතින යුද්ධයකි,යනුවෙන් ප්‍රකාශ කළේය.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/War_on_terror#Criticisms_of_U.S._objectives_and_strategies