තරාවිහ් (Arabic: تراويح‎) යනු සුන්නි නිකායට අයත් මුස්ලිම්වරුන්ගේ අමතර නැමදුමකි. මෙය සිදුවන්නේ රමළාන් (රාමසාන්) මාසයේ පමණක් ඉෂා (රාත්‍රී) සලාතයට අනතුරුව ය.

වෙනත් භාෂාවලින් සංස්කරණය

  • Acehnese: Seumayang Teurawèh
  • Albanian: Namazi teravive
  • Arabic: صلاة التراويح‎, romanized: Ṣalāt al-Tarāwīḥ
  • Azerbaijani: Təravih namazı
  • Bengali: তারাবীহ, romanized: Tarabeeh (taraweeh)
  • Indonesian, Malay, Javanese: Salat tarawih, Solat tarawih
  • Kazakh: Тарауих намазы
  • Persian, Dari: نماز تراويح
  • Serbo-Croatian, Bosnian: Teravih-namaz; Teravija
  • Somali: Salaada Taraawiixda
  • Sundanese: Tarawéh
  • Turkish: Terâvih namazı
  • Urdu: نماز تراويح‎, romanized: Namāz Tarāvīḥ
  • Uzbek: Tarovih namozi

හැදින්වීම සංස්කරණය

තරාවිහ් සලාතය රකාඅත් දෙක බැගින් අවම වශයෙන් රකාඅත් 8ක් හෝ උපරිම රකආත් 20ක් හනෆි හා ෂාෆි යන මද්හබ් (අනු නිකායන්) වලට අයත් මුස්ලිම්වරු මගින් නමදිනු ලැබේ. මෙහිදි රකඅත් 2ක් වශයෙන් කඩා නමදින අතර රමළාන් මාසය ආරම්භ වූ බව සනිටුහන් කරන චන්ද්‍රයා දිස්වූ රැයේ දී ආරම්භ වේ. එමෙන්ම ඊදුල් ෆිත්ර් හෙවත් උපවාස උත්සවය දිනය සනිටුහන් කරන චන්ද්‍රයා දිස්වූ කළ එදින රැයේදී මෙම සලාතය නොපැවත්වේ. වසරකට දින තිහක් එනම් එක් මසක් මෙම නැමදුම සිදුකෙරේ. එක් රකඅතයකට ශුද්ධ වූ අල්කුර්ආනයේ පාඩම් 114න් එක බැගින් ගෙන මුළුමුනින් 20 ක් පාරායනා කර පරිච්ඡේදයක් අවසන් කරනු ලැබේ. සමහර මස්ජිදයන්හී දිනකට එක් පරිච්ඡේදය බැගින් දින තිහට සම්පූර්ණ කුර්ආනය පාරායනා කරන අතර හදිසි අවස්ථා හා දුෂ්කර ස්ථානවල ඇති පල්ලි යන හේතුන් නිසා කුඩා පාඩම් 20 කින් අවසන් කරනු ලැබේ.

ව්‍යුහය සංස්කරණය

සුන්නි මුස්ලිම්වරුන්ගේ තරාවිහ් සලාතය එක්කාසුවන සේ කියාමුල් ලෙයිල් යනුවෙන් තවත් නැමදුමක් සිදුකරනු ලැබේ. සමහර සුන්නි මුස්ලිම්වරුන්ට මෙය සුන්නත් මුඅක්කදාවක් වේ. සුන්නත් මුඅක්කදා යනු ආගමෙන් බලකරන ලද නමුත් නොකිරීමෙන් පව් නොසිදුවන ක්‍රියාවන් ය. මුහම්මද් තුමා (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) විසින් මෙම සලාතය අඛණ්ඩව සිදුකරනු ලැබිය. එතුමාගේ අනුගාමිකයන්ද නොවරදවාම ඉටුකළහ. සමහර මුස්ලිම් නිකායන් හා අනුනිකායන් වලදී මෙම නැමදුම බිද්අත් (පාපයකට මුදුනක්) බව මත පවතී.

 
ටියුනීසියාවේ කෛරොවුන් නුවර තරාවිහ් සලාතය
 
තායිවානයේ තායිපේ නුවර මහා පල්ලියේ තරාවිහ් සලාතය
"https://si.wikipedia.org/w/index.php?title=තරාවිහ්_සලාතය&oldid=435767" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි