තලබමන පිත්තක් යනු තලබමන තැටියකැ නිම්වළල්ලේ සවි කැරුණු රෙදෙවි[?] (රේඩියල්) තටිත්තෙකි. එය තලබමන බමනයක් කරකවන්නා වූ ස්පර්ශක වැරෙක් නිපයයි. සෑම තලබමන තැටියකැ මැ පිති රැසෙක් වේ. එ බැවින් ඒවා ගෑසි තලබමන ඇන්ජින්හිදු දියදුම් තලබමනයන්හිදු යෙදා-ගැනේ. දවනයන් විසින් නිපැයෙන වැඩි උණුයුරු, වැඩි තෙරපු ගෑසියෙන් ඔද ලබාගන්නට පිති වගබලාගත යුතු යි. තලබමන පිති බොහෝ විටැ ගෑසි තලබමනයන්හි වන ඉම්කුරු කොටස් වේ. මේ දුකර පරිසරය තුළැ පැවැත්මට, තලබමන පිති සඳහා බොහෝ විටැ සුපිරි මුසු ලොහො වැනි එක්සොටික දෑ යෙදෙන අතර අබතුරු හා බැහැරි හා සිසිලුම සේ මැ තැප්යුරු වැට ආලේපන ලෙස වර්ග කළ හැකි නන් සිසිලුම් පිළිවෙතුදු යෙදා-ගැනේ. දියදුම් තලබමන හා ගෑසි තලබමන හා නොසමත් වීමෙහි ලා මුලටම ගැනෙන හෙයක් වනුයේ පිති තෙහෙට්ටුවයි. යතයුරුවන්හි මෙහෙයුම් පරාසය තුළැ දී දෙදැරුම හා නුගැසුම[?] (අනුනාදය) හා විසින් අනුදැනැවෙන ආතතිය නිසා තෙහෙට්ටුව වෙයි. මේ වැඩි ගතික ආතතීන්ගෙන් පිති පිරිරකිනුව, පිළිලුම් ඩෑම්පර්ස් යෙදේ. සුළං තලබමනයන්හිදු දිය තලබමනයන්හිදු පිති, වෙනස් තතු යටතේ මෙහෙයුමෙහි ලා නිමැවී ඇති. සැමැනියෙන් ඒවා අඩු බෙමුම් වේගයන්ගෙනුදු අඩු උණුයුරුවලිනුදු යුතු යි.

Turbo-Union RB199 විදලු ඇන්ජිමකින් ගත් තලබමන පිත්තක්.
"https://si.wikipedia.org/w/index.php?title=තලබමන_පිත්ත&oldid=688334" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි