ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය-ඉරාක යුද්ධය

ඉරාක යුද්ධය යනු 2003 මාර්තු 20 දින ඇමරිකා එක්සත් ජනපදය පෙරටුව ඉරාකය ආක්‍රමණය කිරීමත් සමඟ ඇරඹි දිගින් දිගටම පවතින අර්බුදයකි. මෙම ආක්‍රමණයේදී ඇමරිකාව එක්සත් රාජධානිය හා අනෙකුත් සහයක රටවල් වන ඕස්ට්‍රේලියා, ඩෙන්මාක් හා පෝලන්ත සමඟ බහුජාතික සන්ධානයක් පිහිටුවා ගෙන තිබේ. ඉරාක යුද්ධය, "ඉරාකය මුදාගැනීමේ ක්‍රියාදාමය" හා ඉරාකය නිදහස් කරගැනීමේ සටන යන නම්වලින්ද හඳුන්වයි.

මෙම ආක්‍රමණයට ප්‍රධාන හේතු දෙක ලෙස ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් W. බුෂ් දක්වා තිබෙන්නේ ඉරාකය ත්‍රස්තවාදී අල්-කයිඩා සංවිධානයට සහයදීම හා විශාල මනුෂ්‍ය ඝාතක අවි (mass destruction weapons) ඉරාකය සත්‍රව පැවතීමයි. මෙය 1991 සම්මුතියට විරුද්ධ අතර මෙම චෝදනා වලට ඇමරිකාවේ බුද්ධි අංශය මගින් සහය ලැබිණ.

යුද්ධය ආරම්භයේදී ඇමරිකානු බලධාරීන් ඉරාකය ඇමරිකාවට, එහි ජනතාවට, මිතුරු රටවල්වලට හා එහි පැවැත්මට දැඩි තර්ජනයක් බව පෙන්වා දෙන ලදී. මෙම මතයට සහය දෙන බුද්ධිමය අංශ දැඩිව විවේචනයට ලක්වූ අතර ආයුධ පරීක්ෂකයන්ට මනුෂ්‍යය ඝාතන අවි පිළිබඳ කිසිම සාක්ෂියක් නොලැබිණ. ආක්‍රමණයෙන් අනත්‍රරුව, ඉරාක සමීක්ෂණ කණ්ඩායම (Iraq Survey Group) ඉරාකය තම ඝාතන අවි වැඩසටහන 1991 අවසන් කල බවත්, ආක්‍රමණය සිදුකරන මොහොතේ කිසිදු අවියක් ඉරාකය සතුව නොතිබු බවත්, අවශ්‍යය සහනාධාර ලැබුණු පසු නැවත එම ආයුධ නිපැයීමට අදහස් කරගෙන සිටි බවත් තීන්දු කර සිටියේය. තත්වයෙන් අඩු, අතහැර දමන ලද හෝ නැතිවූ සමහර මනුෂ්‍ය ඝාතක අවි හමුවුවද එය ආක්‍රමණය කිරීමට තරම් ප්‍රමාණවත් වූ ඒවා නොවීය. සමහර ඇමරිකානූ බලධරයින් කියා සිටි ආකාරයේ අල්කයිඩා හා සදාම් හුසේන් අතර සහයෝගයක් පිළිබඳ සාක්ෂිද නොලැබිණි. ආක්‍රමණයට හේතුවූ අනිකුත් හේතු ලෙස බලධරයින් දන්වන්නේ ඉරාකය පලස්තීන මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ට පවුල්වලට ආර්ථිකවව සහයවීම, ඉරාකයේ මානුෂික අයිතිවාසිකම් උල්ලංගනය කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝන කිරීම හා එහි තෙල් ආකරය එනමුත් තෙල් ආකර පිළිබඳ හේතුව අනිකුත් බලධාරීන් ප්‍රතික්ෂේප කර සිටියි.

මෙම ආක්‍රමණයෙන් ඉරාක හමුදාව ඉක්මන් පරාජයක්ද, ජනාධිපති සදාම් හ‍ුසේන් පලායාමද, ඔහුව 2003 දී අල්ලාගැනීම හා 2006 වසරේදී ඔහුව මරණ දන්ඩනයට පත්කිරීමද සිදුවිය. ඇමරිකානු රජය ප්‍රමුඛ සන්ධානය ඉරාකයේ රැඳිසිටිමින් නව ප්‍රජාතාන්ත්‍රික රජයක් ස්ථාපිත කිරීමට උත්සාහගන්නා ලදී. එනමුත් ආක්‍රමණයෙන් පසුව ඇතිවූ හදිසි තත්වය, සන්ධාන හමුදාවන්ට එරෙහිවූ ප්‍රචණ්ඩත්වය, ඉරාකයේ සුන්නි හා ෂියා (Shia) මුස්ලිම් පිරිස් අතර සටන් නිසා සන්ධානය තම හමුදා ඉවත්කරගැනීමට කටයුතු යෙදීය. හමුදා ඉවත් කරගැනීමට මහජන මතයක්ද ගොඩනැගී තිබිණ. මෙම හමුදා ඉවත්කරගැනීමෙන් අනතුරුව රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඉරාක හමුදාවට පැවරිණ. ඉරාක යුද්ධය නිසා මැරුණ ප්‍රමාණය 150,000 සිට මිලියන 1ක් දක්වා යැයි ඇස්තිමේන්තු කර තිබේ.